"අබු හනිෆා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(694-767) මුස්ලිම් නීතිවේදියෙකි. ඔහුගේ මුත්තා වූ කල...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:44, 30 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
(694-767) මුස්ලිම් නීතිවේදියෙකි. ඔහුගේ මුත්තා වූ කලී අරාබියට ගෙන එන ලැබූ පර්සියානු වහලෙකි. ශ්‍රේෂ්ඨ පණ්ඩිතයෙකු වූ අබු සිය ජීවිත කාලය මුළුමනින් ම චිරන්තන ඉස්ලාම් ධර්මය සහ අධිකරණ න්‍යාය හැදෑරීමෙහි ද ඉගැන්වීමෙහි ද යෙදී සිටියේය. මේ පිළිබඳව ඔහු ආරම්භ කළ "හනිෆා" සම්ප්‍රදාය ප්‍රධාන මුස්ලිම් මඪබ්වලින් (මූලවලින්) එකක් වශයෙන් තව ම පවතී. පාරම්පරික ක්‍රමය වැඩිදුර අනුගමනය නොකොට ස්වකීය බුද්ධිය මෙහෙයා විනිශ්චය ක්‍රමයක් සම්පාදනය කළ ඔහු කුඩා කෘතීන්ද කිහිපයක් ප්‍රබන්ධ කළ බව පැවසෙතත් සිය අනුගාමිකයන්ගේ නුවණ වැඩෙන අයුරු අගනෙ ගුරූපදේශ දීම ඔහුගෙන් සැලසුණු උදාර සේවයයි.
අබු පොහොසත් රෙදි වෙළෙන්දෙක් ද විය. කුෆා පුරයෙහි සිටි පාලකයා ඔහුට විනිශ්චයකාර පැවරූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ඒ හේතුවෙන් ඔහු සිර දඬුවම් විඳ මරු මුවට පත් විය.
(සංස්කරණය:1963)