"අප්පුඩිලෑල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පලදාවට හානිකරන කුරුල්ලන් එලවීම සඳහා ගොවි ජනය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

08:58, 30 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

පලදාවට හානිකරන කුරුල්ලන් එලවීම සඳහා ගොවි ජනයා භාවිත කරන උපකරණයකි. අප්පුඩිලෑල්ල අඟලක් පමණ ගනකම ඇති දිගින් අඩි තුනක් හා පුළුලින් අඩි දෙකක් පමණ වූ ශක්තිමත් සැහැල්ලු ලෑල්ලකි. එයින් කොටයකට හෝ ගලකට ගසති. සමහර කෙනෙක් අත් දෙකේ අතුල් එකතු කොට අත්පොළසන් දෙන සැටියට ලෑලි දෙකක් එකට සම්බන්ධ කොට අප්පුඩිලෑල්ල සාදති. ශබ්ද නගා කථා කරන විශාල මුඛය ඇත්තවුන් ගේ මුව ද උපහාස වශයෙන් අප්පුඩිලෑල්ලට උපමා කරත්.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අප්පුඩිලෑල්ල&oldid=2041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි