"ජෛව විවිධත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1 පේළිය: 1 පේළිය:
 
ජීවීන් අතර දැකිය හැකි විවිධත්වය (ජීවී විවිධත්වය = biological diversity) මෙන් ම ජීවයේ පැවැත්ම උදෙසා ජීවීන්, වෙනත් ජීවීන් සමග මෙන් ම මිහිතලය මත පවතින අජීවී සංඝටක සමග ද  ඇති කරගන්නා වූ විවිධ අන්තර් සම්බන්ධතා (interactions) සියල්ලේ ම එකතුවයි. ජීව ලෝකයෙහි දැකිය හැකි සියලූ විවිධත්ව ‘ජෛව විවිධත්වය’යන යෙදුමෙහි ගැබ් ව ඇත.  
 
ජීවීන් අතර දැකිය හැකි විවිධත්වය (ජීවී විවිධත්වය = biological diversity) මෙන් ම ජීවයේ පැවැත්ම උදෙසා ජීවීන්, වෙනත් ජීවීන් සමග මෙන් ම මිහිතලය මත පවතින අජීවී සංඝටක සමග ද  ඇති කරගන්නා වූ විවිධ අන්තර් සම්බන්ධතා (interactions) සියල්ලේ ම එකතුවයි. ජීව ලෝකයෙහි දැකිය හැකි සියලූ විවිධත්ව ‘ජෛව විවිධත්වය’යන යෙදුමෙහි ගැබ් ව ඇත.  
  
  වත්මනෙහි ප‍්‍රචලිත මාතෘකාවක් වන ‘ජෛව විවිධත්වය’ යන යෙදුම ආරම්භ වූයේ මීට දශක 3කට පමණ පෙර දී ය. ඒ, 1986 දී  වොෂින්ටනයේ පැවති ජාතික ජෛව විවිධත්වය සංසදයේ (National Biodiversity Forum) වාර්තාව ලොවට එළිදැක්වීමත් සමග ය. ජීවී සම්පත පරිසරයේ ම කොටසක් ලෙසට සලකමින් එතෙක් අවධානයට ලක් වී තිබුණ ද එයට ජෛව විවිධත්වය යන යෙදුම තුළින් වඩාත් අවධානයක් ලබාදිය හැකි බවට ජාත්‍යන්තර ලෙස සම්මත වීමත් සමග ම ‘ජෛව විවිධත්වය’ යන යෙදුම ජනපි‍්‍රය වීම ඇරඹුණි.  
+
වත්මනෙහි ප‍්‍රචලිත මාතෘකාවක් වන ‘ජෛව විවිධත්වය’ යන යෙදුම ආරම්භ වූයේ මීට දශක 3කට පමණ පෙර දී ය. ඒ, 1986 දී  වොෂින්ටනයේ පැවති ජාතික ජෛව විවිධත්වය සංසදයේ (National Biodiversity Forum) වාර්තාව ලොවට එළිදැක්වීමත් සමග ය. ජීවී සම්පත පරිසරයේ ම කොටසක් ලෙසට සලකමින් එතෙක් අවධානයට ලක් වී තිබුණ ද එයට ජෛව විවිධත්වය යන යෙදුම තුළින් වඩාත් අවධානයක් ලබාදිය හැකි බවට ජාත්‍යන්තර ලෙස සම්මත වීමත් සමග ම ‘ජෛව විවිධත්වය’ යන යෙදුම ජනපි‍්‍රය වීම ඇරඹුණි.  
  
  ජෛව විවිධත්ව කි‍්‍රයාවලිය අද-ඊයේ ලොව පහළ වූවක් නොව වසර මිලියන ගණනාවක සිට සම්භව වූවකි. මිහිතලයේ ජීවය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන පරිසර පද්ධති සේවාවන් (Ecosystem services) කාර්යක්ෂම ව ඉටු කිරීමට වග බලා ගන්නේ ජෛව විවිධත්වයයි. එබැවින් පරිසරය නිරෝගී ව තබා ගැනීමටත් එහි තුල්‍යතාව නඩත්තු කිරීමටත් ජෛව විවිධත්වය ඉතා වැදගත් වේ. මෙපමණක් නොව, රටක ආර්ථිකයේ ස්ථාවරත්වය රඳා පවතින කර්මාන්ත ගණනාවකට මූලද්‍රව්‍ය සපයා දෙන්නේ ද එම දේශයේ ජෛව විවිධත්වයයි. මිහිතලය වර්ණවත් කරමින්, එය ආකර්ෂණීය හා කලාත්මක වාසභූමියක් බවට පත්කිරීමෙහිලා මහඟු සේවයක් ඉටු කරන්නේ ද ජෛව විවිධත්වයයි. මිල කළ නොහැකි තරම් වටිනාකමක් ජෛව විවිධත්වය සතු ව පවතී.
+
ජෛව විවිධත්ව කි‍්‍රයාවලිය අද-ඊයේ ලොව පහළ වූවක් නොව වසර මිලියන ගණනාවක සිට සම්භව වූවකි. මිහිතලයේ ජීවය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන පරිසර පද්ධති සේවාවන් (Ecosystem services) කාර්යක්ෂම ව ඉටු කිරීමට වග බලා ගන්නේ ජෛව විවිධත්වයයි. එබැවින් පරිසරය නිරෝගී ව තබා ගැනීමටත් එහි තුල්‍යතාව නඩත්තු කිරීමටත් ජෛව විවිධත්වය ඉතා වැදගත් වේ. මෙපමණක් නොව, රටක ආර්ථිකයේ ස්ථාවරත්වය රඳා පවතින කර්මාන්ත ගණනාවකට මූලද්‍රව්‍ය සපයා දෙන්නේ ද එම දේශයේ ජෛව විවිධත්වයයි. මිහිතලය වර්ණවත් කරමින්, එය ආකර්ෂණීය හා කලාත්මක වාසභූමියක් බවට පත්කිරීමෙහිලා මහඟු සේවයක් ඉටු කරන්නේ ද ජෛව විවිධත්වයයි. මිල කළ නොහැකි තරම් වටිනාකමක් ජෛව විවිධත්වය සතු ව පවතී.
  
 
   ජෛව විවිධත්වය යන යෙදුමේ අන්තර්ගතය සරලව වටහා ගැනීමට එය අනුපිළිවෙළින් සම්බන්ධ වූ මට්ටම් තුනකට පැහැදිලි කළ හැකි ය. ඒ ජාන විවිධත්වය (genetic diversity), විශේෂ විවිධත්වය (species diversity), සහ පරිසර පද්ධති විවිධත්වය (ecosystem diversity) යනුවෙනි.  
 
   ජෛව විවිධත්වය යන යෙදුමේ අන්තර්ගතය සරලව වටහා ගැනීමට එය අනුපිළිවෙළින් සම්බන්ධ වූ මට්ටම් තුනකට පැහැදිලි කළ හැකි ය. ඒ ජාන විවිධත්වය (genetic diversity), විශේෂ විවිධත්වය (species diversity), සහ පරිසර පද්ධති විවිධත්වය (ecosystem diversity) යනුවෙනි.  

15:23, 10 නොවැම්බර් 2017 තෙක් සංශෝධනය

ජීවීන් අතර දැකිය හැකි විවිධත්වය (ජීවී විවිධත්වය = biological diversity) මෙන් ම ජීවයේ පැවැත්ම උදෙසා ජීවීන්, වෙනත් ජීවීන් සමග මෙන් ම මිහිතලය මත පවතින අජීවී සංඝටක සමග ද ඇති කරගන්නා වූ විවිධ අන්තර් සම්බන්ධතා (interactions) සියල්ලේ ම එකතුවයි. ජීව ලෝකයෙහි දැකිය හැකි සියලූ විවිධත්ව ‘ජෛව විවිධත්වය’යන යෙදුමෙහි ගැබ් ව ඇත.

වත්මනෙහි ප‍්‍රචලිත මාතෘකාවක් වන ‘ජෛව විවිධත්වය’ යන යෙදුම ආරම්භ වූයේ මීට දශක 3කට පමණ පෙර දී ය. ඒ, 1986 දී වොෂින්ටනයේ පැවති ජාතික ජෛව විවිධත්වය සංසදයේ (National Biodiversity Forum) වාර්තාව ලොවට එළිදැක්වීමත් සමග ය. ජීවී සම්පත පරිසරයේ ම කොටසක් ලෙසට සලකමින් එතෙක් අවධානයට ලක් වී තිබුණ ද එයට ජෛව විවිධත්වය යන යෙදුම තුළින් වඩාත් අවධානයක් ලබාදිය හැකි බවට ජාත්‍යන්තර ලෙස සම්මත වීමත් සමග ම ‘ජෛව විවිධත්වය’ යන යෙදුම ජනපි‍්‍රය වීම ඇරඹුණි.

ජෛව විවිධත්ව කි‍්‍රයාවලිය අද-ඊයේ ලොව පහළ වූවක් නොව වසර මිලියන ගණනාවක සිට සම්භව වූවකි. මිහිතලයේ ජීවය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන පරිසර පද්ධති සේවාවන් (Ecosystem services) කාර්යක්ෂම ව ඉටු කිරීමට වග බලා ගන්නේ ජෛව විවිධත්වයයි. එබැවින් පරිසරය නිරෝගී ව තබා ගැනීමටත් එහි තුල්‍යතාව නඩත්තු කිරීමටත් ජෛව විවිධත්වය ඉතා වැදගත් වේ. මෙපමණක් නොව, රටක ආර්ථිකයේ ස්ථාවරත්වය රඳා පවතින කර්මාන්ත ගණනාවකට මූලද්‍රව්‍ය සපයා දෙන්නේ ද එම දේශයේ ජෛව විවිධත්වයයි. මිහිතලය වර්ණවත් කරමින්, එය ආකර්ෂණීය හා කලාත්මක වාසභූමියක් බවට පත්කිරීමෙහිලා මහඟු සේවයක් ඉටු කරන්නේ ද ජෛව විවිධත්වයයි. මිල කළ නොහැකි තරම් වටිනාකමක් ජෛව විවිධත්වය සතු ව පවතී.

 ජෛව විවිධත්වය යන යෙදුමේ අන්තර්ගතය සරලව වටහා ගැනීමට එය අනුපිළිවෙළින් සම්බන්ධ වූ මට්ටම් තුනකට පැහැදිලි කළ හැකි ය. ඒ ජාන විවිධත්වය (genetic diversity), විශේෂ විවිධත්වය (species diversity), සහ පරිසර පද්ධති විවිධත්වය (ecosystem diversity) යනුවෙනි. 

ජාන විවිධත්වය (genetic diversity) : ජීවීන් සතු ලක්ෂණ එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට රැගෙන යන්නේ ජාන (genes) මගිනි. ජාන අතර පවතින විවිධත්වය හේතුකොට ගෙන එක ම විශේෂයකට අයත් ගහනයක (population) ජීවීන් එකිනෙකා අතර ද එක ම මව්පියන්ගෙන් පැවැත එන ජනිතයන් (progeny) අතර ද රූපීය (morphological), පරිවෘත්තීය (metabolic) හා හැසිරීම් රටාවල (behavioural patterns) වෙනස්කම් දැකගත හැක. එබැවින් ජාන විවිධත්වය ජීව විවිධත්වයේ මූලික පදනමයි.

 ජීව ගහනයක එකිනෙකට වෙනස් වූ ජාන එකතු අතරින් කිහිපයක් එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට ලබාදීම ස්වභාව ධර්මයා විසින් කරනු ලබන තේරීමකි. එය සාර්ථක ව සිදුවන්නේ ගහනයක ජාන විවිධත්වය පුළුල් පරාසයක පවතින විට පමණි. එසේ නැතහොත් එම එක ම ජාන කිහිපය නැවත නැවතත් තේරීම්වලට ලක් වී පරම්පරා කිහිපයක් තුළට සංක‍්‍රමණය වන විට එම පරම්පරාවල ජීවීන් දුර්වල වී අඩු ආයු කාලයකින් මිය යෑම පෙන්නුම් කරයි. ගහනයක ජීවීන් සංඛ්‍යාව අඩුවීමෙන් සමීප නෑදෑකම් ඇති ජීවීන් අතර අන්තර් අභිජනනය (inter-breeding) සිදුවීම නිසා එම ජීවීන් වඳ වී යාමේ තර්ජනයට මුහුණපාන්නේ මේ හේතුවෙනි. මෙලෙස ජීවීන් වඳවී යාම නැතිකිරීමට නම් ජීව ගහනයේ ජාන විවිධත්වය පුළුල් පරාසයක පැවතිය යුතු අතර ඒ සඳහා ගහන ගනත්වය (population density) යම් මට්ටමකට වඩා වැඩි සංඛ්‍යාවකින් පවත්වාගෙන යා යුතු වේ.
 නිරායාසයෙන් සිදුවන ජාන විකෘති, (mutatons) ජීව ගහනයක ජාන විවිධත්වය පුළුල් කිරීමට උපකාරී වේ. ජීවී විශේෂයක අඛණ්ඩ පැවැත්මටත් පරිණාමය නොකඩවා පවත්වාගෙන යාමටත් ජාන විවිධත්වය අතිශයින් උපකාරී වේ.

