"අධිවෘක්ක ග්‍රන්ථිය (Adrenal gland)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය අභ්‍යන්තර ස්‍රාවය සම්බන්ධ ග්‍රන්ථියකි. ශ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:06, 10 ජූනි 2023 තෙක් සංශෝධනය

මෙය අභ්‍යන්තර ස්‍රාවය සම්බන්ධ ග්‍රන්ථියකි. ශරීරයේ තිබෙන අධිවෘක්ක ග්‍රන්ථි වනාහි මහා ප්‍රාචීරයට (diaphragm) (බ.) මඳක් පහළින් එක් එක් වකුගඩුවේ ඉහළ කොටසේ පිහිටි කුඩා, ත්‍රි‍කෝණාකාර අවයව දෙකකි. අධිවෘක්ක ග්‍රන්ථියක් කොටස් දෙකකින් යුක්තය. එහි බාහිර කොටසට වල්කය (cortex) යයි ද අභ්‍යන්තර කොටසට මජ්ජනය (medulla) යයි ද කියනු ලැබේ.

සෑම පෘෂ්ඨවංශිකයාට ම වාගේ අධිවෘක්ක ග්‍රන්ථි ඇත. මේ ග්‍රන්ථිවලින් කෙරෙන නියම කෘත්‍ය කවරේ දැයි තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නැත. අධිවෘක්ක ග්‍රන්ථි දෙක ම ශරීරයෙන් ඉවත් කළහොත් ජීවියා ස්වල්ප වේලාවකින් මිය යන බව ඔප්පු කර තිබේ. මේ ග්‍රන්ථිවලින් ස්‍රාවය කරනු ලබන හෝමෝන හා ඒවායින් කෙරෙන කෘත්‍ය පිළිබඳ විස්තරයක් අන්තඃසර්ග පද්ධතිය (endocrine system) නමැති ලිපියෙහි දැක්වේ.

(සංස්කරණය:1963)