"ඌවේ බණ්ඩාර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
('අලුත්නුවර දෙවි (බ.) හෙවත් අලුත්නුවර දේවතා බණ්ඩ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
18:17, 13 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය
අලුත්නුවර දෙවි (බ.) හෙවත් අලුත්නුවර දේවතා බණ්ඩාර දෙවියෝ හෙවත් දැඩිමුණ්ඩ නමින් හඳුන්වනු ලබන දෙවියාට භාවිත කරනු ලබන තවත් නමකි. මේ දෙවියා ඌවේ බණ්ඩාර නමින් ඌව ප්‍රදේශවාසීහු හඳුන්වති.
සොළීන් විසින් ලංකාව පාලනය කරනු ලැබූ අවදියේ දී ඔවුන්ගෙන් පැහැරගනු ලැබූ පළාත්වල ආරක්ෂකයා සහ අණදෙන නිලධාරියා ලෙස යොදනු ලැබූ දැඩිමුණ්ඩ දෙවි ඌවේ පදිංචිව සිට එහි පාලනය ගෙන ගියේය. එහෙයින් ම ඔහු ඌවේ බණ්ඩාර යන ගරු නාමයකින් හැඳින්වූ බව සාමාන්‍ය විශ්වාසය වේ. එකල ඔහුගේ ස්ථීර පදිංචිය වූයේ ඌවේ උඩුකිඳය. අද ද එහි ඌවේ බණ්ඩාරගේ බලය උසස් කොට සැලැකේ. මොහු විසූහයි සැලකෙන ස්ථානයක් නුවරඑළිය අසල හග්ගල කන්දේ ද ඇතැයි විශ්වාස කරත්. ඌවේ බණ්ඩාර වෙනුවෙන් ඉදි කරනු ලැබූ දේවාල මාදෝවිට, විදුරුපොළ, කොටවෙර, කිරිවානාගම හා බලගල ද ඇත.