<mediawiki xmlns="http://www.mediawiki.org/xml/export-0.10/" xmlns:xsi="http://www.w3.org/2001/XMLSchema-instance" xsi:schemaLocation="http://www.mediawiki.org/xml/export-0.10/ http://www.mediawiki.org/xml/export-0.10.xsd" version="0.10" xml:lang="si">
  <siteinfo>
    <sitename>සිංහල විශ්වකෝෂය</sitename>
    <dbname>si_encyclopedia</dbname>
    <base>http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%9D%E0%B7%82%E0%B6%BA</base>
    <generator>MediaWiki 1.27.1</generator>
    <case>first-letter</case>
    <namespaces>
      <namespace key="-2" case="first-letter">මාධ්‍යය</namespace>
      <namespace key="-1" case="first-letter">විශේෂ</namespace>
      <namespace key="0" case="first-letter" />
      <namespace key="1" case="first-letter">සාකච්ඡාව</namespace>
      <namespace key="2" case="first-letter">පරිශීලක</namespace>
      <namespace key="3" case="first-letter">පරිශීලක සාකච්ඡාව</namespace>
      <namespace key="4" case="first-letter">සිංහල විශ්වකෝෂය</namespace>
      <namespace key="5" case="first-letter">සිංහල විශ්වකෝෂය සාකච්ඡාව</namespace>
      <namespace key="6" case="first-letter">ගොනුව</namespace>
      <namespace key="7" case="first-letter">ගොනුව සාකච්ඡාව</namespace>
      <namespace key="8" case="first-letter">මාධ්‍යවිකි</namespace>
      <namespace key="9" case="first-letter">මාධ්‍යවිකි සාකච්ඡාව</namespace>
      <namespace key="10" case="first-letter">සැකිල්ල</namespace>
      <namespace key="11" case="first-letter">සැකිලි සාකච්ඡාව</namespace>
      <namespace key="12" case="first-letter">උදවු</namespace>
      <namespace key="13" case="first-letter">උදවු සාකච්ඡාව</namespace>
      <namespace key="14" case="first-letter">ප්‍රවර්ගය</namespace>
      <namespace key="15" case="first-letter">ප්‍රවර්ග සාකච්ඡාව</namespace>
      <namespace key="828" case="first-letter">Module</namespace>
      <namespace key="829" case="first-letter">Module talk</namespace>
    </namespaces>
  </siteinfo>
  <page>
    <title>සිංහල විශ්වකෝෂය</title>
    <ns>0</ns>
    <id>266</id>
    <revision>
      <id>3586</id>
      <parentid>1031</parentid>
      <timestamp>2023-09-26T10:52:19Z</timestamp>
      <contributor>
        <username>Senasinghe</username>
        <id>9</id>
      </contributor>
      <model>wikitext</model>
      <format>text/x-wiki</format>
      <text xml:space="preserve" bytes="24207">&lt;!-- [[File:infobox3.png|frame|link=http://www.culturaldept.gov.lk/]] --&gt;

{{Infobox
 | title = අප ගැන
 | name = සිංහල විශ්වකෝෂය
 | headerstyle = background-color:#ccc;
 | labelstyle = background-color:#ddd;
 | labelstyle  = color: #666666;
 | header1 = ආයතනයේ නම
 | label2= 
 | data2 = සිංහල විශ්වකෝෂය 
 | header3 = සම්බන්ධ ආයතනය
 | label4= 
 | data4 = සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
 | header5 = ආරම්භක වර්ෂය
 | label6= 
 | data6 = 1955
 | header7 = වර්තමාන ප්‍රධාන කර්තෘ
 | label8= 
 | data8 = මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
 | header9 = දැනට මුද්‍රිත කාණ්ඩ සංඛ්‍යාව
 | label10= 
 | data10 = 14
 | header11 = විමසීම්
 | label12 = 
 | data12 = '''ලිපිනය''': 4 වන මහල, සෙත්සිරිපාය (අදියර-II), බත්තරමුල්ල.   

'''දුරකථන අංකය''': +94 112 192351

'''ෆැක්ස්''': +94 112 192351
'''ඉ-තැපෑල''': sinhala_ency@culturaldept.gov.lk
}}


== සිංහල විශ්වකෝෂ කාර්ය මණ්ඩලය ==

[[File:Kulatilakakumarasingha.jpg|150px]]

 '''ප‍්‍රධාන කර්තෘ'''

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

[''බී. ඒ. (ගෞ) (ශ‍්‍රී ලංකා), පීඑච්.ඞී. (කැලණිය), ජපන් භාෂා ඩිප්ලෝමා (ඔසාකා වි.භා.වි. ජපානය), ඉංග‍්‍රීසි භාෂා ඩිප්ලෝමා (ඇක්වයිනාස්), හින්දි භාෂා දෑවුරුදු සහතිකය (ශ‍්‍රී ලංකා), පෘතුගීසි භාෂා එක් අවුරුදු සහතිකය (ශ‍්‍රී ලංකා), සාම්ප‍්‍රදායික ජපන් නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ලලිත කලා අධ්‍යයනාංශයේ අංශාධිපති, මානව ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපති, වැඩබලන උපකුලපති, මහා බි‍්‍රතාන්‍යයේ ලංඩන් විශ්වවිද්‍යාලයේ මධ්‍ය කාලීන ලංකාවේ සමාජ සංවිධානය පිළිබඳ පර්යේෂක, ජපානයේ ක්යෝතෝහි ජපන් අධ්‍යයන කටයුතු පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ පර්යේෂක, ජපානයේ තෝක්යෝහි දයිතෝ බුන්ක විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය කලාව පිළිබඳ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල, ජපන් හා ලලිත කලා යන අධ්‍යයනාංශවල බාහිර කථිකාචාර්ය, ශ‍්‍රී ලංකාවේ කොන්ෆ්‍යුෂියස් ආයතනයේ අධ්‍යක්ෂ, සිංහල සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ආදී තනතුරු දැරූ'']

 '''නියෝජ්‍ය කර්තෘ''' 

රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ - 
[''බී. එස්සී. (මොස්කව්), එම්. එස්සී. (මොස්කව්), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), රුසියානු භාෂා ප‍්‍රවීණතා සහතිකය (මොස්කව්)'']

 '''සහකාර කර්තෘ''' 

[[File:JagathiEleperuma.jpg|150px]]

ජගති චමිලා ඉලේපෙරුම -
[''බී.ඒ. ගෞ. (ශ්‍රී ජයවර්ධනපුර), එම්. ඒ. (කැලණිය),පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (විවෘත විශ්වවිද්‍යාලය)'']

 '''කර්තෘ මණ්ඩල සහකාර'''

[[File:SugandiKDMendis.jpg|150px]]

සුගන්ධි කලණා දෑසමන් මෙන්ඩිස් - 
[''බී.ඒ. ගෞ. (රුහුණ), එම්. ඒ. (කැලණිය)'']

 '''සංවර්ධන නිලධාරි '''

[[File:Kaushalya.jpg|150px]]

එස්. සුචිත්‍රානි කෞශල්‍යා
[''බී.ඒ. ගෞ. (කැලණිය), එම්. ඒ. (කැලණිය)'']


 '''චිත‍්‍ර සංස්කාරක'''  

එම්.ඩී. රංජන සිරිවර්ධන - [''චිත‍්‍ර ශිල්පී පුහුණු පාඨමාලා සහතිකය (NAITA), සාම්ප‍්‍රදායික චිත‍්‍ර ශිල්පී ව්‍යාපෘතිය - පළමු පෙළ, සිතුවම් සංරක්ෂණය (මොරටුව), පරිගණක මුද්‍රණ රටා පාඨමාලාව (රජයේ මුද්‍රණාලය), ලෝක කලා ඉතිහාසය (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය)'']


 '''ශෝධ්‍ය පත‍්‍ර  පාඨක''' 

[[File:Dinushi.jpg|150px]]

දිනුෂි නිරෝමා හිරිපිටිය

 '''පරිගණක දත්ත ක්‍රියාකරු '''  

[[File:Ruchira.jpg|150px]]

රුචිර දුලාජ් මධුරංග - [පරිගණක අධ්‍යයන හා මෘදුකාංග සංවර්ධන උසස් ජාතික ඩිප්ලෝමා (ග්‍රීන්විච්, ලන්ඩන්)]

 '''පුස්තකාල සහකාර''' 

[[File:NMarasinghe.jpg|150px]]

එන්. මාරසිංහ - [පුස්තකාල විඥාපන විද්‍යා ඩිප්ලෝමාව (ජාතික පුස්තකාල සංගමය, කොළඹ)]  

'''සහාය කාර්ය මණ්ඩලය'''
 
 '''කාර්යාල කාර්ය සහායක'''  

[[File:Banuranga.jpg|150px]]

එම්.වී. භානුරංග

== සිංහල විශ්වකෝෂය යනු කුමක් ද? ==

යම් කරුණක් පිළිබඳ සකලාංග සම්පූර්ණ තොරතුරු ඇතුළත් විශේෂඥ ලිපි අකාරාදි පිළිවෙළින් පෙළගස්වා සැපයෙන ග‍්‍රන්ථ මාලාවකි. විශ්වකෝෂ සම්පාදනයේ අරමුණ වනුයේ පහසුවෙන් හා කඩිනමින් නව දැනුම කරා ප‍්‍රවිෂ්ට වීමට අවකාශ සැපයීමය.    

2500 වන බුද්ධ ජයන්ති වැඩ පිළිවෙළේ කාර්යභාරය ඉසිලූ ලංකා බෞද්ධ මණ්ඩලය විසින්, විශ්ව සම්මත ප‍්‍රමිතීන්ට ගැළපෙන ආකාරයෙන් සිංහල භාෂාවෙන් විශ්වකෝෂයක් සම්පාදනය කරනු පිණිස ‘සිංහල විශ්වකෝෂ කාරක සභාව’ නමින් ආයතනයක් පිහිටුවීය. එහි සභාපති පදවිය එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයාව සිටි ඩී. ඊ. හෙට්ටිආරච්චි මැතිඳුන් වෙත පිරිනමන ලදි. ලේකම් පදවිය සඳහා පත් වූයේ ආචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මැතිඳුය. 1955 මැයි 02 වන දා එවක ස්වදේශ කටයුතු භාර අමාත්‍ය ව සිටි ඒ. රත්නායක මැතිඳුන් විසින් උත්සවාකාරයෙන් සිංහල විශ්වකෝෂ කාර්යාලය විවෘත කරනු ලැබිණි. දැන් මෙය පිහිටා තිබෙනුයේ බත්තරමුල්ලේ, කඩුවෙල පාරේ, අංක 275 දරන ස්ථානයේය. 2016-10-13 දින සිට මෙහි ප‍්‍රධාන කර්තෘ ධුරය දරනුයේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මැතිඳුන් විසිනි.

== සිංහල විශ්වකෝෂය කුමක් සඳහා ද? එහි අරමුණු ==

1. විද්වතුන් අතර පමණක් නොව සාමාන්‍ය ජනයා අතර පවා නූතන විද්‍යා දැනුම පැතිරවීම සිංහල විශ්වකෝෂයේ මුඛ්‍ය අරමුණක් වෙයි. 

2. ලංකාව පිළිබඳව විවිධ විෂය ක්ෂේත‍්‍ර නියෝජනය කරන තොරතුරු පහසුවෙන් සොයා පරිශීලනය කළ හැකි අයුරින් පෙළ ගැස්වීමත් සිංහල විශ්වකෝෂයේ අරමුණකි.

3. ලෝකයේ වෙනත් කිසිදු විශ්වකෝෂයක නොදක්නා ලැබෙන ප‍්‍රතිපත්තියක් සිංහල විශ්වකෝෂය අනුගමනය කරයි. එනම් මෙහි පළවන ලිපිවලින් අඩක් ශ‍්‍රී ලංකාවේ තොරතුරු 
වෙනුවෙන් වෙන් කෙරෙන අතර ඉතිරි අඩ නවීන විද්‍යා දැනුම වෙනුවෙන් වෙන් කිරීමයි.

== සිංහල විශ්වකෝෂයේ ඇතුළත් වන්නේ මොනවාද? ==

1. 1963 සිට මේ දක්වා පළ ව ඇති, ඉහත සඳහන් සියලුම විශ්වකෝෂ කාණ්ඩවල ඇතුළත් කල් ඉකුත් නොවූ තෝරාගත් ලිපි සියල්ල මෙම වෙබ් අඩවියෙන් ඔබට කියවිය හැකිය.

2. අකාරාදී පිළිවෙළට නොවූව ද දැනට සම්පාදනය වෙමින් පවතින ලිපි ද සම්පාදනය වූ වහාම වෙබ් අඩවියට මුදා හැරේ.

3. එකී ලිපිවලට අදාළ සමහර රූප සටහන් හා ඡායාරූප ද ඔබට දැක ගත හැකිය.

== දැනට නිකුත් කර ඇති විශ්වකෝෂ කාණ්ඩ ==

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල විශ්වකෝෂ කාර්යාලය, සිය දැනුම් කෝෂ්ඨාගාරය, එනම් 1963 සිට මේ දක්වා එළිදැක්වුණු සියලුම සිංහල විශ්වකෝෂ කාණ්ඩවල 
කල් ඉකුත් නොවූ ලිපි අන්තර්ජාලය මගින් මෙසේ ඔබ හමුවේ තබයි. සිංහල විශ්වකෝෂයේ මෙතෙක් නිකුක් වූ ලිපි සියල්ල කාණ්ඩ වශයෙන් මෙසේය,

1. 	කාණ්ඩය  -	අ සිට අයිසොප‍්‍රින් දක්වා-1963 

2. 	කාණ්ඩය  -	අයිසෝරියාව සිට ආහාර දක්වා-1965

3. 	කාණ්ඩය  -	ආහාර ආරක්ෂණය සිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා-1967

4. 	කාණ්ඩය  -	ඉන්දුනීසියාව සිට උරස් සුවිකාර්යය දක්වා-1970

5. 	කාණ්ඩය  -	උරාර්තු සිට ඖෂධීය ශාක දක්වා-1974

6. 	කාණ්ඩය  -	ක සිට කාර්මික විද්‍යාව දක්වා-1978

7. 	කාණ්ඩය  -	කාර්මික විප්ලවය සිට කෛවල්‍යය දක්වා-1988 - 1991

8. 	කාණ්ඩය  -	කොංකෝඩැට් සිට ඛ්මේර් ජනරජය දක්වා-1994

9. 	කාණ්ඩය  -	ග සිට ගුවන් සේවා දක්වා-1998

10. 	කාණ්ඩය  -	ගුවන් හමුදාව සිට චහාර් දක්වා-2001

11. 	කාණ්ඩය  -	චා ඕ කුවාං යිං සිට ඡේදි දක්වා-2006

12.	කාණ්ඩය  -	ජ සිට ජාත්‍යන්තර වෙළෙඳාම දක්වා-2010

13.	කාණ්ඩය  -	‘ජාත්‍යන්තර ශබ්ද ශික්ෂා හෝඩිය’ සිට ‘ටර්ක්මෙනිස්ථානය’ දක්වා-2014

14.     කාණ්ඩය  -	‘ටර්ක්මෙන්වරු’ සිට ‘ඩූව්රෝ’-2019


== මෙහි ඇති ලිපි ලියා ඇත්තේ කවුද? ==

සිංහල විශ්වකෝෂයේ පළවන ලිපි ලියා ඇත්තේ අදාළ විෂය සම්බන්ධ පරිචයක් හා ප‍්‍රවීණතාවක් ඇති විද්වත් මණ්ඩලයක් විසිනි. 1955 දී සිංහල භාෂාවෙන් විශ්වකෝෂය ආරම්භ වන විට එහි කටයුතු මෙහෙයැවීම පිණිස 150කට අධික, විශ්ව සම්භාවනාවට පත් විද්වතුන් පිරිසකගෙන් විශ්වකෝෂ කාරක වර්ග හා ලේඛක මඬුල්ල සමන්විත විය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි, කෝදාගොඩ ඤාණාලෝක හිමි, මාලේවන ඤාණිස්සර හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හිමි, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, වල්පොළ රාහුල හිමි, ලබුගම ලංකානන්ද හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, බද්දේගම විමලවංශ හිමි, වැලිවිටියේ සෝරත හිමි ආදි විචක්ෂණ භික්ෂූන්වහන්සේලාගෙන් ද ලක්දාස් ද මැල් බිෂොප්තුමා, එඩ්මන්ඞ් පීරිස් රාජගුරු ප‍්‍රසාදීන්වහන්සේ ඇතුළු දේවගැතිවරුන්ගෙන් ද ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම්, පණ්ඩිත විලියම් අල්විස්, සංගීත විශාරද ලයනල් එදිරිසිංහ, මහාචාර්ය සී. ජේ. එලියේසර්, මහාචාර්ය ඩබ්. ඇස්. කරුණාරත්න, මහාචාර්ය කේ. කනපතිපිල්ලේ, සුනිධි කුමාර් චැටර්ජි, මහාචාර්ය ජේ. තිලකසිරි, ආචාර්ය ඒ. ඩබ්. ආර්. ජෝකිම්, ජුලියස් ද ලැනරෝල්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පී. ඊ. පී. දැරණියගල, ඩී. ටී. දේවේන්ද්‍ර, ඇස්. පණීභාරත, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය ඒ. ඩබ්. මයිල්වාගනම්, මහාචාර්ය ගුණපාල මලලසේකර, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ආචාර්ය ඇම්. ඞී. රාඝවන්, මහාචාර්ය එච්. සී. රායි, මාර්ටින් වික‍්‍රමසිංහ, බි‍්‍රගේඩියර් ජනරාල් එච්. ඩබ්. ජී. විජේකෝන්, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද, ආචාර්ය ඒ. ඩබ්. පී. ගුරුගේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ජේ. ඊ. සේදරමන්, හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ වැනි විද්වත්හු එකී මණ්ඩලයට ඇතුළත් වූහ.

1. අද දවසේත් ඒ ඒ විෂය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතාවක් දක්වන විද්වතුන් ලවා ම ලිපි ලියවා ගැනීම සිංහල විශ්වකෝෂය අනුගත ප‍්‍රතිපත්තියයි.

2. සිංහල විශ්වකෝෂයේ උසස් ශාස්ත‍්‍රාලීය ප‍්‍රමිතිය තහවුරු කරමින් මෙහි ප‍්‍රධාන කර්තෘත්වය දරන ලද්දේ චිරප‍්‍රකට විද්වතුන් විසිනි. සිංහල විශ්වකෝෂයේ පළමු ප‍්‍රධාන කර්තෘවරයා වූයේ මහාචාර්ය ඞී.ඊ.හෙට්ටිආරච්චි විද්වතානෝය. ඔහුගෙන් පසු ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග ද මහාචාර්ය කේ.එන්. ඕ.ධර්මදාස ද මහාචාර්ය මැන්දිස් රෝහණදීර ආදී විද්වත්හු ද කලින් කල මෙහි ප‍්‍රධාන කර්තෘ ධුරය හෙබවූහ. 

3. වර්තමානයේ මෙහි ප‍්‍රධාන කර්තෘත්වය දරනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ හිටපු පීඨාධිපති ධුරන්දර, සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ය.

== සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැක්කේ කෙසේද? ==

1. ලොව කුමන කෙළවරේ සිටිය ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට ද දායක විය හැකිය. සෑම විශ්වකෝෂ ලිපියක ම ‘සාකච්ඡා’ නමින් තීරයක් විවෘත කර ඇත. ලිපියට අදාළ නැවුම් තොරතුරු ‘සාකච්ඡා’ තීරුවෙන් ඔබට සැපයිය හැකිය. 

2. එම තීරයේ, අදාළ විශ්වකෝෂ ලිපිය සම්බන්ධ, ඔබට වැදගත් යැයි සිතෙන  ඕනෑ ම තොරතුරක් ඇතුළත් කළ හැකිය. 

3. එසේම එක් එක් ලිපිය පිළිබඳ අදහස්, යෝජනා, විචාර හා විවේචන ද ‘සාකච්ඡා’ තීරයෙහි ඔබට ලිවිය හැකිය.
 
4. එපමණක් නොව ලිපි සැපයිය යුතු නව ශීර්ෂ පාඨ ද ඔබට යෝජනා කළ හැකිය.

5. තව ද අප යෝජනා කර තිබෙන ශීර්ෂ පාඨ යල් පැන ගොස් ඇතැයි ඔබ අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ සඳහන් කිරීමෙන් ද සිංහල විශ්වකෝෂය සම්පාදනය කිරීමට ඔබට දායක විය හැකිය.

6. විශ්වකෝෂයේ පළ ව ඇති ලිපිවල අඩුපාඩු පෙන්වා දෙමින් ද ‘සාකච්ඡා’ තීරයෙන් ඔබට අප දැනුවත් කළ හැකිය. 

7. ඒ ඒ ලිපියට අදාළ ව පළ කළ හැකි ඡායාරූප, චිත‍්‍ර, රූප සටහන්, වගු, ප‍්‍රස්තාර, වීඩියෝ පට වැනි නොයෙක් උපකාරක මෙවලම් ද ඔබට යෝජනා කළ හැකිය. 

8. සිංහල විශ්වකෝෂයේ ඉදිරියේ දී පළවීමට නියමිත ව තිබෙන එහෙත් මේ දක්වා ලියා නැති මාතෘකා පිළිබඳ අදහස් ද ඔබට සෑම ලිපියක් සමඟ ම ඇති ‘සාකච්ඡා’ තීරයෙහි සඳහන් කළ හැකිය.

== විශ්වකෝෂ ලිපියක් ගවේෂණය කරන්නේ කෙසේද? ==

සිංහල විශ්වකෝෂයේ ඇති යම් කරුණක් සොයා ගැනීමට පිටුවේ දකුණු පස ඉහළ කෙළවරේ ඇති &quot;ගවේෂණය කරන්න&quot; මත ඔබට සොයා ගැනීමට අවශ්‍ය වචනය (හෝ වචන) ටයිප් කළ යුතු වෙයි. මෙහි එන සියලු ලිපි යුනිකෝඩ් ක්‍රමයට ඇතුළත් කර ඇති බැවින් යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් කරුණු සෙවීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.


'''සිංහල විශ්වකෝෂය අන්තර්ජාල ගත කිරීම කඩිනම් ව්‍යාපෘතියකි. පළ වී ඇති විශ්වකෝෂ කාණ්ඩ දහතුනේ ඇතුළත් සියලූම ලිපි දැනට ඇතුළත් නොවී තිබීමට පුළුවන. එහෙත් පියවරෙන් පියවර කල් ඉකුත් නොවූ ලිපි ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.'''</text>
      <sha1>sfs4tugi5wdae4kyizco2nmqxas3e2d</sha1>
    </revision>
  </page>
</mediawiki>
