"එළුවන් ඇල්ලීම" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ගැහැනු ළමයින්ට අතිශය විනෝදය ගෙන දෙන ඉපැරණි ගම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
3 පේළිය: 3 පේළිය:
 
කොටියා එළුවන්ගේ ඉව අල්ලා තැනින් තැනට ගොස් වැට ද පරීක්ෂා කර බලන අතර එළුහිමියන්ගෙන් “මේ වැල මොකදෝ”යි අසයි. ඔහු එසේ අසන සෑම වාරයක් පාසා එළුහිමියෝ පිළිවෙළින්
 
කොටියා එළුවන්ගේ ඉව අල්ලා තැනින් තැනට ගොස් වැට ද පරීක්ෂා කර බලන අතර එළුහිමියන්ගෙන් “මේ වැල මොකදෝ”යි අසයි. ඔහු එසේ අසන සෑම වාරයක් පාසා එළුහිමියෝ පිළිවෙළින්
 
   
 
   
“දම්වැල නොවේදෝ”
+
“දම්වැල නොවේදෝ”<br>
“කිඳිවැල නොවේදෝ”
+
“කිඳිවැල නොවේදෝ”<br>
 
“මදුවැල නොවේදෝ” යයි එක හඬින් පිළිතුරු දෙති.
 
“මදුවැල නොවේදෝ” යයි එක හඬින් පිළිතුරු දෙති.
  

18:49, 13 සැප්තැම්බර් 2017 තෙක් සංශෝධනය

ගැහැනු ළමයින්ට අතිශය විනෝදය ගෙන දෙන ඉපැරණි ගම්බද ක්‍රීඩාවකි. මෙයට සහභාගි වන්නන්ගෙන් එක් කොටසක් එළුවෝය. තවත් කොටසක් එළුවන් වට කොට වැටක් සේ අත්වැල් බැඳගෙන එළුවන් රක්නා එළුහිමියෝය. ඊළඟට එළු දඩයමේ ආ කොටියෙකි.

කොටියා එළුවන්ගේ ඉව අල්ලා තැනින් තැනට ගොස් වැට ද පරීක්ෂා කර බලන අතර එළුහිමියන්ගෙන් “මේ වැල මොකදෝ”යි අසයි. ඔහු එසේ අසන සෑම වාරයක් පාසා එළුහිමියෝ පිළිවෙළින්

“දම්වැල නොවේදෝ”
“කිඳිවැල නොවේදෝ”
“මදුවැල නොවේදෝ” යයි එක හඬින් පිළිතුරු දෙති.

වැට ශක්තිමත් බව වටහා ගන්නා කොටියා එළුහිමියන් සමඟ මිත්‍ර සංවාදයක යෙදෙන්නේ තමා අතරමඟ දී දුටු දේ විස්තර කරමිනි. “කුරුලු කූඩු කූඩු දුටිම්

ගිරා කූඩු කූඩු දුටිම්” ආදි වශයෙන් ඔහු කියන විට ඒවා කිසිවක් ගණන් නොගන්නා එළුහිමියෝ ඒ සෑම ගී පදයක් පාසාම “අපි දුටු කූඩුවක් නැතී” යයි කියති. එවිට කොටියා එළුහිමියන්ගේ සිත් අන් අතකට යොමු කරන්නට තැත් කරමින්

“මේ පුටු කාගේ” “මේ ඇඳ කාගේ” “මේ බත් කාගේ”

“මේ කැඳ කාගේ” යනුවෙන් නොයෙක් දෑ ගැන ප්‍රශ්න කරමින් එළුගාලට රිංගීමට නොඉවසිල්ලෙන් ඇවිදී. ඊට ද නොරැවටෙන එළුහිමියන් කොටියා ප්‍රශ්න අසන සෑම වාරයක් පාසා “බණ්ඩාරේ” යයි පිළිතුරු දෙන්නේ කොටියාගේ බලාපොරොත්තු සුන් වන ආකාරයටය.

“මේ පුටු ඉන්දෝ” යයි අසන විට එළුහිමියෝ “ඉන්ට නොදෙන්දෝ” යයි පිළිතුරු දෙති. කොටියා “මේ ඇඳ ඉන්දෝ”, “මේ බත් කන්දෝ”, “මේ කැඳ බොන්දෝ” යයි අසන සෑම වාරයක දී ම එළුහිමියෝ “ඉන්ට නොදෙන්දෝ”, “කන්ට නොදෙන්දෝ”, “බොන්ට නොදෙන්දෝ” ආදි වශයෙන් පිළිතුරු දෙති. කෝපයෙන් දිලෙන කොටියා තමා ආ කාරණය කෙළින් ම කියා එළුහිමියන් බිය වැද්දීමට හිතාගනී.

“එළුවන් කන්ටයි මං ආවේ” “සාවුන් කන්ටයි මං ආවේ” “ මුවන් කන්ටයි මං ආවේ ”

“ගෝනුන් කන්ටයි මං ආවේ” යයි කොටියා විටින් විට කියයි. ඒ කිසිවකට කන් නොදෙන එළුහිමියෝ ඌට සමච්චල් කරන ආකාරයෙන් කොටියා කියන පදයක් පදයක් පාසා “එළු බෙටි කාපන් සුන්දීරේ” යයි කියති. එය කොටියාගේ කෝපය දෙගුණ තෙගුණ කිරීමට හේතු වූයෙන් කොටියා,

“ එළුවා මරා අපේ ගෙටයි” “ සාවා මරා අපේ ගෙටයි” “ ගෝනා මරා අපේ ගෙටයි” “මුවා මරා අපේ ගෙටයි” ආදි වශයෙන් වහසි දොඩයි. ඒ එක් එක් පදයක් පාසා එළුහිමියෝ “ඒ බඩවැල් තොපේ ගෙටයි” යයි කියති. කොටියා කිසිදු අන්දමකින් සැනසීමක් නැත. උගේ සියලු ප්‍රයත්නයන් ආසාර්ථක වන බව පෙනේ. තමාගේ රෞද්‍ර විලාසය කෙරෙහි හෝ තර්ජනය කෙරෙහි හෝ එළුහිමියන් බිය වන වගක් නොපෙනෙන හෙයින් ඊළඟට එළුහිමියන්ට නෙයෙක් අන්දමින් යදිමින් කන්නළව් කිරීමට කොටියා තීරණය කරයි. නාට්‍යයක ස්වරූපය උසුලන ක්‍රීඩාවේ ඉතා ම දැකුම්කලු ජවනිකාව මෙය වේ. කොටියා තම ගොදුර ලබාගැනීම සඳහා කොපමණ වෑයමක් කරයි ද යන්න මින් පෙනේ.

“මෙහෙම නටන්නම් රලහමි දෙනව ද එළුවා” යයි ඌ නටා පෙන්වයි. එළුහිමියින් කියන්නේ “කොච්චර නැටුවත් නොදෙමුව අපගේ එළුවා” කියාය. එවිට “වටේ දුවන්නම් රලහමි දෙනවද එළුවා” යයි කොටියා වටේ දුවමින් අසයි. එයට ද ලැබෙන පිළිතුර “කොච්චර දිව්වත් නොදෙමුව අපගේ එළුවා” යන්නයි. ඊළඟට කොටියා “කැළේ දුවන්නම් රලහමි දෙනවද එළුවා” කියමින් කැළේ දුවන්නට තැත් කරමින් ද “මෙන්න වැන්ද රාලහාමි දෙනවද එළුවා” කියමින් එළු හිමියන්ට වඳිමින් ද එළුවා ඉල්ලයි. එහෙත් එළුහිමියෝ “කොච්චර දිව්වත් නොදෙමුව අපගේ එළුවා” හා “කොච්චර වැන්දත් නොදෙමුව අපගේ එළුවා” කියා කොටියා ඉතා අසීරු තත්වයකට හෙළති. මෙයින් කොටියාගේ කෝපය නිම්හිම් නැති තරමට උත්සන්න වීමෙන් ඌ එළුගාලට කඩා පැනීමට තැත් කරයි. ඌ වැට උඩින් පැනීමට තැත් කරයි. ඌ වැට උඩින් පැනීමට තැත් කරමින් “උඩින් පනිම්” යි කියන විට එළුහිමියෝ “බෙල්ල කැඩෙයි” කියා අනතුරු හඟවති. ඊළඟට යටින් රිංගීමට තැත් කරමින් “යටින් රිංගම්” කියන විට එළුහිමියෝ “තල්ල කැඩෙයි” කියති. මේ සංවාදය කිහිප විටක් කෙරුණු පසු කොටියා කෙසේ හෝ වැට කඩා ගාල ඇතුළට යයි. කොටියා එළුගාලට පිවිසෙනවාත් සමඟ ම එළුවන් කලබල වී එහෙ මෙහෙ දුවන අතර කොටියා ඔවුන් ලුහුබැඳ යයි. කොටියා ගාල ඇතුළට යන විට එළුවන් පිටතට ද කොටියා පිට වන විට එළුවන් ඇතුළට ද යාමෙන් තරගය ඇති වේ. මෙහි දී කොටියා විසින් අල්ලා ගනු ලැබූ එළුවෝ උගේ ගොදුරු වෙත්. මේ අන්දමට හැකි තරම් එළුවන් අල්ලා ගන්නා තුරු ක්‍රීඩාව කරගෙන යති. ක්‍රීඩාව අවසානයේ දී වෙනත් තැනැත්තියක කොටියා ලෙස පෙනී සිටිමින් එළුහිමියන් හා එළුවන් ලෙස සිටි අය තමන්ගේ තැන් මාරු කිරීමෙන් තවත් වටයක් ක්‍රීඩා කළ හැකිය.

මෙම ක්‍රීඩාවේ ඇති වැදගත් ම අංගය වනුයේ ගායනයයි. අවස්ථාවට උචිත පරිදි වෘත්තය වෙනස් කරමින් පද ගායනය කෙරෙන හෙයින් මෙය ගීත නාටකයක ස්වරූපය උසුලයි. එමෙන් ම මෙය ශාරීරික අභ්‍යාසය ගෙන දෙන ක්‍රීඩාවක් ද වේ. එළිමහන් තැනක වනිතාවන් එකතු වූ විට පහසුවෙන් ම විනෝදය ලබාගැනීමට සෙල්ලම් කළ හැකි වන අතර සඳරැසින් බබළන රාත්‍රි කාලයන්හි ගම්බද නිවෙස්වල ගැහැනු පිරිමි ළමයින් එකතුව මිහිරි හඬින් ගී ගයමින් මෙම ක්‍රීඩාවේ යෙදෙනු දැකීම අද පවා ප්‍රිය උපදවන ගම්බද දර්ශනයකි.

ඉන්දියානු ගම්බද ක්‍රීඩාවක් වූ “කොටියා හා බැටළුවෝ” කෙළිය මෙයට ඉතා ම සමානය. එක ම වෙනස නම් ළමයින් විසින් කොටුවක් සෑදීම වෙනුවට පොළවෙහි අඳින ලද වෘත්තයක් තිබීම පමණි.