එ
සිංහල වර්ණමාලාවේ තෙළෙස්වන අක්ෂරයයි. එය පණකුරකි. ව්‍යඤ්ජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමේ දී ගාත්‍රාක්ෂරයෙහි හල්භාවය දක්වන ලකුණ ඉවත් කොට අකුරට මුලින් කොම්බුවක් (නි. ක්+එ=කෙ) යොදනු ලැබේ. එකාරය උගුරෙන් සහ තල්ලෙන් උපදින බැවින් කණ්ඨතාලුජාක්ෂරයක් වෙයි. ස්ථාන දෙකක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ද්විජාක්ෂරයක් ද වෙයි. සංස්කෘත භාෂාවෙහි එකාරයාගේ උච්චාරණය දීර්ඝ, ප්ලුත වශයෙන් දෙවැදෑරුම් වෙයි. පාලි භාෂාවෙහි එකාරය දීර්ඝ ස්වරයක් හැටියට හඳුන්වා ඇතත් සංයෝගයකින් පූර්වයෙහි හ්‍රස්වව උච්චාරණය කරනු ලැබේ. නි. එත්ථ; සෙට්ඨ
පැරණි හා මධ්‍ය ඉන්දියානු යුගයෙහි දක්නා සියලු ම දීර්ඝ ස්වර සිංහලට ඊමෙහි දී හ්‍රස්ව වී සිටීම සාමාන්‍ය රීතියි. මෙසේ සකු පාලි ප්රාකෘත භාෂාවන්හි දක්නා ඒකාරය සිංහලයෙහි එකාර වී සිටී. නිදසුන්: සං. ආක්ෂෙප, පා.අක්ඛෙප, ප්‍රා.අක්ඛෙව>අකෙව්; සං.ආලෙපන>අලෙව්; සං.ඒරණ්ඩ>එරඬු,එඬරු; සං.ප්‍රෙම>පෙම්; සං.පා.වෙදනා>වෙයින්. සකුවෙහි දක්නා ඓ යනු ද සිංහලයෙහි බෙහෙවින් “එ” යී සිටී. නි. ඓරාවණ>එරවණ; කෛලාස>කෙලෙස්; ශෛවාල>සෙවෙල්. සකු පාලි වචනවල යෙදෙන-අය-යනු ද නොයෙක් විට සිංහලයෙහි “එ” යී සිටී. නි. විජයබාහු>විජෙබා. තවත් විවිධ නයින් සිංහලයට ආ “එ” කාර භාෂාවෙහි දක්නට ලැබේ.
උදා.පා.සොත්ථීය>සෙත්;සං.භොවාදි>බෙවැදි;සං.පඞ්ක්ති,පා.පන්ති>පෙත්;සං.ශාන්ති>සෙත්:සං.චාමර>සෙමර; සං.ඡායා>සෙය, සේ.