"අනුලතිස්සපබ්බත විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අනුරාධපුරයට නැගෙනහිර දිශාවෙහි වූ ගංගාරාජී ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

18:29, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

අනුරාධපුරයට නැගෙනහිර දිශාවෙහි වූ ගංගාරාජී ප්‍රදේශයේ තිබුණු පැරණි විහාරයකි. එය කනිට්ඨතිස්ස (167-186) රජු විසින් කරවන ලදැයි මහාවංසයේ සඳහන් වේ.

මළුතිස (කනිට්ඨතිස්ස) රජුගේ ශිලාලිපියක් මිහින්තලයට සැතපුම් දෙකක් උතුරෙන් පිහිටි පුවරසන්කුලම (බ.) නමැති ගමේ ගල්තලයක තිබී ආචාර්‍ය්‍ය සෙනරත් පරණවිතාන මහතා සොයාගෙන තිබේ.

පළුදුවීමෙන් හා ගෙවීයාමෙන් එහි අකුරුවලට හානි සිදු වී තිබුණු නමුදු විහාරයක නඩත්තුව සඳහා කෙත්වත් ආදිය දීම පිළිබඳව එහි ඇතුළත් වූ කරුණු කියවා ගත හැකි වූ බව සඳහන් වේ. මීට නුදුරුව තිබී පසුව හමු වූ සවන සියවසට පමණ අයත් ශිලා ලිපියක මේ ස්ථානය අනුලතිසපවත (අනුලතිස්සපබ්බත) යයි සඳහන් කර ඇත.

(සංස්කරණය:1963)