"අධිමුත්ති" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සත්වයන්ගේ පෙර ජාතිවල පුරුද්ද නිසා ඇති වන අභිර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:46, 10 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
සත්වයන්ගේ පෙර ජාතිවල පුරුද්ද නිසා ඇති වන අභිරුචිය (කැමැත්ත) අධිමුක්තියයි. "සත්තානං පුබ්බචරියවසෙන අභිරුචි" (විමති විනෝදනී) යි කියන ලදි. මෙසේ අදහස් වශයෙන් සත්වයෝ "හීනාධිමුත්තික, පණීතාධිමුත්තික" යැයි කොටස් දෙකකට බෙදෙති. එහි ලාමක වූ පාපාධ්‍යාශය ඇති සත්වයෝ තුන්කල්හි මැ ලාමක අදහස් ඇති සත්වයන් සමග ම එකතු වෙති. උතුම් වූ කුශලාධ්‍යාශය ඇති සත්වයෝ උතුම් අදහස් ඇතියන් සමග ම එකතු වෙති; යහළු වෙති; ඔවුන් ඇසුරු කෙරෙති.
බුදුහු සත්වයන්ගේ හීනාදි අදහස් දැන දහම් දෙසති. එය බුදුන්ගේ දශබලඥානයන් අතුරෙන් පස්වැනි වූ නානාවිධමුත්තිකතාඤාණ යයි කියනු ලැබේ. සත්වයන්ගේ අධිමුත්ති දන්නා ඥානය වූකලී බුදුවරයන් කෙරෙහි ම පවත්නේය. (ධර්මප්‍රදීපිකා)
තවද "අද ම පැවිදි වෙමි", "අද ම රහත් වෙමි" ආදි වශයෙන් ගුණදහමට ම නැමී පවත්නා සනිටුහන අධිමුත්ති නමැ යි පුරාණ සිංහල ගණ්ඨිපදයෙහි විස්තර කළ බව සාරත්ථදීපනී විනයටීකාවෙහි දැක්වේ.
(සංස්කරණය:1963)