"කූරුව" හි සංශෝධන අතර වෙනස්කම්
චමිල ලියනගේ (කතාබහ | දායකත්ව) |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
සිංහල රජ කාලයේ දී අලි ඇතුන් පිළිබඳ කටයුතු කළ මණ්ඩලය හෝ නිලය මෙනමින් හැඳින්විණ. | සිංහල රජ කාලයේ දී අලි ඇතුන් පිළිබඳ කටයුතු කළ මණ්ඩලය හෝ නිලය මෙනමින් හැඳින්විණ. | ||
− | අලි ඇතුන් ඇල්ලීම් ආදිය කරන්නා යන අර්ථයෙහි යෙදෙන ‘කුරු’ යන්නෙන් | + | අලි ඇතුන් ඇල්ලීම් ආදිය කරන්නා යන අර්ථයෙහි යෙදෙන ‘කුරු’ යන්නෙන් ‘කූරුව’ සිද්ධ වී යයි සැලකේ. දකුණු ඉන්දියානු ලිපිවල යෙදෙන ‘කූරුවෛ’ ශබ්දය සිංහලට ‘කූරුව’ වී යයි ද ඇතැමෙක් සලකති. |
− | ඇතුන් බැඳීම, ඇතුන් හික්මවීම හා ඇතුන් ආරක්ෂා කිරීම කූරුව රාජකාරියට අයත් විය. පරාක්‍රමබාහ රජතුමා විසින් | + | ඇතුන් බැඳීම, ඇතුන් හික්මවීම හා ඇතුන් ආරක්ෂා කිරීම කූරුව රාජකාරියට අයත් විය. පරාක්‍රමබාහ රජතුමා විසින් අටකූරුව ව්‍යවස්ථා කළ බව නිකාය සංග්‍රහයේ ද විමලධර්ම රජු දවස සිවුකූරුවක් තිබූ බව සුළු පූජාවලියෙහි ද සඳහන් කර ඇත. කලින් කලට කූරුව සංඛ්‍යාව වෙනස් වූ බව මෙයින් සිතාගත හැකිය. කූරුවෙ නිලධාරි මණ්ඩලයේ ප්‍රධානියා වූ ගජනායක නිලමේ මහනුවර පෙරහැරේ දෙවැනි තැන ගමන් ගත් බව ආනන්ද කුමාරස්වාමි සලකතත් ඔහු මුලින් ම ගමන් කළ බව සාමාන්‍යයෙන් සැලකේ. කූරුවේ ලේකම්, කූරුවේ දිසාව, ඇත්බන්දනේ මුදලි යන නාමයන්ගෙන් හැඳින්වුණු ඇතුන් ඇල්ලීම බාරව සිටි නිලධාරියා ගජනායක නිලමේ යටතේ සිටි නිලධාරියෙකි. සාමාන්‍යයෙන් සතර කෝරළයේ දිසාව යටතේ මේ අංශය පැවති නමුත් රජතුමාට අවශ්‍ය නම් වෙනත් කෙනකු පත් කිරීමට ද හැකි විය. තමා යටතේ ඉන්නා නිලධාරීන් පිළිබඳව කටයුතු කිරීම, අලි ඇතුන් ඇල්ලීම පිළිබඳ කටයුතු හා ඒ පිළිබඳව ගබඩා නිලමේට වාර්තා සැපයීම ගජනායක නිලමේ සතු රාජකාරි විය. කූරුවේ විදානෙ මෙම අංශයේ දෙවැනියා විය. කූරුවේ ලේකම්ට සහාය වූ ඔහු මණ්ඩලයේ කටයුතු සංවිධානයත් පහත් නිලධාරීන්ගේ රාජකාරීත් ගැන සොයා බැලීය. ලේකම් හා විදානෙ මෙම කාර්යාංශය මුළුමනින් ම නියෝජනය කළ අතර අවශේෂ අය ඒ ඒ කොටස් පමණක් නියෝජනය කළහ. මොවුන් අතර කංකානම්වරු, උපලේකම්වරු ආදීහු වූහ. අලි ඇතුන් හීලෑ කළ කූරුවේ මිනිස්සු රජුගේ ඇත් පන්තිය රැක බලාගැනිම ද අලි ඇතුන්ට ආහාර සැපයීම ද කළහ. |
-පණ්ඩුල ඇඳගම- | -පණ්ඩුල ඇඳගම- |
15:28, 15 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය
සිංහල රජ කාලයේ දී අලි ඇතුන් පිළිබඳ කටයුතු කළ මණ්ඩලය හෝ නිලය මෙනමින් හැඳින්විණ.
