"ලණු (වැල්) ඔංචිල්ලාව:" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දික් රැහැනක දෙකොන රියනක් පමණ පරතරය තබා ඉහළ ගැට...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

18:41, 19 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය

දික් රැහැනක දෙකොන රියනක් පමණ පරතරය තබා ඉහළ ගැට ගැසීමෙන් බිම අසලින් එල්ලා වැටෙන්නට සලසා ලූ පොට ලණු ඔංචිල්ලාවයි. ඉඳගැනීමේ හෝ සිට ගැනීමේ පහසුව සඳහා ලෑලි කෑල්ලක්, පොල්පිති කෑල්ලක් වැනි ආධාරකයක් සමහරවිට ඔංචිල්ලාවට යොදනු ලැබේ. රුකුලු ගෙන පදින්නට දන්නා අය බොහෝ ඉහළට පැද යා හෙන දික් ඔංචිල්ලා පැදීමට කැමැත්තාහ. මොවුන් තවකෙකු හිඳුවා ගෙන ද පඳිනු පෙනේ. රුකුලු ගනිමින් පදින්නට දන්නා දෙදෙනකු ඔංචිල්ලාවෙහි මුහුණට මුහුණ ලා සිටගෙන මාරුවෙන් මාරුවට රුකුලු ගනිමින් බලාසිටින්නන් ලොමුදහගන්වන සැටියේ ඉතා ඉහළ පැදයන අවස්ථා ද වෙයි. මෙබඳු ඔංචිල්ලා බැඳෙන්නේ සාමාන්‍යයෙන් සිංහල අවුරුදු කාලයෙහිය; බොහෝදෙන පහසුවෙන් ඇදී එන එළිමහන් තැනක පිහිටි උස් ගසකය. මේ ඔංචිල්ලා පිණිස සාමාන්‍යයෙන් යෙදෙන්නේ කඹ හෝ කල, කිරිඳි වැනි සවිමත් වැල්ය. වැල්වලින් ද බැඳගන්නා නිසා මේ වර්ගයේ ඔංචිල්ලා වැල් ඔංචිල්ලා නමින් ද හැඳින්වේ.