"අනුලා-1" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාම යුවරජ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
18:30, 11 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාම යුවරජුගේ බිසවය. ලක්දිව භික්ෂුණී ශාසනය ඇරඹුණේ මෙතුමියගේ පැවිදිවීමත් සමඟය.
මෝ තොමෝ බුදුසසුන් පිහිටුවීමට ලක්දිව වැඩි මිහිඳු මහරහතන්වහන්සේගෙන් දහම් අසා පන්සියයක් ස්ත්‍රීන් සමඟ සෝවාන් වූවාය. පසුව උන්වහන්සේ මහාමේඝ වනයේ දී දේශනා කළ ධර්මය අසා ඈ සකෘදාගාමී ඵලයට පැමිණියාය. ඉක්බිති පැවිදිවනු කැමැති වූ අනුලා දේවී මිහිඳු මහරහතුන්ගේ උවදෙස් පිට ඒ සඳහා දඹදිවින් වැඩි සංඝමිත්තා ස්ථවිරීන්වහන්සේගෙන් පැවිදි බව ලැබුවාය.
සංඝමිත්තා ස්ථවිරීන් ලක්දිවට පැමිණෙන තෙක් අනුලා දේවී දසසිල් සමාදන්ව පිරිවර සමඟ වාසය කළ අසපුව උපාසිකා විහාරය යන නමින් පසුව හැඳින්විණ.
සංඝමිත්තා ස්ථවිරීන් වෙතින් පැවිද්ද ලැබූ අනුලා මෙහෙණින්වහන්සේ පසුව රහත් බවට පැමිණියාහ. එහෙයින් ලක්දිව දී පැවිදිව රහත් වූ පළමු ස්ත්‍රිය මෝ තොමෝය.
අනුලා මෙහෙණීන්ගේ භස්මාවශේෂ නිදන්කොට දාගැබක් කරවන ලදැයි කියනු ලැබේ. දැනට අනුරාධපුරයේ ථූපාරාමයට නුදුරින් පිහිටි වෙහෙර ගොඩැල්ලක් නටබුන් වූ අනුලා චෛත්‍යය වශයෙන් සලකනු ලැබේ. එහෙත් එය නියම වශයෙන් හඳුනාගෙන නොමැත.
(සංස්කරණය:1963)