විශේෂ විවිධත්වය (diversity species) : විද්‍යාත්මක ලෙස ජීවී විශේෂයක් හඳුන්වන්නේ අන්තර් අභිජනනයෙන් (inter-breeding) සරු ජනිතයන් (fertile progeny) බිහි කළ හැකි ජීවී කණ්ඩායමකි. එක්තරා භූගෝලීය ප‍්‍රදේශයක වෙසෙන එවැනි ජීවී විශේෂවල එකතුව එම ප‍්‍රදේශයේ විශේෂ විවිධත්වයයි. අධ්‍යයනයේ පහසුව තකා විශේෂ විවිධත්වය ප‍්‍රධාන වශයෙන් ශාක විශේෂ විවිධත්වය (plant species diversity), සත්ත්ව විශේෂ විවිධත්වය (animal species diversity) හා ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය (diversity of micro-organisms) ලෙස තෙවැදෑරුම් ආකාරයකට විස්තර කළ හැකි ය. මීට අමතරව ඇතැම් අවස්ථාවල දී වෙන වෙන ම පහසුවෙන් හඳුනාගත හැකි ශාක හා සත්ත්ව කාණ්ඩ (උදා. ජලජ ශාක, සපුෂ්ප ශාක, මීවණ, කුරුල්ලන්, ක්ෂීරපායීන්, මත්ස්‍යයන් ආදි) සැලකිල්ලට ගනිමින් ජීවී විශේෂ විවිධත්වයට භාජනය කරන අවස්ථා ද හමුවේ.

 ලෝකයෙහි ජීවත් වන ජීවී විශේෂ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන තුනක් පමණ වන බව විශ්වාස කෙරේ. මෙයින් දැනට හඳුනාගෙන, නම්කොට ඇත්තේ අඩක් බව විද්‍යාඥයන්ගේ මතයයි. මේ අතර සාගර පතුළ (bottom of the sea), වන වියන් (tree canopies) වැනි වාසස්ථාන ඇතුළුව බොහෝ පරිසරවල, තොරතුරු අනාවරණය නොවූ ජීවීන් රාශියක් සිටින බවට ඔප්පු වී තිබේ. පහත වගුවෙන් දැක්වෙන්නේ සමහර සත්ත්ව, ශාක හා ක්ෂුද්‍ර ජීවී කාණ්ඩවල දැනට හඳුනාගෙන ඇති ජීවී විශේෂවල දළ සංඛ්‍යාත්මක අගයන් ය.
 වගුව 1 : ලෝකයේ දැකිය හැකි ජීවීන් කාණ්ඩ සමහරක දැනට හඳුනාගෙන ඇති ජීවී විශේෂ සංඛ්‍යාව
     		ජීවී කාණ්ඩය 	   		ජීවීන් සංඛ්‍යාව

(දළ වශයෙන්) ශාක  : සපුෂ්ප ශාක 250,000 විවෘත බීජක 700 ප‍්‍රාග් සනාල ශාක 1050 මීවණ 12,000 බ‍්‍රයෝපයිටාවන් 16,000 ඇල් ගී 12,500

ක්ෂුද්‍රජීවීන්: 	දිලීර 				100,000

ප‍්‍රාග් බැක්ටීරියා 2700

සතුන්   :  	පෘෂ්ඨවංශිකයන්	 	45,000

කෘමීන් 950,000 අපෘෂ්ඨවංශිකයන් (කෘමීන් හැර) ප්‍රෝටිස්ටාවන් 25,000 (මූලාශ‍්‍රය : NARESA 1992)

 ජීවී විශේෂවල සම්භවය හා පැතිරීම සැලකිල්ලට ගනිමින් ඒවා තවදුරටත් විවිධ කාණ්ඩවලට වෙන්කර ගත හැකි ය. ඒ මෙයාකාරයෙනි.

ආවේණික /දේශීය විශේෂ (Indigenous / Native Species): මිනිස් බලපෑමෙන් තොර ව කාලාන්තරයක් (වසර දසදහස් ගණනක්) තිස්සේ යම් ප‍්‍රදේශයකට සීමා වී ඇති විශේෂ එම ප‍්‍රදේශවලට ආවේණික හෝ දේශීය විශේෂ වේ. මෙහි දී ප‍්‍රදේශ සීමා මහාද්වීප හෝ රටවල් විය හැකි ය.

බුරුත ශී‍්‍ර ලංකාවට ආවේණික ගසකි. (ඡායාරූපය 1)


අලියා ශී‍්‍ර ලංකාවට ආවේණික ජීවීන් අතර වැදගත් තැනක් ගනී. (ඡායාරූපය 2 )


ආගන්තුක විශේෂ (Introduced species) : මිනිසාගේ බලපෑම නිසා දැනුවත් ව හෝ නොදැනුවත්ව යම් දේශයක සිට තවත් දේශයකට සේන්දු වූ විශේෂ, ඒවා හඳුන්වා දෙනු ලැබූ දේශයට ආගන්තුක විශේෂ වේ. බොහෝ අවස්ථාවල දී විසිතුරු පැළ හා මත්ස්‍ය වර්ග, භෝග, ගොවිපළ සතුන් මිනිසා විසින් දැනුවත් ව තවත් දේශයකට හඳුන්වා දෙනු ලැබූ විශේෂ වන අතර, කෘෂිකර්මාන්තයට අහිතකර වල් පැළෑටි, කෘමි පළිබෝධ, ව්‍යාධිජනක මෙන් ම ස්වාභාවික වෘක්ෂලතාදියට හා ඒවායේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරන ආක‍්‍රමණශීලී විශේෂ මිනිසා නොදැනුවත් ව විවිධ දේශ දේශාන්තර වෙත සංක‍්‍රමණය වූ ආගන්තුක විශේෂ බවට තහවුරු වී තිබේ.

ආගන්තුක ශාක අතුරින් මල්වර්ග ප‍්‍රධාන තැනක් ගනී. (ඡායාරූපය 3)

ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවියකු වන කළුතර ගොළුබෙල්ලා (ඡායාරූපය 4)


ගඳපාන ශී‍්‍ර ලංකාවේ ඇති ආක‍්‍රමණශීලී ආගන්තුක ශාක අතරින් එකකි (ඡායාරූපය 5)


ඒකදේශික විශේෂ (Endemic species) : දේශීය විශේෂ අතුරින් සමහරක් කාලයක් තිස්සේ නිදහසේ පරිණාමය වීම නිසා ඒවායේ ව්‍යාප්තිය සුවිශේෂී ආකාරයකට යම් ප‍්‍රදේශයකට පමණක් සීමා වූ අවස්ථාවක, එවන් විශේෂ එම දේශයේ පමණක් දැකිය හැකි ‘ඒකදේශික’ විශේෂ බවට පත් වේ. උදාහරණ ලෙස වල් ඉද්ද, කොතල හිඹුටු වැනි ශාක විශේෂ, වළිකුකුළා, දම් මුහුණැති කොළ වඳුරා වැනි සත්ත්ව විශේෂ ශී‍්‍ර ලංකාවට ඒකදේශික ජීවී විශේෂ කිහිපයකි. මෙවැනි සුවිශේෂී ඒකදේශී විශේෂ ශී‍්‍ර ලංකාවේ නිරිතදිග වැසි වනාන්තරවල බහුලව දැකිය හැකි ය.

මහ රත්මල් ශී‍්‍ර ලංකාවට ඒකදේශික ශාකයකි. (ඡායාරූපය 6)


දම් මුහුණැති කොළ වඳුරා ශී‍්‍ර ලංකාවට ඒකදේශික සතෙකි. (ඡායාරූපය 7)


මේ ආකාරයෙන් ජීවී විශේෂ විවිධත්වය නොයෙක් අයුරින් ලෙස විස්තර කළ හැකි ය.

 ලොව පුරා ජීවත් වන සතුන් හා ශාකවල ව්‍යාප්තිය දෙස බැලූවිට පෙනී යන කරුණක් වන්නේ ඒවායින් 70%ක් පමණ විශාල ප‍්‍රතිශතයක් දැකිය හැක්කේ නිවර්තන කලාපීය රටවල බව ය. මැක්සිකෝව, බ‍්‍රසීලය, ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව මින් රටවල් කිහිපයකි. එමෙන් ම ඒකදේශික විශේෂ ගණනාවක් හමුවන්නේ නිවර්තන වැසි වනාන්තරවලින් පෝෂිත කලාප කිහිපයක බව තවදුරටත් පෙනීයයි. එබැවින් උණුසුම්, තෙත් පරිසර තුළ විශේෂ විවිධත්වය අධික වේ. මුහුදු මට්ටමේ සිට උස වැඩිවීම ජීවී විශේෂයන්ගේ  විවිධත්වය අඩුකරලීමට හේතු වේ. එබැවින් ඍතු භේදයට ලක්වන සෞම්‍ය කලාපීයට වඩා සදා උණුසුම් නිවර්තන කලාපයෙහි අධික ජීවීවිවිධත්වයක් දැකගත හැක.

සිතියම : 1 ජෛව විවිධත්වයෙන් පොහොසත් ලෝකයෙහි කලාප කිහිපයක් (මූලාශ‍්‍රය: ආශ‍්‍රිත ග‍්‍රන්ථ - 7) (ඇමුණුම් 1 බලන්න)

 ශී‍්‍ර ලංකාවේ ශාක හා සත්ත්ව විශේෂ විවිධත්වය පිළිබඳ තොරතුරු සමහරක් පහත වගුවෙහි දැක්වේ.

වගුව 2 : ශී‍්‍ර ලංකාවේ දැකිය හැකි ශාක හා සත්ත්ව කාණ්ඩ සමහරක විශේෂ විවිධත්වය

			ආවේණික විශේෂ සංඛ්‍යාව   		ඒකදේශික විශේෂ සංඛ්‍යාව
ශාක :		සපුෂ්ප ශාක  		3771  	  		926
     		විවෘත බීජක    		01 		   	01
     		මීවණ 	     		348	   		48
     		බ‍්‍රයෝපයිටාවන් 	788	   		63
      		ලයිකන 	      	661 			විස්තර සඳහන් නොවේ
      		ඇල්ගී 	      		896 			විස්තර සඳහන් නොවේ
ක්ෂුද්‍ර ජීවීන්: 	දිලීර   			1920 			විස්තර සඳහන් නොවේ
සතුන් : 	ක්ෂීරපායින්  		91     		   	16
  	 	කුරුල්ලන්    		482    	   		33

උරගයින් 171 101 උභය ජීවීන් 106 90 මිරිදිය කකුළුවන් 51 51 මිරිදිය මත්ස්‍යයින් 82 44 භෞමික ගොළුබෙල්ලන් 246 204 සමනලයින් 243 20 කූරන් විශේෂ 116 49 මූලාශ‍්‍රය : MOE (1999), IUCN (2007) පරිසර පද්ධති විවිධත්වය (Ecosystem diversity): යම් ප‍්‍රදේශයක වෙසෙන සියලු ජීව ප‍්‍රජාවන් සහ එම පරිසරයේ ඇති අජීවී සංඝටක සියල්ල එකතු වූ විට එය පරිසර පද්ධතියකි. අධ්‍යයනයේ පහසුව උදෙසා පරිසර පද්ධති වර්ග තුනකට බෙදේ. එනම්, ස්වාභාවික, කෘති‍්‍රම සහ අර්ධස්වාභාවික පරිසර පද්ධති ලෙසට ය. වටාපිටාවේ දැකිය හැකි වනාන්තර, ලඳු කැලෑ, තෙත්බිම් යනාදිය ස්වාභාවික පරිසරවලට උදාහරණ වන අතර කෘෂිකාර්මික ඉඩම්, නාගරික උද්‍යාන මිනිසා විසින් සකසන ලද කෘති‍්‍රම පරිසර වේ. වසර සිය ගණනකට පෙර මිනිසා විසින් නිර්මාණය කරන ලද, එහෙත් ස්වාභාවික පරිසරයේ කොටසක් ලෙසට දැනට සැලකීමට ලක්වන වැව්, පොකුණු, විල්ලූ තණබිම් යනාදිය අර්ධ ස්වාභාවික පරිසර ලෙසට නම් කෙරේ.

 ස්වාභාවික පරිසර පද්ධතියක් ඇතිවීම කාලාන්තරයක් තිස්සේ සිදුවන සංශ්‍රේණියකි (succession). මිනිසාගේ බලපෑමක් නැති විට දී එය භෞමික, දේශගුණික තත්ත්වවලට වඩාත් ගැළපෙන ආකාරයට නිර්මාණය වූ උත්කර්ෂවත් ජෛව ප‍්‍රජාවකින් (climax community) කෙළවර වේ. මෙම අවස්ථාව ඉතා ස්ථායී තත්ත්වයක් වන බැවින් ස්වාභාවික පරිසර පද්ධතියක් තුළ ජීවී විශේෂ රාශියක්, ජීව-ජීව සහ ජීව-අජීව සංඝටක අතර දැකිය හැකි අන්තර් සම්බන්ධතා ගණනාවක් පැවතිය හැකි ය. ලෝකයේ විශාල ප‍්‍රදේශ හරහා පැතිරී ඇති ස්වාභාවික පරිසර පද්ධති බියෝම (biomes) යනුවෙන් හඳුන්වන අතර, ඒවා එහි වැඩෙන ප‍්‍රමුඛ වෘක්ෂලතාදියට අනුව නම් කෙරේ.

ශ‍්‍රී ලංකාවේ දැකිය හැකි පරිසර පද්ධති කිහිපයක් ගැන විස්තර සැකෙවින් පහත වගුවෙහි දැක්වේ. වගුව 3 : ශී‍්‍ර ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධති ප‍්‍රධාන පරිසර පද්ධති පරිසර පද්ධති විස්තරාත්මකව වනාන්තර : පහතරට හා කඳුකර වැසි වනාන්තර, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ලඳුකැලෑ අතරමැදි කලාපීය වනාන්තර, ගංගාධාර වනාන්තර තෙත්බිම් : ගොහොරු බිම්, පොකුණු, වැව්, ගංගා ඇල, දොළ, ජලාශ, විල්ලූ භූමි (පිටාර තැනිතලා) තෘණභූමි : තෙත් හා වියළි පතන බිම්, සවානා, තලාව වෙරළබඩ හා සාගර ආශ‍්‍රිත: කඩොලාන, ලවණ වගුරු, කොරල් පර, මුහුදු තණබිම්, නොගැඹුරු මුහුදු තීරය, කලපු, මෝය, වෙරළබඩ ප‍්‍රජාව මූලාශ‍්‍රය : MOE 1999


පහතරට තෙත් වනාන්තර (ඡායාරූපය 9 )


කඳුකර තෙත් වනාන්තර (ඡායාරූපය 10)


තෙත්බිම් (ඡායාරූපය 11)


තෙත් පතන (ඡායාරූපය 12)


වියළි පතන (ඡායාරූපය - 13)


සවානා (ඡායාරූපය - 14)

වෙරළබඩ ගල්පර මත වැඩෙන ඇල්ගී විශේෂ (ඡායාරූපය - 15)

කෘත‍්‍රිම පරිසර පද්ධති අතරින් කෘෂිකාර්මික පරිසර පද්ධතිවලට හිමිවන්නේ අතිශය වටිනාකමකි. මිනිසාට අඛණ්ඩව අවශ්‍ය විවිධ සැපයුම් වර්ග (ආහාර, කෙඳි වර්ග, බෙහෙත් වැනි) ලබා දෙන මෙවන් පරිසර පද්ධති තවදුරටත් කුඹුරු, උද්‍යාන ගොවිපළ, සත්ත්ව ගොවිපළ, කුඩා භෝග ඉඩම්, වගාබිම්, ගෙවතු, හේන් යනාදිය ලෙසට වර්ග කළ හැකි ය.

 මේවායේ ප‍්‍රධාන සංඝටකය වන ගොවිපළ භෝග, සත්ත්ව නිෂ්පාදන හා සැපයුම් වසර දහස් ගණනක් තිස්සේ සිදු වූ ගෘහාශ‍්‍රිතකරණයේ (domestication) ප‍්‍රතිඵලයකි. මේවායෙහි අන්තර්ගත භෝග හා ගොවිපළ සතුන්ගේ සාම්ප‍්‍රදායික ප‍්‍රභේද (tradition alvarieties), වර්ග (breeds), වගා දර්ශ (cultivars), දෙමුහුම් (hybrids) මෙන් ම වල්දර්ශ (wild relatives) එකතුව කෘෂි ජෛව විවිධත්වය නිරූපණය කරයි.

ජෛව විවිධත්වයෙන් පොහොසත් කෘෂිකාර්මික පරිසරයක් (ඡායාරූපය)

කෘෂිකාර්මික පරිසර පද්ධති රටක සංස්කෘතියේ වටිනා අංගයකි. එසේ වන්නේ ජනකොටස්වල සිරිත්විරිත්, ගතිපැවතුම්, කලාත්මක අංග යනාදි සංස්කෘතික වටිනාකම් රාශියක් කෘෂිකර්මාන්තය කෙරෙහි ඉතා කිට්ටුවෙන් බැඳී පවතින නිසා ය.
 නාගරික පරිසරය (urban environment) කෘති‍්‍රම පරිසර පද්ධතියකට අයත්වන තවත් උදාහරණයකි. එහි සංඝටක ලෙස ගෙවතු, වීථි වෘක්ෂ, උද්‍යාන, සුසාන භූමි, පාසල් ගෙවත්ත, සෙල්ලම් පිට්ටනි, මංමාවත්, ගොඩනැගිලි යනාදිය දැක්විය හැකි ය. නාගරීකරණයේ ප‍්‍රතිඵලයක් ලෙසින් එළි දකින නාගරික පරිසර පද්ධතිය මිනිස් බලපෑම්වලට ඉතා පහසුවෙන් ගොදුරු වන සංවේදී වටාපිටාවන්ගෙන් යුක්ත වන බැවින් අද ලොව පුරා පරිහානියට පත් වී ඇති ප‍්‍රධාන පරිසර පද්ධති අතරට එකතු වී තිබේ.

ජෛව විවිධත්වයේ පරිහානිය හා විනාශය (Destruction and Degradation of Biodiversity) : ජෛව විවිධත්වය පරිහානියට පත්වීම හා එහි විනාශය ලෝක පරිසර අර්බුදයේ එක් වැදගත් අංශයක් ලෙස සලකනු ලැබේ. පසුගිය සියවස් දෙක-තුන තුළ සිදු වූ ශීඝ‍්‍ර ජනගහන වර්ධනයත් කාර්මීකරණයත් නාගරීකරණයත් හමුවේ මිනිසා විසින් සිදු කරන ලද සැලසුම් රහිත (unplanned) කි‍්‍රයා තුළින් ජීවීන් රාශියක් දැනටමත් මිහිතලයෙන් සදාකාලිකව සමුගෙන ඇති බව ඔප්පු වී තිබේ. තවත් ජීවීන් රාශියක් වඳ වී යාමට ආසන්න තත්ත්වයක පසුවන බවත් බොහෝ පරිසර පද්ධති අසමතුලිත වී පරිහානියට පත් වී ඇති බවත් ප‍්‍රකට කරුණකි. මේ සඳහා හේතු වූ මිනිස් කි‍්‍රයාකාරකම් ප‍්‍රධාන කාණ්ඩ හතරකට ගොනු කරමින් මෙසේ දැක්විය හැකි ය.