අලි ඇතුන් ඇල්ලීම් ආදිය කරන්නා යන අර්ථයෙහි යෙදෙන ‘කුරු’ යන්නෙන් ‘කූරුව’ සිද්ධ වී යයි සැලකේ. දකුණු ඉන්දියානු ලිපිවල යෙදෙන ‘කූරුවෛ’ ශබ්දය සිංහලට ‘කූරුව’ වී යයි ද ඇතැමෙක් සලකති. ඇතුන් බැඳීම, ඇතුන් හික්මවීම හා ඇතුන් ආරක්ෂා කිරීම කූරුව රාජකාරියට අයත් විය. පරාක්‍රමබාහ රජතුමා විසින් අටකූරුව ව්‍යවස්ථා කළ බව නිකාය සංග්‍රහයේ ද විමලධර්ම රජු දවස සිවුකූරුවක් තිබූ බව සුළු පූජාවලියෙහි ද සඳහන් කර ඇත. කලින් කලට කූරුව සංඛ්‍යාව වෙනස් වූ බව මෙයින් සිතාගත හැකිය. කූරුවෙ නිලධාරි මණ්ඩලයේ ප්‍රධානියා වූ ගජනායක නිලමේ මහනුවර පෙරහැරේ දෙවැනි තැන ගමන් ගත් බව ආනන්ද කුමාරස්වාමි සලකතත් ඔහු මුලින් ම ගමන් කළ බව සාමාන්‍යයෙන් සැලකේ. කූරුවේ ලේකම්, කූරුවේ දිසාව, ඇත්බන්දනේ මුදලි යන නාමයන්ගෙන් හැඳින්වුණු ඇතුන් ඇල්ලීම බාරව සිටි නිලධාරියා ගජනායක නිලමේ යටතේ සිටි නිලධාරියෙකි. සාමාන්‍යයෙන් සතර කෝරළයේ දිසාව යටතේ මේ අංශය පැවති නමුත් රජතුමාට අවශ්‍ය නම් වෙනත් කෙනකු පත් කිරීමට ද හැකි විය. තමා යටතේ ඉන්නා නිලධාරීන් පිළිබඳව කටයුතු කිරීම, අලි ඇතුන් ඇල්ලීම පිළිබඳ කටයුතු හා ඒ පිළිබඳව ගබඩා නිලමේට වාර්තා සැපයීම ගජනායක නිලමේ සතු රාජකාරි විය. කූරුවේ විදානෙ මෙම අංශයේ දෙවැනියා විය. කූරුවේ ලේකම්ට සහාය වූ ඔහු මණ්ඩලයේ කටයුතු සංවිධානයත් පහත් නිලධාරීන්ගේ රාජකාරීත් ගැන සොයා බැලීය. ලේකම් හා විදානෙ මෙම කාර්යාංශය මුළුමනින් ම නියෝජනය කළ අතර අවශේෂ අය ඒ ඒ කොටස් පමණක් නියෝජනය කළහ. මොවුන් අතර කංකානම්වරු, උපලේකම්වරු ආදීහු වූහ. අලි ඇතුන් හීලෑ කළ කූරුවේ මිනිස්සු රජුගේ ඇත් පන්තිය රැක බලාගැනිම ද අලි ඇතුන්ට ආහාර සැපයීම ද කළහ.
-පණ්ඩුල ඇඳගම-