ජීව විද්‍යාව (Biology)
ජීවය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම ජීව විද්‍යාවයි. අද අප භාවිත කරන ජීව විද්‍යාව ඉංගී්රසි භාෂාවේ BIology යන වදනෙහි සිංහල අනුවාදයයි. Biology යන්න සම්භව වී ඇත්තේ ‘ජීවය’ යන අරුත ඇති ගී්රක් භාෂාවෙහි ‘Bio’ (Bios) යන්න ‘කථාව’ යන අරුත ඇති ‘Logos' යන පදය සමග එක් වීමෙන් බව පිළිගැනේ. ඒ අනුව ජීවය පිළිබඳව විග්රහ කෙරෙන විෂයය ජීව විද්‍යාව ලෙස සැලකිය හැකි ය. ජීව විද්‍යාඥයෝ අණුක මට්ටමේ සිට පරිසර පද්ධති මට්ටම දක්වා ජෛවීය කි‍්‍රයාවලීන් අධ්‍යයනය කරති. ඔවුන් විසින් තත්ත්පරයකින් බිලයනයකින් පංගුවක දී සිදු වන ජීව කි‍්‍රයාවලි පිළිබඳව මෙන් ම වසර මිලියන ගණනක් තුළ සිදුවන කි‍්‍රයාවලීන් පිළිබඳව ද අධ්‍යයනය කෙරේ. ජීවය යනු කුමක් ද? : ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී ජීවය යනු කුමක් දැයි වටහාගෙන තිබිය යුතු ය. අපට බොහෝ විට ජීවීන්, ජීවීන් ලෙස හඳුනා ගත හැකි වුව ද ජීවය කුමක්දැයි ප්‍රශ්න කරනු ලැබුවහොත් ඒ සඳහා නිරවුල් පිළිතුරක් සැපයීම අපහසු ය.
ජීවය සඳහා සම්මත අර්ථ දැක්වීමක් ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන් අපොහොසත් වී ඇත. ජීවය සාම්ප්‍රදායික ලෙස අර්ථ දක්වනු ලබන්නේ යමෙක් පහත සඳහන් ජීව ක්‍රියාවන්ගෙන් බහුතරයක් දක්වයි නම් එය ජීවය ලෙසයි. ඒ අනුව, සමස්තිථිය, සංවිධානය, පරිවෘත්තිය, වර්ධනය, පරිසරයට අනුවර්තනය වීම, උත්තේජනයන්ට ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රජනනය යන කි‍්‍රයා සියල්ල ම හෝ බහුතරයක් හෝ දැක්වීම ජීවීන්, අජීවී ද්‍රව්‍යයෙන් වෙන් කොට හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන ලක්ෂණ වේ.
ජීවය සඳහා එක් සංක්ෂිප්ත අර්ථ දැක්වීමක් මෙසේ ය. ‘ජීවය යනු පරිවෘත්තිය, ප්‍රජනනය සහ පරිණාමය සිදු කළ හැකි සංවිධානය වූ ප්‍රවේණික ඒකකයකි.
ජීව විද්‍යාව මගින් ප්‍රධාන වශයෙන් ජීව ආකාරයන්ගේ ව්‍යූහය, කි‍්‍රයාකාරීත්වය, වර්ධනය, සම්භවය, පරිණාමය, ප්‍රජනනය සහ ව්‍යාප්තිය පිළිබඳව විමසා බැලේ. ජීව විද්‍යාව මගින් ජීවීන් එකිනෙකා සමග මෙන් ම ඔවුන් ජීවත් වන පරිසරය සමග ද දක්වන අන්තර්කි‍්‍රයා අධ්‍යයනය කෙරේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සපයන ප්‍රධාන ඒකාබද්ධ ක්ෂේත්‍ර ලෙස ෙසෙලවාදය, පරිණාමය, ප්‍රවේණිය සහ සමස්තිථිය සලකනු ලැබේ.
ජීව විද්‍යාව වෙන ම විෂය ධාරාවක් ලෙස වර්ධනය වීම සිදු වූයේ 19 වන සියවසේ දී විද්‍යාඥයන් ජීවය සතු මූලික ලක්ෂණ සියල්ල ම වාගේ මිනිසා ඇතුළු සමස්ත ජීවීන්ට පොදු බව වටහා ගැනීමෙන් පසුව ය. අද ලොව පුරා ම පාසල්වල, විශ්වවිද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල උගන්වනු ලබන විෂයයක් බවට ජීව විද්‍යාව පත් ව තිබේ. එමෙන් ම ජීව විද්‍යාවෙහි විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳව සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල රැුගත් පර්යේෂණ පති‍්‍රකා මිලියනයක් පමණ සෑම වසරක ම ලොව පුරා ඇති විවිධ ජීව විද්‍යා සහ වෛද්‍ය විද්‍යා සඟරාවල පළ කරනු ලැබේ.
බොහෝ ජීව විද්‍යා ක්ෂේත්‍ර අද විශේෂිත විෂය ධාරා බවට වර්ධනය වී ඇත. සාම්ප්‍රදායික ලෙස විෂය ධාරා වර්ග කොට ඇත්තේ ඒවා මගින් අධ්‍යයනය කෙරෙන ජීවී කාණ්ඩ අනුව ය. ශාක පිළිබඳ අධ්‍යයනය උද්භිද විද්‍යාව ලෙස ද සතුන් පිළිබඳ අධ්‍යයනය සත්ත්ව විද්‍යාව ලෙස ද ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය ක්ෂුද්‍ර ජීව විද්‍යාව ලෙස ද නම් කොට ඇත. තව දුරටත් අධ්‍යයනය කරනු ලබන්නේ ජීවීන්ගේ කවර අංගයක් පිළිබඳව ද යන්න මත ද ජීව විද්‍යා විෂය ධාරා නම් කරනු ලැබ තිබේ. ජීවයේ රසායනික පදනම පිළිබඳ අධ්‍යයනය ‘ජෛව රසායනය’ වන අතර ජෛවීය අනුපද්ධතීන් අතර සිදුවන අන්තර් කි‍්‍රයා පිළිබඳ අධ්‍යයනය ‘අණුක ජීව විද්‍යාව’ ලෙස හඳුන්වනු ලැබේ. ජීවයේ මූලික තැනුම් ඒකකය වන ෙසෙල හා එහි කි‍්‍රයාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය ෙසෙල විද්‍යාව නමි. පටක සහ ඉන්ද්රියයන්ගේත් ඉන්ද්රිය පද්ධතිවලත් කි‍්‍රයාකාරීත්වය අධ්‍යයනය කෙරෙන්නේ කායික විද්‍යාව නම් වූ ඉතා පුළුල් විෂය ධාරාව මගිනි. මීට අමතරව ජීව විද්‍යාව තුළ ව්‍යවහාරික විද්‍යා රාශියක් අන්තර්ගත වන අතර, වන විද්‍යාව, ධීවර විද්‍යාව, උද්‍යාන විද්‍යාව ඒ සඳහා නිදසුන් කිහිපයකි.
ජීව විද්‍යා ඉතිහාසය : ජීව විද්‍යාව තනි සංගති විෂයයක් ලෙස ජනිත වීම සිදු වූයේ 19 වන සියවසේ දී වුව ද පුරාණ ගී්රසියේ ජීවත් වූ ගැලන් (Galan) සහ ඇරිස්ටෝටල් (Aristotle) වැනි දාර්ශනිකයන්ගේ කාලයේ සිට වෛද්‍ය විද්‍යාවේ සහ ස්වභාව ඉතිහාසයෙහි සම්ප්රදායයන් ලෙස ජීව විද්‍යාව පිළිබඳ වැදගත් සංකල්ප මතු වී තිබිණ. පුනරුද සමයේ සහ මුල් නූතන යුගයේ දී නව ජීවීන් හඳුනාගැනීමත් සමග ජීව විද්‍යාව පිළිබඳ අදහස් විප්ලවීය ලෙස වෙනස්වීම ඇරැඹිණි. කායික විද්‍යාව පිළිබඳ පර්යේෂණයේ යෙදුණ වේසාලියුස් (Vesalius) සහ හාවි (Harvey) වැන්නවුන් සහ ස්වභාව විද්‍යාව පිළිබඳ ගවේෂණයෙහි යෙදුණ ලිනේයස් (Linnaeus) සහ බෆන් (Buffon) වැන්නවුන් ජීවයේ විවිධත්වය වර්ග කිරීමත් පොසිල වාර්තා සොයා ගැනීමත් සමග ජීව විද්‍යාව පිළිබඳ නව සංකල්ප බිහිවීම ශීඝ්‍ර විය. අණ්වීක්ෂය සොයා ගැනීමත් සමග පෙර නොදුටු ක්ෂුද්‍ර ජීව ලෝකය නෙත් ඉදිරිපිට නිරාවරණය වීම ‘සෛලවාදය’ බිහි වීම පිණිස පදනම සැපයී ය. 18 සහ 19 වන සියවස්වල දී සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර වෘත්තීය විද්‍යා විෂය ලෙසට පිළිගැනීම වහා සිදු විය. ලැවෝර්සියර් සහ අනෙකුත් භෞතික විද්‍යාඥයෝ ජීව ලෝකය සහ අජීව ලෝකය භෞතික හා රසායන විද්‍යා තුළින් එක් කිරීමට උත්සාහ දැරූහ. ඇලෙක්සැන්ඩර් වොන් හම්බෝල්ට් වැනි ගවේෂණාත්මක ස්වභාව විද්‍යාඥයෝ, ජීවීන් ඔවුන් ජීවත් වන පරිසරය සමග දක්වන අන්තර් කි‍්‍රයා අධ්‍යයනය කරමින් මෙම සම්බන්ධතා භූගෝලීය ස්වභාවය මත රඳා පවතින්නේ කෙසේදැයි ගවේෂණයෙහි නියැළුණහ. මෙම අධ්‍යයනය පසුව ජෛව භූගෝල විද්‍යාව, පරිසර විද්‍යාව සහ චර්යා විද්‍යාව කෙරෙහි මං විවර කළේ ය.
සෛලවාදය මගින් ජීවයේ මූලික පදනම සඳහා නව දැක්මක් ඉදිරිපත් කෙරිණ. මෙම අදහස් කළල විද්‍යා සහ පොසිල විද්‍යා සොයාගැනීම් ද සමග චාල්ස් ඩාවින්ගේ ස්වාභාවික වරණය මත පදනම් වූ පරිණාමවාදය බිහිවීමට ඉවහල් විය. 19 වන සියවස අවසාන වන විටත් ආවේණික සිදුවීම පිළිබඳ යාන්ත්‍රණය රහසක් වුව ද ස්වයං සිද්ධ ජනනවාදයේ බිඳදැමීමටත් ලෙඩ රෝග හටගැනීම සඳහා රෝග බීජ ශරීරගත විය යුතු බව අවබෝධ කර ගැනීමටත් ජීව විද්‍යාඥයෝ සමත් වූහ. 20 වන සියවසේ දී මෙන්ඬේගේ නියම සොයාගැනීමත් සමග ප්රවේණි විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවක් ඇති වූයේ තෝමස් හන්ට් මෝගන් සහ ඔහුගේ ශිෂ්‍යයන් විසින් සිදු කරනු ලැබූ අධ්‍යයන නිසා ය. 1930 දී ගහණ ප්රවේණි විද්‍යාව සහ ස්වාභාවික වර්ණවාදය එක් වීමෙන් ‘නව ඩාවින්වාදය’ බිහිවීම සිදුවිය. ප්‍රධාන වශයෙන් ම වොට්සන් සහ ක්‍රික් විසින් (ඩි’ඔක්සිරයිබො නියුක්ලික් ඇසිඞ්) සඳහා ව්‍යූහයක් යෝජනා කරනු ලැබීමත් සමග අණුක ජීව විද්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූ අතර නව විෂය ක්ෂේත්‍ර කිහිපයක් බිහිවීම ද සිදු විය. ජාන කිටුව හඳුනා ගැනීමත් සමග ජීව විද්‍යාව නැවත ප්‍රධාන අනුවිෂය ක්ෂේත්‍ර තුනකට බෙදීම සිදු විය. ඒවා නම්, 1. පූර්ණ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කරන්නන්, 2. ජීවී කණ්ඩායම් පිළිබඳව අධ්‍යයනය කරන්නන් සහ 3. ජීවය සෛලීය සහ අණුක මට්ටමෙන් අධ්‍යයනය කරන්නන් වශයෙනි. කෙසේ වුව ද 20 වන සියවස අග භාගයේ දී මෙම තත්ත්වය වෙනස් කරමින් ජීනෝමික්ස් සහ ප්රෝටියෝමික්ස් යන විෂය ක්ෂේත්‍ර බිහි වූ අතර මෙහි දී ජීවීන් පිළිබඳ අධ්‍යයන සඳහා අණුක තාක්ෂණය භාවිත කිරීමත් අණුක සහ සෛල විද්‍යාඥයන් ජාන සහ පරිසරය අතර අන්තර් කි‍්‍රයා සහ ස්වාභාවික ජීව ගහනයන්ගේ ප්‍රවේණිය පිළිබඳව සොයා බැලීමත් සිදු විය.
20 වන සියවසේ ජීව විද්‍යාව : 19 වන සියවස ‘සෛල විද්‍යාවෙහි’ යුගය ලෙස සැලකෙන අතර 20 වන සියවස හඳුන්වනු ලබන්නේ ‘අණුක ජීව විද්‍යාව’ ශීඝ්‍ර ලෙස දියුණු වූ කාලපරිච්ඡේද ලෙසිනි.
කෙසේ වෙතත් විසිවන සියවස තුළ ජීව විද්‍යාවෙහි ප්‍රධාන සංකල්පමය සංවර්ධනයක් ඇති විය. ඉන් පළමුවැන්න නම් එක්ස් කිරණ, ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය වැනි ඉතා ප්‍රබල තාක්ෂණික මෙවලම් භාවිත කොට සෛල වැනි ක්ෂුද්‍ර ව්‍යූහයන් පරීක්ෂා කොට බැලීමේ අවස්ථාව උදාවීමයි. එමගින් ඒවායේ අතිපරිව්යූහය අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි. ඒ සමග ම වෙනත් විෂය ක්ෂේත්‍ර මගින් තවදුරටත් ජීවයේ ස්වභාවය තේරුම් ගැනීමට සහාය ලබා ගැනීම ද සිදුවිය.
විසිවන සියවසේ දී ඇති වූ තවත් වැදගත් සංසිද්ධියක් වන්නේ මිනිසා ද අන් සතුන් සේ ම පෘථිවියෙහි ස්වාභාවික සම්පත් මත යැපෙන තවත් ජීවියකු බව තේරුම් ගැනීමයි. ඒ සමග ම විවිධ තාක්ෂණික උපකරණ සහ වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් නිසා මිනිසාගේ ආයු කාලය වැඩිවීමත් ඒ නිසා සිදුවන ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයත් විවිධ සංවර්ධන කි‍්‍රයා නිසා පරිසරයට සිදුවන අධික හානියත් පළිබෝධ නාශක, න්‍යෂ්ටික ආයුධ, වාහන හා කර්මාන්ත ශාලාවලින් නිකුත් කෙරෙන විවිධ අපද්‍රව්‍ය ආදිය නිසා ස්වාභාවික පරිසරයේ තත්ත්වය පිරිහෙන බවත් එමෙන් ම මෙසේ සිදුවන වෙනස්කම් මිනිසා ඇතුළු සමස්ත ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන බවත් වටහා ගන්නා ලදි. මේ නිසා විසිවන සියවස අවසාන වන විට ජීව විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් ජීවීන්, ඔවුන්ගේ ජෛව පරිසරය සහ අජෛව පරිසරය කෙරෙහි දක්වන අන්තර්කි‍්‍රයා වෙත යොමු විය.
නූතන විද්‍යාවේ පදනම : ජීව විද්‍යාවේ සියලූ ක්ෂේත්‍ර ඒකාබද්ධ කෙරෙන මූලධර්ම හතරක් හඳුනාගත හැකි ය.
එනම්,
1. සෛලවාදය 2. පරිණාමය 3. ජාන සිද්ධාන්තය 4. සමස්තිථිය
සෛලවාදය : සෑම ජීවියකු ම අඩු තරමින් එක් සෛලයකින් හෝ සෑදී තිබිය යුතු බව මෙමගින් කියැවේ. සෛලය සියලූ ම ජීවීන්ගේ ව්‍යූහමය මෙන් ම කි‍්‍රයාකාරී ඒකකයයි. සෑම ජීවියකුගේ ම සෑම ෙසෙලයක ම රසායනික ස්වභාවය සහ සෛල තුළ සිදුවන සෛලීය කි‍්‍රයාවන්ගේ යාන්ත්‍රණ බොහෝ දුරට සමාන ය. සෑම සෛලයක් ම ඊට පෙර තිබූ සෛලයක් විභජනයෙන් ගුණනය වීමෙන් හටගනී. සෛලවාදය ලොව ඉදිරිපත් කරන ලද්දේ 19 වන සියවසෙහි විසූ ජර්මන් ජාතික ජීව විද්‍යාඥයින් දෙදෙනකු වූ ටී. ශ්වාන් සහ එච්. ශ්ලයිඩන් විසිනි. ශ්ලයිඩන් ශාක සමග පර්යේෂණයේ යෙදුණ අතර ශ්වාන් සත්ත්ව විද්‍යාඥයෙක් විය. ඊට පසු 1855 දී ජර්මන් වෛද්‍යවරයකු හා ජීව විද්‍යාඥයකු වූ රුඩොල්ෆ් වර්කොව් විසින් ෙසෙල හැම විට ම ඊට පෙර තිබූ ෙසෙලයක් විභජනය මගින් ගුණනය වීමෙන් හටගන්නා බව පෙන්වා දෙන ලදි. මෙය ඔහුගේ ‘සෑම සෛලයක් ම හටගන්නේ වෙනත් සෛලයක් මගින් ය’ යන කියමනෙන් පැහැදිලි වේ. එබැවින් අද සෛලවාදය පිළිබඳ සඳහන් කිරීමේ දී ශ්ලයිඩන්, ශ්වාන් සහ වර්කොව් යන විද්‍යාඥයන් තිදෙනා පිළිබඳව ම සඳහන් කෙරේ.
සෛල විද්‍යාව මගින් සෛලයේ ව්‍යූහය, කායික ගුණාංග, එහි චර්යාව, අන්තර් කි‍්‍රයා සහ සෛල ජීවත්වන පරිසරය පිළිබඳ අධ්‍යයනය කෙරේ. මෙම අධ්‍යයන අණ්වීක්ෂීය සහ අණුක මට්ටම්වල දී සිදු කෙරේ. ෙසෙල විද්‍යාව බැක්ටීරියා වැනි ඒක ෙසෙලිකයින් පිළිබඳවත් මිනිසා වැනි බහු සෛලිකයින්ගේ විශේෂිත සෛල පිළිබඳවත් අවධානය යොමු කරයි. සෛලයේ සංයුතිය සහ සෛලයේ කි‍්‍රයාකාරීත්වය පිළිබඳ අවබෝධ කර ගැනීම ජීව විද්‍යාවේ අන් සියලූ විෂය ක්ෂේත්රයන්ට මූලික වේ. විවිධ සෛල වර්ග අතර ඇති සමානතා හා විෂමතා හඳුනා ගැනීම සෛල විද්‍යාවේ දී සහ අණුක ජීව විද්‍යාවේ දී අතිශය වැදගත් ය.
පරිණාමය : ජීව විද්‍යාවෙහි එක් ප්‍රධාන මධ්‍යගත සංකල්පයක් වන්නේ ජීවය පරිණාමය තුළින් වෙනස් වීම හා වර්ධනය වීම සිදුවන බවත් අද පෘථිවිය මත දක්නට ලැබෙන සියලූ ජීවී ආකාර පොදු සම්භවයක් සහිත බවත් ය. පෙර සඳහන් කළ ජීවයේ මූලික ඒකකය වන සෛලය සහ එහි කාය කර්මීය කි‍්‍රයා පිළිබඳව සැලකීමේ දී ජීවීන් අතර ඇති සමානතා හා පොදු සම්භවය පිළිබඳ සිත්ගන්නා සුලූ සාක්ෂි දක්නට ලැබේ.
පරිණාමය පිළිබඳ අදහස් ඈත අතීතයේ සිට ම මිනිසා තුළ පැවැති අතර ඇතැමෙක් අද පෘථිවිය මත ජීවත් වන ජීවීන් ඊට පෙර ජීවත් වූ ජීව ආකාරවලින් පැවැත එන බව විශ්වාස කළහ. 1760 දී ප්රංස ස්වභාව විද්‍යාඥයකු වූ බෆන් විසින් සතුන්ගේ ස්වභාව ඉතිහාසය නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදි. විවිධ ක්ෂීරපායී සතුන්ගේ ගාත්රා, අස්ථි පරීක්ෂා කොට ඒවා අතර ඇති සමාන අසමානතා සමහර සතුන්ගේ දක්නට ලැබෙන භාවිත නොවන කොටස් ආදිය පිළිබඳ බෆන්ගේ අවධානය යොමු විය. නිදසුනක් ලෙස ඌරාගේ ගාත්රයෙහි පොළොවෙහි නොගැටෙන ඇගිලි දෙකක් ඇති බව නිරීක්ෂණය කළ බෆන් ඌරාගේ පූර්වජයාට හොඳින් භාවිත කෙරෙන ඇඟිලි තිබෙන්නට ඇති බව ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් පොදු පූර්වජයකුගෙන් විවිධ දිශා ඔස්සේ පරිණාමය වීමේ යාන්ත්‍රණය පිළිබඳ බෆන්ට අවබෝධයක් නොතිබුණ බව පෙනේ. පසුව බෆන්ගේ ශිෂ්‍යයකු වූ ජීන් බැප්ටිස්ට් ඩි ලැමාක් විසින් ඉහත කී වෙනස්වීම් සිදුවන ආකාරය පැහැදිලි කිරීම සඳහා යාන්ත්‍රණයක් ඉදිරිපත් කෙරිණ. යම් ජීවියකු කිසියම් දේහ කොටසක් හෝ අවයවයක් සන්තත වහරයට හෙවත් නිරන්තර භාවිතයට ලක් කරනු ලැබුව හොත් එම දේහ කොටස විශාල වී වර්ධනය වී වැඩිදියුණු වීම සිදුවන බවත් සන්තත අවහරයට හෙවත් දිගින් දිගට ම භාවිත නොකළ හොත් එම දේහ කොටස දුර්වල, අවශිෂ්ට හෝ අතුරුදහන් විය හැකි බවත් ලැමාක්ගේ අදහස විය. තවදුරටත් යම් ජීවියකු ඉහත අයුරින් ලබා ගන්නා ආර්ජිත හෝ පරිචිත ලක්ෂණ ඊ ළඟ පරම්පරාව වෙත සම්පේ‍්‍රෂණය වන බවත් මෙසේ දිගින් දිගට ම සම්පේ‍්‍රෂණය වීම නිසා විවිධ ජීවීන් විවිධ දිශා ඔස්සේ පරිණාමය වූ බවත් ලැමාක්වාදයෙන් කියැවිණ. කෙසේ වෙතත් නූතන විද්‍යාඥයන් යම් ජීවියකු තම ජීවිත කාලය තුළ දෛහික ප්ලාස්මයට එකතු කර ගන්නා ආර්ජිත හෝ පරිචිත ලක්ෂණ ඊ ළඟ පරම්පරාව වෙත සම්පේ‍්‍රෂණය වන බව පිළිනොගන්නා නිසා ලැමාක්වාදය පිළිගැනීම ගැටලූ සහිත වී ඇත. 1858 දී ඇල්ෆ්රඞ් රසල් වොලස් සහ චාල්ස් ඩාවින් නමැති විද්‍යාඥයින් දෙපළ විසින් ඉදිරිපත් කරන ලද අන්දමට පරිණාමීය කි‍්‍රයාවලිය සඳහා ජවය සපයනු ලබන්නේ ස්වාභාවික වරණය මගිනි. ඩාවින්වාදය ප්‍රධාන නිරීක්ෂණ තුනකින් ද ඒ මත බැසගත් නිගමන දෙකකින් ද සමන්විත වේ. ඩාවින් සහ වොලස් විසින් ඉදිරිපත් කරන ලද ස්වාභාවික වරණය පදනම් කොට ගෙන අද පවත්නා විශේෂයන්ගෙන් නව විශේෂ හටගැනීමේ වාදය පහත සඳහන් ආකාරයට සාරාංශ කොට ඉදිරිපත් කළ හැකි ය :
නිරීක්ෂණ 1 : ඕනෑ ම ගහනයක ඇති කරන ජනිතයන් සංඛ්‍යාව එම ගහනය තුළ මියයන්නන්ගේ සංඛ්‍යාවට වඩා අතිශයින් වැඩි ය. නිරීක්ෂණ 2 : කිසියම් ගහනයක සාමාජිකයන්ගේ සංඛ්‍යාව පරපුරින් පරපුරට බොහෝ දුරට නියතයක් ලෙස පවතී. නිගමන 1 : ගහනයක බොහෝ සාමාජිකයන්ට ජීවත්වීම සඳහාත් අභිජනනය සඳහාත් අවස්ථාවක් නොලැබෙන අතර ගහනය තුළ ප්‍රවර්තනය සඳහා අරගලයක් පවතී. නිරීක්ෂණ 3 : සෑම ගහනයක් තුළ ම සාමාජිකයන් අතර ප්‍රභේදන දක්නට ලැබේ. නිගමන 2 : ගහන තුළ ප්‍රවර්තනය සඳහා වූ අරගලයේ දී සමහර ප්‍රභේදන සහිත ජීවීන්ට වැඩි වාසි සැලසෙන අතර ඔවුන්ට අභිජනනය සඳහා වැඩි අවස්ථා සැලසී ජනිතයන් වැඩි සංඛ්‍යාවක් නිපදවීමට හැකියාව ලැබේ.
මෙලෙස හිතකර ලක්ෂණ ස්වාභාවික ලෙස තේරීමකට භාජනය වීම ස්වභාවික වරණය ලෙස හැඳින්වේ. මෙසේ හිතකර ප්‍රභේද ඔවුන්ගේ ජනිත පරම්පරාවට ආදි වශයෙන් දිගින් දිගට ම පරම්පරා ඔස්සේ සම්පේ‍්‍රෂණය වීම නිසා ක්‍රමයෙන් වෙනස් ලක්ෂණ ගන්නා ගහනය එක් අවස්ථාවක මුල් ගහනයට සමාන ජීවීන් සමග අන්තරාභිජනනය සිදු නොකරන අවස්ථාවට පත් වූ විට එය නව විශේෂයක් ලෙස දළ වශයෙන් හැඳින්වේ. මේ අනුව ජීව විද්‍යාඥයන් තුළ අද දක්නට ලැබෙන ජීව ආකාර ඇති වූ යාන්ත්‍රණය පිළිබඳ විශාල සංකල්පමය වෙනසක් ඇති විය. ඊට පෙර බොහෝ දෙනකුගේ විශ්වාසය වූයේ දේව කේන්ද්‍රීය ලබ්ධිවලට අනුව අද පවත්නා ජීව ආකාරයන් ද සමග සමස්ත පෘථිවිය ම කිසියම් සුපිරි බලයක් විසින් මවන ලද බව ය. මීට සියවස් එකහමාරකට පමණ පෙර බිහි වූ ඩාවින් ප්රමුඛ ජීව විද්‍යාඥයන්ගේ අදහස් සමග පෘථිවිය කලින් සිතුවාට වඩා බොහෝ පැරණි බවත් ජීවය අතිදීර්ඝ කාලයක් ඔස්සේ වෙනස්වීම්වලට භාජනය වෙමින් අද පවතින ජීව ආකාර ඇති වූ බවත් ක්‍රමයෙන් පොදු ජන පිළිගැනීමට බවට පත් විය.
පෘථිවිය මත ජෛව ඉතිහාසයෙහි ප්‍රධාන සිදුවීම්: පෘථිවියෙහි වයස දළ වශයෙන් වසර බිලියන හතරහමාරත් පහත් අතර වේ යැයි ගණන් බලා තිබේ. පෘථිවියෙහි ඉතිහාසය දින 30ක මාසයකට කැටි කළ හොත් ජෛව ඉතිහාස-යෙහි ප්‍රධාන සිදුවීම් ඇති වූ කාලය පිළිබඳ පැහැදිලි හැඟීමක් ඇති කර ගත හැකි ය.
මෙහි එක් දිනයකින් වසර මිලියන 150ක කාලයක් නිරූපණය කෙරේ. මේ අනුව ප්‍රථම ජීවය පහළ වී ඇත්තේ වසර බිලියන හතරකට පමණ පෙර එනම් කැලැන්ඩරයේ තුන්වන, හතරවන දින අතර දී ය. පැරණි ම පොසිලය හමු වන්නේ හත්වන දිනයේ දී වන අතර ප්‍රභාසංශ්ලේෂණය හටගෙන ඇත්තේ 14 වන දිනයේ දී ය. මිනිසාගේ සම්භවය තිස්වන දින රාතී‍්‍ර 11.50ට පමණ එනම් කාලය අවසන් වන්නට විනාඩි 10කට පෙර සිදු වූ අතර වාර්තාගත මිනිස් ඉතිහාසය වන්නේ දින තිහේ කැලැන්ඩරයේ අවසාන තත්පර පහ පමණි.
ජීවයේ පරිණාමීය වෘක්ෂය : අද බොහෝ දෙනකු විසින් පිළිගනු ලබන ස්වභාවවාදී මතයට අනුව ජීවය මීට වසර බිලියන හතරකට පමණ පෙර සරල අකාබනික අනු සහ විවිධ පරිසර සාධකවල බලපෑම මත සාගර ජලයෙහි අතිශය සරල ආකාරයකින් හටගෙන ඇත. එහෙත් අද පෘථිවිය මත එකිනෙකා සමග අන්තර් අභිජනනය නොකරන එකිනෙකට වෙනස් ජීවී විශේෂ මිලියන එකහමාරක් පමණ හඳුනා ගෙන නම් කොට විස්තර කර ඇති අතර හඳුනා නොගත් ජීවීන් සමග මිලියන තිහක් පමණ මිහිමත අද වාසය කෙරෙතැයි බොහෝ විද්‍යාඥයෝ විශ්වාස කරති. අතීතයෙහි ඊට සමාන හෝ අධික ජීවී විශේෂ සංඛ්‍යාවක් වඳ වී ගොස් ඇති බවට සාක්ෂි පවතී. පෘථිවිය මත ජීවය පහළ වීමේ පටන් අද දක්වා වූ කාල පරිච්ෙඡ්දය තුළ පහළ වී ඇති ජීවීන් අතර පවතින බන්ධුතා පෙන්වන රුක් සටහන පරිණාමීය වෘක්ෂය ලෙස හැඳින්වේ. පෘථිවිය මත සම්භව වූ ජීවය ප්‍රධාන වසම් තුනක් ඔස්සේ විකාශනය වූ බව අද පොදු පිළිගැනීමයි.
ජීවයේ පරිණාමීය වෘක්ෂය
(සටහන)
ජීවීන් වර්ගීකරණය : ඈත අතීතයේ පටන් ම ශාක හා සතුන් ඔවුන්ගේ බාහිර ලක්ෂණ අනුව විවිධ කාණ්ඩවලට බෙදා දැක්වීම සිදු විය. ජීව විද්‍යාවෙහි වර්ගීකරණය ප්‍රධාන වශයෙන් ජීවීන් හඳුනාගැනීම සහ ජීවීන් විවිධ ස්වාභාවික කණ්ඩායම්වලට වර්ගීකරණය කිරීම සඳහා භාවිත කරනු ලබයි. දැනට හඳුනාගෙන නම් කොට ඇති නිදර්ශක සමග ප්‍රධාන ලෙස බාහිර ලක්ෂණ සංසන්දනය කිරීම මගින් නව නිදර්ශක හඳුනාගැනීම සහ වර්ග කිරීම සිදු කරනු ලබයි. නොදන්නා ජීවියකු හඳුනා ගැනීමේ දී උපකාරයට ගැනීම සඳහා දැනට හඳුනාගෙන ඇති ජීවීන්ගේ තොරතුරු අන්තර්ගත කොට සාදා ඇති සටහන්, සූචි හෙවත් යතුරු උපයෝගී කර ගැනේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ භාවිත කොට හැම විට ම දෙකට බෙදෙන සේ සකස් කළ සූචි හෙවත් යතුරු ‘දෙබෙදුම් සූචි’ ලෙස හඳුන්වනු ලැබේ.
අද සියලූ ම ජීවීන් සඳහා ගොඩනගා ගෙන ඇති වංශ ප්‍රවේණික වෘක්ෂය නිර්මාණය කිරීම සඳහා පදනම් කොට ගෙන ඇත්තේ රයිබොසෝමවල අන්තර්ගත රයිබො නියුක්ලික් අම්ලය ම ජීවීන් සඳහා කේතය සපයන ජානයේ අඩංගු ප්‍රධාන දත්ත ය. කාල් වුසි විසින් ප්‍රථම වරට සියලූ ම ජීවීන් ප්‍රධාන වසම් තුනකට වෙන් කරන ලද්දේ මෙම රඍභ් ජානයේ අඩංගු දත්තයන්ට අනුව ය. වෙනත් ජානවල අඩංගු තොරතුරු පදනම් කොට ගෙන ගොඩනැගූ වංශ ප්‍රවේණික වෘක්ෂ ද මුල් වෘක්ෂයට බෙහෙවින් සමාන වුව ද වෘක්ෂයේ මුල් අතු බෙදීම්වල පමණක් සමහර විෂමතා දක්නට ලැබිණි. කෙසේ වෙතත් ඉහත කී ප්‍රධාන වසම් අතර ඇති බන්ධුතා තවමත් එතරම් පැහැදිලි නැත.
වර්ගීකරණ විද්‍යාවෙහි ශාඛාවක් ලෙස වර්ගීකරණය දැක්විය හැකි ය. වර්ගීකරණය මගින් ඇති කෙරෙන ජීවී කාණ්ඩ ටැක්සා ලෙස හැඳින්වේ. සාම්ප්‍රදායික ලෙස ජීවීන් ප්‍රධාන කාණ්ඩ පහකට බෙදා වෙන් කිරීම රාජධානි පහේ වර්ගීකරණය ලෙස හඳුන්වනු ලැබේ. ඒවා නම් :
1. මොනෙරා රාජධානිය 2. ප්‍රොටිස්ටා රාජධානිය 3. දිලීර රාජධානිය 4. ශාක රාජධානිය 5. සත්ත්ව රාජධානිය
මෙලෙස සාම්ප්‍රදායිකව සියලූ ම ජීවීන් රාජධානි පහකට බෙදා තිබුණ ද අද බොහෝ විද්‍යාඥයන් පිළිගනු ලබන්නේ පෙර සඳහන් කරන ලද වසම් තුනකින් ආරම්භ වන වර්ගීකරණ පද්ධතියයි:
1. ආදි බැක්ටීරියා 2. බැක්ටීරියා 3. යථා න්‍යෂ්ටිකයන්
මෙම වසම් මගින් ෙසෙලයෙහි න්‍යෂ්ටියක් ඇති නැති බවත් සෛලයේ පිටත ස්වභාවයත් පැහැදිලි කෙරෙයි. ඉන්පසුව ඇති මට්ටම රාජධානි වන අතර එක් එක් රාජධානිය, විශේෂ වෙන වෙන ම වර්ගීකරණය කෙරෙන තෙක් පිළිවෙළින් කොටස්වලට බෙදා දැක්වේ.
1. වසම 2. රාජධානිය 3. වංශය 4. වර්ගය 5. ගෝත්‍රය 6. කුලය 7. ගණය 8. විශේෂය
මෙහි විශේෂය යන්න වෙනුවට නූතන ස්වභාව විද්‍යාඥයන් විසින් ‘රටා සමය’ යන පදය වඩා සුදුසු යැයි යෝජනා කරනු ලැබ ඇත. ජීවීන් සඳහා වූ විද්‍යාත්මක නාම යොදා ඇත්තේ ජීවියාගේ ගණය සහ විශේෂය සඳහා ය. උදාහරණ ලෙස නූතන මිනිසාගේ විද්‍යාත්මක නාමය හෝමෝ සේපියන්ස් සේපියන්ස් ලෙස දැක්වේ. හෝමෝ යනු මිනිසා අයත් වන ගණය වන අතර සේපියන්ස් යනු විශේෂයයි (මෙහි දෙවන සේපියන්ස් යන පදය නූතන මිනිසා අයත් වන උපවිශේෂය දැක්වීම සඳහා ය). විද්‍යාත්මක නාම ලිවීමේ දී ගණ නාමයේ පළමු අකුර ලතින් ලොකු අකුරින් ලිවිය යුතු වන අතර ඉතිරි අකුරු සියල්ල ඉංගී්රසි (ලතින්) කුඩා අකුරින් ලිවිය යුතු ය. පද කිහිපයක් ලිවීමේ දී යටින් ඉරක් ඇඳීමෙන් ද මුද්‍රණයේ දී නම් ඇද අකුරු භාවිත කිරීමෙන් ද හුවා දැක්විය යුතු ය. ජීවීන් වර්ගීකරණය සහ නාමකරණය සඳහා වූ ප්රමුඛ පද්ධතිය හඳුන්වනු ලබන්නේ ලිනේයස්ගේ වර්ගීකරණ පද්ධතිය ලෙසිනි. ජීවීන් නම් කරනු ලැබීම කළමනාකරණය කරනු ලබන්නේ අන්තර්ජාතික ශාක නාමකරණ සංග්‍රහය, අන්තර්ජාතික සත්ත්ව නාමකරණ සංග්‍රහය සහ අන්තර්ජාතික බැක්ටීරියා නාමකරණ සංග්‍රහය මගිනි. ජීවීන් නාමකරණය කිරීම තවදුරටත් ප්රමිතිකරණය කිරීම සඳහා 1997 දී සිව්වන ජෛව සංග්‍රහයේ කෙටුම්පත ප්‍රකාශයට පත් කරන ලදි. වයිරස් වර්ගීකරණය සඳහා වූ අන්තර්ජාතික වයිරස් වර්ගීකරණ හා නාමකරණ සංග්‍රහය ජෛව සංග්‍රහ කෙටුම්පතට අයත් නොවේ.
ජීවීන් සහ පරිසරය : ජීවීන් පරිසරය සමග සිදු කරන අන්තර්කි‍්‍රයා, විවිධ ජීවීන්ගේ බහුලතාව සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලබන ජීව විද්‍යාවේ ශාඛාව පරිසර විද්‍යාවයි. ජීවියකුගේ පරිසරය යනු එම ජීවියාගේ වාසස්ථානය වන අතර එහි ඇති සියලූ ම (පස, දේශගුණය වැනි) අජෛව සාධක සහ එම ජීවියා සමග වාසස්ථානය බෙදා හදා ගන්නා සියලූ ම ජීවීන් ද ඊට අයත් ය. පරිසර විද්‍යාවේ දී ජෛව පද්ධතීන් විවිධ මට්ටම්වලින් අධ්‍යයනය කෙරෙන අතර ඒවා ප්‍රධාන වශයෙන් තනි ජීවීන් හෙවත් ඒකෛකයන්, ජීවීගහන, පරිසර පද්ධති සහ ජෛවගෝලය වශයෙන් බෙදා දැක්විය හැකි ය.
පරිසර විද්‍යාවේ දී සතුන්ගේ චර්යා පිළිබඳව ද අධ්‍යයනය කෙරෙන අතර විටෙක එය සත්ත්ව විද්‍යාවෙහි ශාඛාවක් ලෙස ද සලකනු ලැබී ය. කෙසේ වෙතත් චර්යා විද්‍යාඥයෝ ප්‍රධාන වශයෙන් සත්ත්ව චර්යාවන්ගේ පරිණාමය හා ස්වාභාවික වරණවාදයට අනුව චර්යා තේරුම් ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති. එක් අතකින් ප්‍රථම නූතන චර්යා විද්‍යාඥයා ලෙස චාල්ස් ඩාවින් සැලකිය හැකි වන්නේ ඔහු විසින් ප්‍රකාශයට පත් කළ ‘මිනිසා සහ සතුන්ගේ භාව ප්‍රකාශන’ නමැති ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇති අදහස් නිසා ය. ජෛව භූ විද්‍යාව මගින් ජීවීන් පෘථිවිය මත ව්‍යාප්ත වී ඇති ආකාරය, මහාද්වීප ප්ලාවිතය, දේශගුණික විපර්යාස, ජීවීන්ගේ පර්යටන සහ විසිරීයාම වැනි ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කෙරේ.
ජාන සිද්ධාන්තය : ප්රවේණි විද්‍යාවට අඩිතාලම දමමින් 1886 දී ග්‍රෙගර් මෙන්ඩල් විසින් ජීවීන්ගේ ලක්ෂණ ඇති කරන ආවේණියේ ඒකක, සාධක ලෙස හඳුන්වන ලදි. වර්තමානයේ මෙම සාධක ජාන ලෙස හඳුන්වා තිබේ. 1903 දී සට්න් විසින් ජාන වර්ණදේහවල අඩංගු බව පෙන්වා දෙන ලදි. ඩ්‍රොසොෆිලා නමැති පලතුරු මැස්සා හඳුනාගෙන මෝගන් මෙහි සත්‍යතාව පරීක්ෂණාත්මක ලෙස පෙන්වා දුන්නේ ය. මෝගන් සහ ඔහුගේ සගයින් විසින් ඩ්රොසොෆිලාගේ වර්ණදේහ හතරෙහි අඩංගු ජාන 2,000ක් පමණ සිතියම්ගත කරන ලදි.
මෙන්ඩල් හඳුන්වා දුන් සාධක පසුව 1909 දී ජොහැන්සන් ජාන ලෙස නම් කළේ ය. ජාන විවිධාකාරයෙන් හඳුන්වා දිය හැකි ය. ජීවීන්ගේ ආවේණික ඒකකය ජානයයි. එසේ නැතහොත් ජීවියකුගේ ව්‍යූහය, කායික විද්‍යාත්මක, ජෛව රසායනික හෝ චර්යාත්මක ලක්ෂණ තීරණය කරන ඒකකය ජානයයි. ජාන නිසා නිපදවන ජානඵලය ප්‍රෝටීනයකි. ජානයක අඩංගු තොරතුරු සටහන් වී ඇත්තේ ඒ තුළ අන්තර්ගත ඞී.එන්.ඒ (ඩි’ඔක්සිරයිබෝ නියුක්ලික් ඇසිඞ්)වල භෂ්ම අනුපිළිවෙළක් ලෙසට ය. ඩී. එන්. ඒ. ව්‍යූහය දැනගත් පසුව ප්‍රෝටීනයක් සඳහා කේතයක් ලෙස කි‍්‍රයාකරන ඩී. එන්. ඒ. අණුවක කොටසක් ජානයක් ලෙස විස්තර කරන ලදි. නමුත් ප්‍රෝටීනයක පොලිපෙප්ටයිඩ දාම කිහිපයක් තිබිය හැකි බැවින් එක් විශේෂිත පොලිපෙප්ඩයිඩ දාමයක් සංශ්ලේෂණය සඳහා වැදගත් වන ඩී. එන්. ඒ. අණුවක කොටසක් ලෙස ජාන දැක්වීම වඩා නිවැරදි ය. ප්රවේණි ද්‍රව්‍ය ලෙස කි‍්‍රයා කරන ඞීඑන්ඒ, සෛලවල කි‍්‍රයා පාලනය කරයි. එහි කි‍්‍රයාකාරී ඒකකය ජානය බැවින් ජානයක් කි‍්‍රයාකාරී වීමෙන් ෙසෙලවල ඇතිවන ඵලය ප්‍රෝටීනයක් හෝ පොලිපෙප්ටයිඩ දාමයකි. එම ප්‍රෝටීන, ව්‍යූහමය ප්‍රෝටීන හෝ කෘත්‍යමය ප්‍රෝටීන හෝ විය හැකි ය. ඩී. එන්. ඒ. අණුවකින් ප්‍රෝටීනයක් කෙළින් ම ගොඩනැගීම සිදු නොවේ. ඩී. එන්. ඒ. අණුවක අඩංගු තොරතුරු තවත් න්‍යෂ්ටික අම්ල වර්ගයක් වන ආර්එන්ඒ (රයිබො නියුක්ලික් ඇසිඞ්එ) අණුවක් මගින් පිටපත් කරගෙන ෙසෙලයේ රයිබොසෝම නම් විශේෂිත ඉන්ද්‍රිකාව වෙත ගොස් පිටපත් කරගත් තොරතුරුවලට අනුව පොලිපෙප්ටයිඩ දාම ගොඩනගා ගනී. ජානයක් ප්රකාශනය වන්නේ එලෙසිනි. ජීව විශේෂ අතර ජාන හුවමාරු කිරීම සහ ජානවල අඩංගු තොරතුරු අවශ්‍ය පරිදි වෙනස් කිරීම සඳහා වූ ශිල්ප ක්‍රම අද සොයාගෙන ඇති නිසා ප්රවේණි විද්‍යාඥයින්ට ජීවීන්ගේ ගෙනෝම අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකියාව ලැබී ඇත. මෙම තාක්ෂණය ජාන ඉංජිනේරු විද්‍යාව ලෙස හැඳින්වේ. ජාන ඉංජිනේරු විද්‍යාව පහත සඳහන් නම්වලින් ද හඳුන්වනු ලැබේ. එනම් : ජාන හැසිරවීම ජාන ක්ලෝනීකරණය ප්‍රතිසංයෝජක ඩී. එන්. ඒ. තාක්ෂණය ප්‍රවේණික නවීකරණය නව ප්රවේණි විද්‍යාව
සමස්තිථිය : නූතන ජීව විද්‍යාවේ පදනම සපයන අනෙක් මූලධර්මය වන්නේ සමස්තිථියයි. ජීවියකු තුළ සිදුවන සියලූ රසායනික කි‍්‍රයාකාරීත්වය, තනි රසායනික ප්රතිකි්රයා දහස් ගණනකින් සමන්විත වන බව සොයාගෙන ඇති අතර එය පරිවෘත්තිය ලෙස හැඳින්වේ. මෙහි දී ජීවීන් ප්‍රධාන පදාර්ථ හා ශක්තිය ග්‍රහණය කර ගැනීම සහ එම ශක්තිය හා පදාර්ථ විවිධාකාරයෙන් පරිවර්තනය කර ගැනීම ප්‍රධාන වශයෙන් සිදු වෙයි. මෙහි දී එක විට රසායනික ප්රතිකි්රයා රාශියක් සිදුවන අතර ඒවා සමායෝජනය කර ගැනීම ද වැදගත් වේ. මෙම ප්රතිකි්රයාවන්ගේ පාලනය හා යාමන කටයුතු ජාන මගින් සිදුවන අතර ප්රවේණි ද්‍රව්‍ය මගින් සිදු කෙරෙන මෙම යාවජීව කි‍්‍රයාවලිය හඳුනාගනු ලැබුවේ පසු ගිය සියවස තුළ දී ය.
ජීවීන් ජීවත් වන බාහිර පරිසරයෙහි තත්ත්වය ඉතා ශීඝ්‍රයෙන් හා අනපේක්ෂිත ලෙස වෙනස් වීම සිදුවෙයි. මෙම වෙනස්වීම් බොහොමයක ජීවියාගේ පාලනයෙන් බැහැර වූ ඒවා ය. මෙවැනි අවස්ථාවල ජීවියා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීමට නම් ජීවියාගේ අභ්‍යන්තර පරිසරයෙහි සාපේක්ෂ ලෙස යම් සීමාවක් තුළ භෞතික හා රසායනික තත්ත්ව නියතව පවත්වා ගෙන යා යුතු ය. මෙවැනි අවස්ථාවල ජීවීන් තම අභ්‍යන්තර පරිසරයේ තත්ත්ව නියත ලෙස පවත්වා ගෙන යනු ලබන්නේ වෙනස් වන උෂ්ණත්වය, හිරු එළිය, ආගන්තුක ද්‍රව්‍ය දේහය තුළට ඇතුළු වීම වැන්නක් සිදු වූ විට එයට අනුරූප වන පරිදි තම පරිවෘත්තිය සීරු මාරු කර ගැනීම මගිනි. මෙලෙස පරිසරයේ සිදුවන වෙනස්කම්වලින් ස්වායත්ත ලෙස ජීවීන්ගේ අභ්‍යන්තර පරිසරයේ තත්ත්ව සාපේක්ෂ ලෙස නියත තත්ත්වයක පවත්වාගෙන යාමේ කි‍්‍රයාවලිය සමස්තිථිය ලෙස හැඳින්වේ. පරිසර උෂ්ණත්වය කෙසේ වුව ද මිනිසාගේ දේහ උෂ්ණත්වය නියත අගයක පවත්වාගෙන යාම සමස්තිථිය සඳහා නිදසුනකි.
ජයන්ත වත්තවිදානගේ