"අබීද් අල් අබ්‍රස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අරාබි ජාතික කවියෙකි. ඉස්ලාම් ධර්මය පහළ වන්නට ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:36, 30 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

අරාබි ජාතික කවියෙකි. ඉස්ලාම් ධර්මය පහළ වන්නට පෙර ජීවත් වූ මොහු අසද් ගෝත්‍රයෙහි උපන්නෙකි. කවියෙකු වශයෙන් උසස් කීර්තියක් ලත් ඔහු ජීවිතයෙන් වැඩි කොටස ගත කළේ අල්හීර රජ සභාවේය. සරල බසින් විරචිත ඔහුගේ කාව්‍යයෝ ප්‍රාණවත් වර්ණනාවන්ගෙන් යුක්තය. ඔහුගේ මරණය අල්-මුන්දීර් රජු අතින් සිදු වූ බව ඔහු පිළිබඳ විවිධ ප්‍රවෘත්ති ඇතුළත් කිතාබ්-අල්-අඝානි නමැති ග්‍රන්ථයේ සඳහන් වෙ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබීද්_අල්_අබ්‍රස්&oldid=2060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි