උරචක්‍ර මාලාව

සිංහල විශ්වකෝෂය වෙතින්
12:45, 17 ඔක්තෝබර් 2016 වන විට චමිල ලියනගේ (කතාබහ | දායකත්ව) ('පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ දැළි පිහිය සේ ත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ දැළි පිහිය සේ තියුණු මුවහත් ඇති, ගිනි ගෙන දිලියෙන, කරෙහි ලූ කල ශීර්ෂය වටා කුඹල් සකක් මෙන් භ්‍රමණය වෙමින් මුවහතට අසු වන ශරීර කොටස් කැපෙන සේ චක්‍රාකාරයෙන් නිර්මිත ආයුධයකි. පාපකර්ම කළවුන්ට මෙම චක්‍රය පහළ වී බෙල්ල වටේට කැපි කැපී කරකැවෙමින් මහත් දුක් ඇති කෙරෙතැයි ද පාපකර්මය ගෙවෙන තුරු මෙයින් නිදහස් වීමක් හෝ මිය යාමක් හෝ නැතැයි ද එබඳු පව්කම් කළවුන්ට මේ චක්‍රය චිත්තාකර්ෂණීය මල් මාලාවක් මෙන් පෙනෙන හෙයින් එය උරචක්‍ර මාලා නමැයි ද කියනු ලැබේ.

එක්සිය අටවිස්සක් වූ උසස්ද නරකයන්ගෙන් එකක් ද උරචක්‍ර මාලා නමින් හැඳින්වෙයි. එය මවුපියන්ට අනදර කළවුන් පැසෙන නරකය බැව් සඳහන් වන බැවින් උරචක්‍ර මාලාවට කැපෙමින් දුක් විඳින්නවුන් සඳහා නිර්මිත වූ නරකය එය ම බව සැලකිය හැකිය.