ජායෛකගෘහිකතාව (Gynomonoecious).
සිංහල විශ්වකෝෂය වෙතින්
යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජායෛකගෘහිකතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජායෛකගෘහිකතාව පෙන්වයි.
ප්රසාද් සේනාධීර