"අනුරාධ-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ශාක්‍ය කුමාරයකු වූ මෙතෙමේ පණ්ඩුකාභය රජුගේ මු...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

17:54, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

ශාක්‍ය කුමාරයකු වූ මෙතෙමේ පණ්ඩුකාභය රජුගේ මුත්තණුවෝය. භද්දකච්චානාවගේ සහෝදරයෙකි.

ගංගා නදියෙහි පාකර යවනු ලැබූ භද්දකච්චානා (බ.) කුමරිය ලක්දිවට සැපත් වූ බව දත් ඇයගේ මව වූ සුසීමා දේවිය විසින් ස්වකීය පුත්‍රයන් සත්දෙනාගෙන් අනුරාධ කුමරා ද ඇතුළු හදෙනෙක් තොරතුරු සොයනු වස් මෙහි එවනු ලැබූහ. ලක්දිවට ගොඩබට ඔවුහු රජ මාළිගයට ගොස් පඬුවස්දෙව් රජතුමන් ද එතුමන්ගේ අග බිසොවුන් බවට පත්ව සිටි තම නැගණියන් ද දුටහ. මව් බිසොවුන්ගේ නියමය වූයේ නැගණියන්ගේ තොරතුරු සොයා ගෙනවුත් දැන්වීම වුව ද ඔවුහු රජුගේත් බිසවගේත් සත්කාර විඳිමින් ලක්දිව ම නැවතී තම තමන් කැමැති තන්හි ගම් ද පිහිටුවා ගත්හ.

විජය රජුගේ අනුරාධ නම් ඇමතියා විසින් කරවන ලද අනුරාධ නම් ග්‍රාමය වාසභූමි කොටගත් අනුරාධ කුමාරයා එහි වැවක් ද (අභය වැව බ.) වැවට දකුණු දිගින් රජ මැඳුරක් ද කරවීය. පසු කලෙක දී ඒ රජ මැඳුර පණ්ඩුකාභය රජතුමාට පවරා දෙන ලදි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුරාධ-2&oldid=1851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි