"අභිජිත් නැකත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රාශි චක්‍රය නැකත් විසි අටකින් යුක්ත යයි සලකන අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:12, 4 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

රාශි චක්‍රය නැකත් විසි අටකින් යුක්ත යයි සලකන අවස්ථාවල දී අභිජිත් නැකත විසි දෙවැන්න වශයෙන් සලකනු ලැබේ. මෙය ශෘංගාටකාකාර සටහනක් ඇති කරවන තරු තුනකින් යුක්තය. උතුරුසළ නැකතේ අවසාන දණ්ඩ පසළොස හා සුවණ නැකතේ ප්‍රථම දණ්ඩ සතර ද යන දණ්ඩ දහනවය මේ නැකතට අයිති කාල ප්‍රමාණයයි. අනිකුත් නැකත්වලට මෙන් ගණ, යෝනි, වෘක්ෂ, ලිංගාදි භේද මේ නැකතට නැත. අභිජිත් නැකතින් උපන්නේ අතිශයින් විනීත ගතියෙන් හා කීර්තියෙන් යුක්ත වූ ද දේවබ්‍රහ්මාදීන් කෙරෙහි භක්තිමත් වූ ද කුලයට ප්‍රධාන වූ ද තැනැත්තේ වේ. ජු, ජෙ, ජො, ඛා යන අකුරු සතර මේ නැකතේ පාද හතරට පිළිවෙළින් හිමි වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අභිජිත්_නැකත&oldid=2126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි