"අභය-1" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කකුසඳ බුදුරජාණන් වහන්සේ දවස ඕජද්වීප යයි නම් ල...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:39, 30 ජූනි 2023 වන විට නවතම සංශෝධනය
කකුසඳ බුදුරජාණන් වහන්සේ දවස ඕජද්වීප යයි නම් ලත් ලක්දිව රජ කළ රජතුමා අභය නම් විය. ඒ රජුගේ අගනුවර ද අභය නම් විය.
එදවස ඕජද්වීපවාසීන්ට රෝග භය පැමිණියෙන් කකුසඳ බුදුරජාණන්වහන්සේ හතළිස් දහසක් ශ්‍රාවකයන්වහන්සේ ද පිරිවරා මෙහි දේවකූට පර්වතයට (මෙකල චේතිය පබ්බත) වැඩි බවත් උන්වහන්සේගේ අනුභාවයෙන් රෝග භය සන්සිඳුණු බවත් මහාවංශයෙහි සඳහන්ය.
අභය රජු මහත් හරසරින් එම බුදුන් පිළිගෙන එවක මහතිත්ථක නම් වූ මහාමේඝවනය පිදූ බවත්, කකුසඳ බුදුන් පිටදුන් බෝධිවෘක්ෂයෙහි ශාඛාවක් එම උද්‍යානයේ රෝපණය කළ බවත් සඳහන්ය. සමන්තපාසාදිකා විස්තරය අනුව වර්තමාන ථූපාරාම භූමියෙහි අභය රජුන් කල "පටියාරාමය" විය.
(සංස්කරණය:1963)