"කලුදෑකඩ දෙවි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('යකුන් දමනයෙහි සමත්, බලසම්පන්න දෙවියෙකි. වන්නි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:20, 17 ඔක්තෝබර් 2016 තෙක් සංශෝධනය

යකුන් දමනයෙහි සමත්, බලසම්පන්න දෙවියෙකි. වන්නි ප්‍රදේශයේ ජනයාගේ ඇදහීමට ලක්ව ඇති මෙම දෙවියන්ගේ අණසක වඩාත් ම පවතිනුයේ මින්නේරි ප්‍රදේශයේ බව පෙනේ. මොහුගේ උපත පිළිබඳ කථා ප්‍රවෘත්තිය හ්‍යු නෙවිල්ගේ සිංහල පද්‍ය (Sinhala Verse) නම් පොතේ ‍සඳහන් වේ. මෙම දෙවිඳුන්ට පූජා පිණිස වන්නි ජනයා මුට්ටි නැවුම් මංගල්ලය නොහොත් මුට්ටි කිරි ඉතිරීමේ මංගල්ලය යන ‍නමින් හැඳින්වෙන පූජාවක් කරති.