"අනිං කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලංකාවේ දකුණු පළාතේ මොරවක් කෝරළේ පිහිටියේය. රක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:25, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

ලංකාවේ දකුණු පළාතේ මොරවක් කෝරළේ පිහිටියේය. රක්වානේ උස්බිම් ප්‍රදේශයට අයත් වූ මෙය අඩි 2,925ක් උසය. උතුරෙන් ගිං ගඟ සහ දකුණෙන් නිල්වලා ගඟ අතර දියබෙත්ම වශයෙන් පවතින ප්‍රධාන කඳු වැටියෙහි පිහිටි දෝතලා කන්දට සහ පනිල් කන්දට මැදිව තිබෙන අනිං කන්දෙන් නිල්වලා ගඟේ අතු ගංගාවක් වූ කොටපොළ ගඟට වැටෙන දොළවල් කීපයක් පටන් ගනිත්. අනිං කන්දේ ඉහළ බෑවුම්වල පතන් මිස වනාන්තර හෝ ව්‍යාපාරික වැවිලි හෝ නැත. අනිං කන්දේ තේ රබර් වතුයාය පිහිටියේ මෙහි උතුරු බෑවුම ඔස්සේ දෙණියායේ සිට රක්වාන කරා වැටී ඇති මහා මාර්ගය දෙපසෙහිය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනිං_කන්ද&oldid=1814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි