"අබිජාන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බටහිර ප්‍රංස අප්‍රිකාවේ අයිවරි කෝස්ට් ජනපදයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:06, 30 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

බටහිර ප්‍රංස අප්‍රිකාවේ අයිවරි කෝස්ට් ජනපදයේ ප්‍රධාන නගරය අබිජාන් නම් වෙයි. එබරිකලපුවේ අර්ධද්වීපයක පිහිටා තිබෙන මෙය නගරයක් බවට පැමිණියේ 1903 දී මෙහි සිට උතුර බලා යන දුම්රිය මඟක් ඉදිවීමෙන් පසුය. මෙය ජනපදයේ අගනුවර වූයේ 1934 දීය. (පළමු අගනුවර බැංග්ෂෙවිල්ය.) පසුව දුම්රිය මාර්ග විශාල වීමෙන් මෙහි වෙළහෙළඳාම අතින් තරමක දියුණුවක් දක්නට ලැබිණි. එහෙත් නගරයේ වර්ධනයට විශාල බාධාවක් වූයේ ගමනාගමනයට පහසුකම් ඇති වරායක් නොමැති වීමයි. ඉදිරිපසින් බාධකව පිහිටි වැලිපරය විශාල නැව්වලට ඇතුළුවිය හැකි පරිදි කපා ජැටි ඉදිකිරීමේ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් වුවද දෙවැනි ජගත් සංග්‍රාමය නිසා ඒ ඇනහිටියේය. අද එහි තොටමුණ වන පෝට් බූවේ සැතපුම් 7ක් පමණ ඊශානින් පිහිටා තිබේ.

මෙහි වෙළඳ කටයුතු මෙන්ම ධීවර කර්මාන්තය ද දියුණුව පවතී. කොකෝවා, කෝපි, කපු, පාම්තෙල් සහ රබර් මෙම නගරයෙන් පිටරට යවනු ලැබේ. නගරයේ ජනග්‍රහණය (1949) 56,000කි.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබිජාන්&oldid=2056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි