"අභිධර්මප්‍රදීපිකා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('"සම්මොහවිනොදනී" නම් වූ විභංගප්පකරණ අට්ඨකථාවට...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:58, 4 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
"සම්මොහවිනොදනී" නම් වූ විභංගප්පකරණ අට්ඨකථාවට පදානුගත වැ ලියන ලද විශාල වූ ව්‍යාඛ්‍යානග්‍රන්ථයෙකි. පානදුරේ වැලිපිටියේ අභයකරුණාරත්න මුදලින්දාරාමාධිපති වැ වැඩවිසූ මොරටුවේ මේධානන්දාභිධාන අධිකරණනායක ස්ථවිරපාදයන්වහන්සේ මේ ග්‍රන්ථයෙහි කතුවරයෝය.
අභිධර්මප්‍රදීපිකාව පදානුගත වැ පරිපූර්ණ වූ අර්ථව්‍යාඛ්‍යානය කෙරෙමින් ම අභිධර්මමූල ටීකා අනුටීකා මධුටීකා ආදිය ද ඇසුරු කොට භාවාර්ථ සහිත යථායෝග්‍ය ධර්මවිභාගයක් ද කරන ලද්දේය. ආචාර්‍ය්‍යවාද ආ තැන්හි සකාරණව ගතයුතු අර්ථය පැහැදිලි කොට ඇත. අර්ථ දැක්වීමේ දී පැරැණි ව්‍යාඛ්‍යාන මාර්ගය ඇසුරු කොට නොයෙක් ලෙසින් අර්ථ නඟා දැක්වූ තැන් ද ඇත.
තව ද ග්‍රන්ථාරම්භයෙහි ලියන ලද "සප්ත ප්‍රකරණතත්වඥාන" නම් වූ ප්‍රස්තාවනාව ද "අභිධම්ම" ශබ්දාර්ථය හා සප්තප්‍රකරණය පිළිබඳ සාමාන්‍යාවබෝධයක් ලබාදෙනසුලු විශිෂ්ට නිබන්ධයෙකි.
(සංස්කරණය:1963)