"අනුරාරාම විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලක්දිව දකුණු පළාතේ පැරණි මාගම් රාජධානියෙහි ව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

18:13, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

ලක්දිව දකුණු පළාතේ පැරණි මාගම් රාජධානියෙහි වූ ඓතිහාසික රජමහා විහාරයකි. වසභ රජු (67-111) විසින් ඉදි කරවන ලදි. මෙරජු විසින් ම හෙළගම් පිරිවෙන පිහිටි හේලිගාම නම් වූ ග්‍රාමය ද අනුරාරාමයට පූජාකරන ලදි. වෝහාරික තිස්ස රජ (209-231) මෙම විහාරයෙහි උපෝසථාගාරයක් කැරැවිය. ක්‍රි.ව.659 පමණේ දී රුහුණේ රජකළ දප්පුල රජු විසින් අනුරාරාම ප්‍රාසාදය ප්‍රකෘතිමත් කරවන ලදි. අනුරමහපායේ සිට සීගිරි සිතුවම් නැරඹීමට පැමිණි සමනල් බත නමැත්තකු ගැන සීගිරි කවියක සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුරාරාම_විහාරය&oldid=1854" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි