"අනුරාගමාලය-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සිවුපද 65කින් යුත් අනුරාගමාලය නමින් දන්නා තවත්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

17:52, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

සිවුපද 65කින් යුත් අනුරාගමාලය නමින් දන්නා තවත් පොතක් ද වෙයි. එය බෙහෙවින් හැඳින්වෙන්නේ උපදේශ රත්නමාලාව යනුවෙනි. පොතේ නම අනුරාගමාලය හැටියට එහි මුල ම එන කවක සඳහන්ය. එහෙත් එහි බෙහෙවින් ඇත්තේ ශෘංගාරාත්මක කවිවලට වඩා උපදේශාත්මක රචනාය. ව්‍යවහාරයේ පැවැති ප්‍රසිද්ධ උපමා රැසක් ආදර්ශ කොට පෙන්වමින් ඒ රචනා කර ඇත.

ජලේ ගැඹුර නොදැනෙයි ජලය බොරවෙ ලා

ගලේ වපුළ බිජු පැළවේ ද නිල් වෙ ලා

දෙවේලේ දකින කුකුළාගෙ කරම ලා

එවේලේ පෙනෙයි සක සේ ම සුදුවෙ ලා

මෙබඳු රචනා වන්ය, මෙහි පැනෙන්නේ. මේ කුඩා රචනය උඩරට බලවත්තල මහත්මයෝ නමින් විසූ ප්‍රසිද්ධ කිවිවරියගේ කෘතියක් බව කියනු ලැබේ. එහෙත් මේ පොත ඇය ම කළ බවට කිසිදු සටහනක් එහි නැත.

මේ පොත අනුරාගමාලය හෙවත් උපදේශරත්නමාලාව නමින් මුද්‍රණයෙන් ප්‍රකාශව ඇත. බලවත්තල මහත්මයෝ එහි කර්‍තෘ බව පිට කොළේ දක්වා තිබේ. මෙහි නිවැරදි පුස්කොළ පිටපතක් කොළඹ කටුගෙහි තිබේ. එහෙත් කතුවරයා කවුදැයි එහි සඳහන්ව නැත.

කර්තෘ:පුංචි බණ්ඩාර සන්නස්ගල

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුරාගමාලය-2&oldid=1849" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි