"අබු උබෙයිදා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(මා’අමර් ඉබ්න් උල් මුෂන්නල්) (728-825) අරාබි ජාතික ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:41, 30 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

(මා’අමර් ඉබ්න් උල් මුෂන්නල්) (728-825) අරාබි ජාතික පඬිවරකි. වහල් ජීවිතයක් ගත කළ යුදෙව් - පාරසික අඹුසැමි යුවලකට පුත්ව බස්රා නගරයෙහි උපන් මෙතෙමේ අරාබි භාෂාව පුරාවෘත්ත හා ජනකථා ආදිය හැදෑරීමෙන් උසස් කීර්තියක් ලබා ගත්තේය. 803 දී හරූන් අල් රෂිද් විසින් අබු උබෙයිදා බැග්ඩෑඩ් නගරයට කැඳවා ගනු ලැබීය.

ඔහු විසින් විවිධ නිබන්ධන 105ක් පමණ රචනා කරන ලදැයි කියත්. ඉබ්න් අල් අතීර්ගේ ඉතිහාසයෙහි හා ගීත පිළිබඳ ග්‍රන්ථයෙහි නොයෙකුත් කොටස්වලට පදනම වූයේ ද අබු උබෙයිදාගේ දින පිළිබඳ පොත නම් කෘතිය වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අබු_උබෙයිදා&oldid=2063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි