"අඳු" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(එරින්ගියුම් ෆිටිඩුම් - Eryngium foetidum L.) අඳු වූකලී අඩි 1...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
16:14, 24 ජූනි 2023 තෙක් සංශෝධනය
(එරින්ගියුම් ෆිටිඩුම් - Eryngium foetidum L.) අඳු වූකලී අඩි 1½ක් පමණ උස් වූ කටු සහිත ඍජු ද්විවාර්ෂික පැළෑටියකි. ශාඛනය (අතුබෙදීම) ද්විභාජීය (dichotomous). කොළ අඟල් තුනේ සිට පහ දක්වා දිගය. කොළ-දාරය දන්තුරය (dentate), සකණ්ටකය (spinous). කෙටි සිලින්ඩරාකාර ශූකිවල (spikes) අඟල් බාගයක් පමණ දිග කොළපාට මල් තිබේ. ශුකි වටේ තිබෙන නිපත්‍ර (bracts) අඟලක් පමණ දිගය.
උම්බෙලිෆෙරෙ (බ.) කුලයට අයත් මේ ශාකය සාමාන්‍යයෙන් වැවෙන්නේ පාළු ඉඩම්වලය. මෙය නිවර්තන ඇමෙරිකාවේ දේශජ පැළෑටියකි. නයාට අඳුකොළ නුරුස්සන බව සාමාන්‍ය පිළිගැනීමයි. "නයාට අඳුකොළ වගේ" යයි ප්‍රස්තාව පිරුළක් ද වෙයි.
සාන්සෙවියෙරියා ගිනීන්සිස් (Sansevieria guineensis) නමැති හණ ජාතියට අයත් පැළෑටි විශේෂයකටත් අඳු යන නම ලංකාවේ ඇතැම් ප්‍රදේශවල භාවිත කරනු ලැබේ. මේ ශාකයේ කඩුවක හැඩය ඇති කොළවල හරස් අතට වැටී තිබෙන අළු පාට සටහන් නයකුගේ ශරීරයේ තිබෙන සටහන්වලට සමානය. එබැවින් නයා මේ ශාකයේ කොළ දුටු විට බිය වෙතැයි යන මතයක් ද ඇත. මේ ශාකය ලිලියාසේ කුලයට අයත්ය.
අප්‍රිය ගඳකින් යුත් කොළ ඇති අඳුතලා වෙනත් ශාක විශේෂයකි. මෙය ඔසිමුම් විශේෂයක් විය හැකිය. එසේනම් එය ලබියාටේ කුලයට අයත් ශාකයකි.
ආයුර්වේද මතය: තුලසි වර්ගයට අයත් අඳු (අඳුතලා) කෘමිරෝග, කැස්ස, අරුචිය, ප්‍රතිශ්‍යා, සෙම්රෝග, ශ්වාස හා ව්‍රණ නසයි. සර්ප විෂට හා පිස්සු බලු විෂට ද මෙය වෙනත් ඖෂධ වර්ග සමග යොදනු ලැබේ.
(සංස්කරණය:1963)