1. ජීවීන්ගේ වාසභූමි නැතිවීම හා කැබලිවීම (Habitat loss and fragmentation) : මීට වසර සියයකට පමණ පෙර ශී‍්‍ර ලංකාවේ භූමි ප‍්‍රමාණයෙන් 80%ක් පමණ වනාන්තරවලින් වැසී තිබුණ ද අද දැකිය හැක්කේ 25%ක් පමණි. මෙලෙස සිදු වී ඇති වන විනාශය මෙන් ම තෙත්බිම් ගොඩකිරීම, අනිසි ලෙස සිදුකෙරෙන එළිපෙහෙළි කිරීම් ශී‍්‍ර ලංකාවේ පමණක් නොව නිවර්තන හා සෞම්‍ය කලාපීය රටවල් ගණනක වෙසෙන ජීවීන් රාශියකගේ වාසභූමි අහිමි කිරීමට බලපෑ ප‍්‍රධාන සාධකයකි. වාසභූමි අහිමි වීම නිසා මංමුළාවන ජීවීන් අනතුරුව මිනිසාගෙන් සිදුවන නොයෙකුත් වදහිංසාවලට ගොදුරුවන අතර බොහෝවිට මේ ගැටුම කෙළවර වන්නේ වන ජීවීන්ගේ සදාකාලික සමුගැනීමකිනි. එමෙන් ම පරිසර පද්ධති හරහා සිදුවන සංවර්ධන කටයුතු හේතුවෙන් විශාල භූමි ප‍්‍රදේශයක් කැබලිවලට වෙන්වීම (fragmentation) බොහෝ වනජීවීන්ගේ චර්යා රටවලට බාධා පැමිණේ. එයින් පීඩාවට පත්වන බොහෝ ජීවීහු අනතුරුව මිනිස් ගම්මාන කරා පැමිණීම හේතුවෙන් නැවතත් මිනිස් කි‍්‍රයාකාරකම්වලින් පීඩාවට පත් වෙති. දිනෙන් දින උදාවන උග‍්‍ර අලි-මිනිස් ගැටුම මීට කදිම උදාහරණයකි. මීට අමතරව වාසභූමි කැබලිවීම නිසා කොටස්වලට බෙදී යන ජීවී ගහනයන්ගේ ජාන විවිධත්වය සීමාවීම එම ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්මට ඍජුව බලපායි. 2. පමණට වඩා වැඩි අස්වනු නෙළාගැනීම (Overexploitation) : දිනෙන් දින වැඩිවන ජනගහනය නිසා මිනිසාගේ මූලික අවශ්‍යතා සපයාගැනීමට අවශ්‍ය ඖෂධ, දැවවර්ග, කෙඳි වර්ග, වර්ණක යනාදිය සඳහා ඇති ඉල්ලූම අධිකවීම හේතුවෙන් ඇතැම් විශේෂ සිතැඟි පරිදි පමණට වඩා පරිසරයෙන් නෙළාගැනීම නිසා ඒවායින් බොහොමයක් අද වඳ වී යාමට ආසන්න තත්ත්වයට පත් වී ඇති බවට විද්‍යාත්මක සාක්ෂ්‍ය පවතී. නිවර්තන කලාපීය බොහෝ රටවල ජෛව විවිධත්වය පරිහානියට පත්වීමට හෝ වටිනා ශාක විශේෂ තුරන් වී යාමට හෝ තුඩුදුන් තවත් ප‍්‍රධාන හේතුවක් ලෙස මෙය දැක්විය හැක. මීට සියවස් 2-3කට පෙර ශී‍්‍ර ලංකාවේ බහුල ව තිබූ කළුවර, කළුමැදිරිය, නැදුන් යන දැව වර්ග අද දුර්ලභ වී ඇත්තේ මේ හේතුවෙනි. 3. පරිසර දූෂණය (Environment pollution), ගෝලීය උණුසුම් වීම (Global warming) සහ අනෙකුත් දේශගුණික විපර්යාස : මිනිසාගේ අනිසි කි‍්‍රයාකාරකම් හේතුවෙන් හටගෙන ඇති මෙම කරුණු හේතුවෙන් ජෛව විවිධත්වයට බරපතළ තර්ජන එල්ල වී ඇත. පරිසරයේ භෞත-රසායනික සංයුතිය වෙනස් කරන පරිසර දූෂක, ජීවීන්ට විෂ වන අවස්ථා බොහෝ ය. මෝටර් වාහන, ජෙට් යානා, විදුලිබලාගාර, කර්මාන්තශාලාවල ඉන්ධන දහනයෙන් වායුගෝලයට එක්වන නයිට‍්‍රජන් ඔක්සයිඞ්, සල්පර් ඩයොක්සයිඞ්, කාබන් මොනොක්සයිඞ් යන වායු දූෂක, ගස්වැල්, සතුන් මෙන් ම මිනිසාට ද අහිතකර ය. සාමාන්‍ය පෙට‍්‍රල් ඉන්ධන දහනයෙන් නිකුත්වන ක්ෂුද්‍ර ඊයම් අංශුසතුන්ගේ සහ මිනිසාගේ ස්නායු පද්ධතියට හා වකුගඩුවලට හානි පමුණුවයි. මෙලෙස වායුදූෂක, සංවර්ධිත රටවලට පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවල ද ජෛව විවිධත්වය පරිහානියට පත් කරයි. සල්පර් ඩයොක්සයිඞ් හා නයිට‍්‍රජන් ඔක්සයිඞ් වර්ෂා ජලය සමග මිශ‍්‍රවීම නිසා අම්ල වැසි (Acid rain) ඇති වේ. එම ජලය හා ගැටෙන මෙවැනි ශාකවල කොළ කහපැහැ වීම, දළු මැරීයාම, අතු කඩාවැටීම හා ක‍්‍රමයෙන් ගස මැරීයාම දක්නට ලැබේ. අම්ල වැසි ජලය මිශ‍්‍රිත පොකුණු හෝ මිරිදිය ජලාශ එහි ජීවත් වන ජලජ ජීවීන්ට අහිතකර තත්ත්වයෙන් යුක්ත ය.

 ඉහත කී වායු දූෂක, ගොහොරු බිම්වලින් නිකුත්වන මීතේන් වායුව සහ ශීතකරණ හා සුවඳ විලවුන් සඳහා භාවිත වන ක්ලෝරො ප්ලූවරෝ කාබන් (CFC, Chorofluorocarbon) සමග එක්වීම නිසා හරිතාගාර ආචරණය තුළින් ගෝලීය උණුසුම වැඩි කෙරේ. කර්මාන්තශාලාවලින්, නාගරික පරිසරයෙන් හා කෘෂිකාර්මික පරිසරවලින් සැලසුම් රහිතව මුදාහරින නොයෙක් කාබනික හා අකාබනික සංයෝග නිසා මිරිදිය හා කරදිය පරිසර පද්ධතිවල භෞත-රසායනික වෙනස්කම් සිදුවීම හේතුවෙන් ඒවායේ සමතුලිතතාවට බාධා පැමිණේ. මිනිස් කි‍්‍රයාකාරකම් නිසා මෙසේ සිදුවන පරිසර දූෂණය නොයෙක් අවස්ථාවල දී ජීවීන්ගේ දිගුකාලීන පැවැත්මට බාධා පමුණුවයි.

4. ආක‍්‍රමණශීලී ආගන්තුක විශේෂ (Invasive Alien Species) : මෙබඳු විශේෂ නිසා ජෛව විවිධත්වයට එල්ල වන තර්ජන දිනෙන් දින ඉහළ යන බව විද්‍යාඥයන්ගේ අදහසයි. සංචාරක කර්මාන්තය හා වෙළෙඳ හුවමාරු වැනි මිනිසා විසින් පරිසරයේ ඇති කරන නිරන්තර කැළඹීම් මේ සඳහා දායක වේ. මිනිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව එක් රටකින් තවත් රටකට සේන්දු වන ආක‍්‍රමණශීලී ආගන්තුක විශේෂ පරිසරයේ ඇති අනෙකුත් ශාක අබිබවා තනි ගහන ලෙස පැතිරී යද්දී අනෙකුත් ජීවීන්ගේ වාසස්ථාන අහිමිවීම නිසා ඔවුහු මංමුලා වෙති. සමහර අවස්ථාවල දී ආක‍්‍රමණශීලී විශේෂ, පසේ ඇති රසායනික සංයුතිය වෙනස් කිරීමට පෙළඹේ. ඒවායින් නිදහස් කෙරෙන විවිධ රසායනික සංයෝග මේ සඳහා හේතු වේ. වෙනත් ශාක සමග දෙමුහුන් වන මේ ශාක පරිසරයේ ජාන සංයුතිය වෙනස් කරයි. බොහෝ විට ජලජ පෘෂ්ඨය වසා ගනිමින් ව්‍යාප්ත වන විට, ජලය තුළට සූර්යාලෝකය නොවැටීම හේතුවෙන් නිමග්න ශාක මැරී යාමත් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීමත් සිදු වේ. මෙය ජලජ ජීවීන්ට ඉතා අහිතකර තත්ත්වයකි. ආක‍්‍රමණශීලී ආගන්තුක සත්ත්වයින් බොහෝ විට අනිකුත් සත්ත්වයන්ට බලපෑම් ඇති කරන්නේ ඔවුන්ගේ වාසස්ථාන අත්පත් කර ගැනීමෙනි. දිගු කාලයක් තිස්සේ කරදරකාරී මෙවන් විශේෂ ජෛව විවිධත්වයට ඇතිකරන අහිතකර බලපෑම් මිල කළ නොහැකි, අප‍්‍රතිවර්ත, අලූත්වැඩියා කළ නොහැකි හානි ලෙසට විද්‍යාඥයින් තක්සේරු කර තිබේ.

 ඉහත දැක්වූ ප‍්‍රධාන හේතු නිසා දැනට ජීවීන් විශාල ප‍්‍රමාණයක් වඳ වී යාමේ තර්ජනයට මුහුණපා ඇති බව (threatened species) ඔවුන්ගේ නම් ලයිස්තුගත කර ඇති ‘රතු දත්ත පොතෙන්’ (red data book) හෙළිදරව් වේ. ලෝක සංරක්ෂණ සංගමයේ (World Conservation Union) මූලිකත්වය ඇති ව වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති ජීවීන්ගේ නම් ලැයිස්තු සෑම වසර පහකට වරක් ‘රතු දත්ත පොත’ ඔස්සේ නිවේදනය කෙරේ.
 ජෛව විවිධත්වයේ පොහොසත් භාවයත් එම ජෛව විවිධත්වයට දැනට එල්ල වී ඇති තර්ජන නිසා වඳ වී යාමට ආසන්න විශේෂ සංඛ්‍යාවත් සැලකිල්ලට ගනිමින් ලෝකයේ විවිධ රටවල ඇතැම් ප‍්‍රදේශ ‘ජෛව විවිධත්ව උණුසුම් ස්ථාන’ (Biodiversity hotspot) ලෙසට නම් කර තිබේ. ශී‍්‍ර ලංකාවේ නිරිතදිග ප‍්‍රදේශයත් බටහිර ඉන්දියාවේ ගැට්ස් (Western Ghats) ප‍්‍රදේශයත් මෙලෙස නම් කරන ලද ප‍්‍රදේශවලින් කිහිපයකි.

ජෛව විවිධත්වයේ වටිනාකම ඇගයීම : ජෛව සම්පත වටිනා සම්පතක් ලෙසට සැමදෙනා ම පිළිගන්නා නමුත් පසුගිය දශක කිහිපය තුළ කි‍්‍රයාත්මක වූ බොහෝ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී එය නිසියාකාරව ඇගයීමකට ලක්නොවූ බවට පසුකාලීනව අවධාරණය කිරීමත් සමග ම ජෛව විවිධත්වයේ වටිනාකම ඇගයීම සඳහා යෝජනා ඉදිරිපත් කෙරිණ.

 ජෛව විවිධත්වය මුදලින් ඇගයීම හෝ තක්සේරු කිරීම ඉතා අසීරු කාර්යයක් වන නමුත් එහි තිරසාර බව සුරැකීම සඳහා එහි වටිනාකම කිහිප ආකාරයකට විස්තර කෙරේ. 
 ආහාර, ඖෂධ, ඉන්ධන ලෙසට ජෛව සම්පත භාවිත කිරීම එහි ඍජු භාවිත වටිනාකම්වලට (direct use value) උදාහරණ කිහිපයකි. ජෛව සම්පත නිසා ගංවතුර පාලනය වීම (මෙය තෙත්බිම් මගින් සිදුකරන්නකි), ඉවුරු බැම්ම ආරක්ෂා වීම, වාතය පිරිසිදු වීම, පාංශු පෝෂක ද්‍රව්‍ය ප‍්‍රතිචකී‍්‍රකරණය වීම වැනි කි‍්‍රයාවලි එහි වක‍්‍ර භාවිත වටිනාකම් (indirect use value කිහිපයකි. ජෛව විවිධත්වය අනාගතයේ දී ප‍්‍රයෝජනයට ගැනීමේ අදහසින් එය සුරැකීම සඳහා ලබාදෙන වටිනාකම අනාගත වරණීය වටිනාකම (option value) ලෙසටත් එලෙස සුරැකෙන ජෛව සම්පතින් තම උරුමකරුවන්ට ලැබෙන ප‍්‍රයෝජන මැන බැලීම උරුම වටිනාකම (bequest value) ලෙසටත් හඳුන්වා දෙනු ලැබේ. මේ සියලු ප‍්‍රයෝජන උදෙසා ජෛව සම්පතේ සංඝටකවල (ජාන, විශේෂ හා පරිසර පද්ධති) අඛණ්ඩ සංරක්ෂණය උදෙසා ලබාදෙන වටිනාකම වන්නේ එහි පැවතුම් වටිනාකමයි (existence value).
 විවිධ දෘෂ්ටිකෝණ තුළින් මෙලෙස ජෛව විවිධත්වයට ලබාදෙන වටිනාකම ඇගයීමට ආර්ථික විද්‍යාඥයෝ සමත් වෙති.

ජෛව විවිධත්ව සංරක්ෂණය (Conservation of biodiversity) : මීට දශක කිහිපයකට පෙර ජෛව සම්පත සංරක්ෂණ කිරීම, පරිසර සංරක්ෂණයේ (Environment conservation) කොටසක් බවට පත් වී තිබුණ ද 1992 වසරෙහි පැවැති මිහිතල සමුළුව (Earth summit) හා ජෛව විවිධත්ව සම්මුතියේ (Convention of Biodiversity) ප‍්‍රතිඵලයක් ලෙස, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම මනාව සැලසුම් කරන ලද ක‍්‍රමවේදයට අනුකූලව සිදු කිරීමට ඒ සම්මුතීන්ට අස්සන් කරන ලද පාර්ශ්වික රටවල් සියල්ල පියවර ගත්තේ ය. එබැවින් මේ වන විට ජෛව විවිධත්වය ප‍්‍රධාන ක‍්‍රම දෙකකට සංරක්ෂණය කෙරේ.

එනම්,
 1. ස්ථානීය සංරක්ෂණය (in-situ conservation)
 2.  විතැන් සංරක්ෂණය (ex-situ conservation) වශයෙනි.
 පරිසර පද්ධති, ශාක සහ සතුන් ස්වභාවයෙන් වෙසෙන ප‍්‍රදේශ ඒ ආකාරයෙන් ම සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණයයි. සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන, ජාන සම්පත් මධ්‍යස්ථාන සහ ඒවා කළමනාකරණය කරන ආයතන යනාදි ස්ථාන තුළ දී (ජීවීන්ගේ ස්වාභාවික පරිසරයෙන් බැහැර ව) ජීව විශේෂ සහ ඒවායේ කොටස් (උදා. බීජ, අලවර්ග, පටක යනාදිය) සුරැකීම විතැන් සංරක්ෂණයයි. බොහෝවිට රක්ෂිත ප‍්‍රදේශ (protected areas) වශයෙන් නම් කෙරෙන ජාතික උද්‍යාන (National Parks), අභයභූමි (Sanctuary), ලෝක උරුම වනාන්තර (World heritage sites), ලෝක ජෛව ගෝල රක්ෂිත (Man and biosphere reserves), දැඩි ස්වාභාවික රක්ෂිත (Strict nature reserves), ස්වභාව රක්ෂිත (Nature reserves), වන මංකඩ (Jungle corridors) යනාදි ජෛව විවිධත්වයෙන් පොහොසත් ප‍්‍රදේශ සියල්ල ම ස්ථානීය සංරක්ෂණය තුළින් සුරැුකේ. එවිට ජීවීන් විශේෂ ගණනාවක් සහ පරිසර පද්ධති රාශියක් එකවර සංරක්ෂණයට පාත‍්‍ර වේ. එහෙත් විතැන් සංරක්ෂණ ක‍්‍රමයේ දී තෝරාගත් විශේෂ කිහිපයක් ඉතා සූක්ෂ්ම අයුරින් සංරක්ෂණය කෙරේ. ගස්වැල්වල බීජ නිපදවීම උත්තේජනය කිරීමෙන් අවශ්‍ය ආකාරයට බීජ ලබා ගැනීමත් පටක රෝපණ ක‍්‍රම (tissue culture) මගින් ජීවී පටක ජීව්‍යතාවෙන් ම ගබඩා කිරීමත් ජීවී බීජ සුප්ත අවස්ථාවක පවත්වා ගැනීමෙන් කාලාන්තරයක් තිස්සේ සුරැකිව තබාගැනීමත් දුර්ලභ සත්ත්ව විශේෂ අභිජනනයෙන් පැටවුන් ලබාගෙන ස්වාභාවික පරිසරයට නිදහස් කිරීම වැනි කි‍්‍රයාවලි තුළින් සංරක්ෂණයට දායකවීමත් විතැන් සංරක්ෂණය මගින් සිදු කෙරේ.
 ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ සලකා බැලීමේ දී එයට දීර්ඝඉතිහාසයක් ඇති බවට තොරතුරු හෙළි වේ. බුදුදහම ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමත් සමග ම බිහිවූ අවිහිංසාවාදයේ ප‍්‍රතිඵල ලෙස සතුන් හා ශාක සංරක්ෂණය ආරම්භ විය. ශිලාලේඛනවල දැක්වෙන අයුරින් බොහෝ රජවරුන් විසින් සත්ත්ව හා ශාක ආරක්ෂක ප‍්‍රතිපත්ති පිහිටුවා තිබූ බව හෙළ වේ. නීති මගින් වනාන්තර ආරක්ෂා කිරීමත් ඒවායේ නීතිරීති කඩකරන්නන්ට දඬුවම් පැනවීමට කෝරාළවරුන් සිටි බවටත් සාක්ෂ්‍ය ලැබී තිබේ. එබැවින් ජෛව විවිධත්ව සංරක්ෂණය මෙරටට නව සංකල්පයක් නොවේ.
 කෙසේ වුවත් පසුගිය දශක කිහිපය තුළ දී නව මුහුණුවරකින් ඉදිරිපත් කෙරුණ ජෛව විවිධත්ව සංරක්ෂණ ක‍්‍රමවේද මෙරටෙහි ද ඒ ආකාරයෙන් කි‍්‍රයාත්මක වෙමින් පවතී. 1994 සිට ජෛව විවිධත්ව සම්මුතියේ ප‍්‍රතිපත්තිවලට අනුකූල ව කටයුතු කරමින් ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණ කටයුතුවල ඍජු වගකීම භාරගන්නේ පරිසර අමාත්‍යාංශයයි. එය යටතේ ඇති ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය (Biodiversity Secretarial) මේ සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති ආයතනයකි. මීට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් කටයුතු කරයි. තව ද විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට  අනුබද්ධිත අංශ සහ රාජ්‍ය නොවන ආයතන රාශියක් ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්වය  සුරැකීමෙහිලා මහඟු සේවයක් ඉටු කරයි.
 දේශීය ජෛව විවිධත්වයේ භාරකාරත්වය හිමිවන්නේ රජයටයි. එබැවින් එය සුරැකීමේ ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ ද රජයටයි. නොයෙකුත් පරිසර පද්ධති ආශ‍්‍රිතව වෙසෙන ජනතාව එම පරිසරයේ (ජෛව විවිධත්වයේ) ඍජු කොටස්කරුවන් ලෙස සැලකේ. එබැවින් පරිසර කළමනාකරණයේ දීත් ජෛව විවිධත්ව සංරක්ෂණයේ දීත් එකී ප‍්‍රජාව හවුල් කර ගැනීම සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් වැඩ සටහන් රාශියක් කි‍්‍රයාත්මක කිරීමට රාජ්‍ය සේවයත් පෞද්ගලික සේවයත් කි‍්‍රයාශීලී ලෙස දායක වී තිබේ. 

සුධීරා වැදිසිංහ රන්වල