සිංහල විශ්වකෝෂය වෙතින්
18:18, 13 සැප්තැම්බර් 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('සිංහල වර්ණමාලාවේ දසවන අක්ෂරයයි. සංස්කෘත, තෙලු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල වර්ණමාලාවේ දසවන අක්ෂරයයි. සංස්කෘත, තෙලුගු, මලයාලම් ආදි ඉන්දීය භාෂා කීපයක ම මීට අෂ්ටමස්ථානය දී ඇත. එය ස්වරයකි. ව්‍යඤ්ජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමේ දී ගතකුරෙහි හල්භාවය දක්වන ලකුණ අස් කොට ගැට සහිත ඇලපිලි දෙකක් (නි.ක්+ඎ=කෘෘ ; ද් + ඎ+දෘෘ) යොදනු ලැබේ. ඎකාරය මුදුනෙන් උපදින බැවින් මූර්ධජාක්ෂරයක් ද වෙයි. එකම ස්ථානයක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ඒකජාක්ෂරයක් ද වෙයි.

එළුවෙහි හා පෙළබසෙහි ඎකාරයක් නැත.

"http://encyclopedia.gov.lk/ltrl_cyclopedia/si_encyclopediaV2/index.php?title=ඎ&oldid=987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි