"කැටකෑලේ කුමාරිහාමි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වාගොල්ලේ සටනේ දී ඉංග්‍රීසීන්ට විරුද්ධන ශ්‍රී...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:18, 17 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

වාගොල්ලේ සටනේ දී ඉංග්‍රීසීන්ට විරුද්ධන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පක්ෂව තුන්හිඳ, වෙල්ලස්ස, වැල්ලවාය, වලපනේ, කොත්මලේ හා හේවාහැට සේනා මෙහෙය වූ වීර කුල කාන්තාවයි. වන රාජසිංහ රජුගේ සහෝදර කුමාරසිංහයන්ගේ පරම්පරාවෙන් අසම්භින්නව පැවත ආහයි පැවසෙන ඕතොමෝ යුද සරඹයෙහි නිපුණව සිටියාය. තම පවුලේ පිරිමියකු නොවූ හෙයින් ඇය සුදු අසකු අරා මෙකී අවස්ථාවෙහි සේනා මෙහෙයවීමෙහි යෙදුණු බව කියති. සටන ජයග්‍රහණයෙන් අවසන් වීහෙන් පසු රජු ඕහට ‘කැටකැලේ බණ්ඩාර බඩුව’ යන නම පටබැඳ රන් සුණුවලින් නළල් තළය ආලේප කිරීමේ පූර්ණ අවසරය ද දුන් බව කියනු ලැබේ.

-ඩී. පී. පොන්නම්පෙරුම-