"අභිභූ-3" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙතුමා සිඛී බුදුරදුන්ගේ ශ්‍රාවක නමකැයි අංගුත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:07, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
මෙතුමා සිඛී බුදුරදුන්ගේ ශ්‍රාවක නමකැයි අංගුත්තරනිකායෙහි ද, එම බුදුන්ගේ අග්‍රශ්‍රාවකයා යයි සංයුත්තනිකාය, බුද්ධවංසය යන ග්‍රන්ථවල හා අටුවාවන්හි ද සඳහන් වේ. මුන්වහන්සේ සිඛී බුදුරදුන් සමඟ බ්‍රහ්ම ලෝකයට වැඩ එම බුදුරදුන්ගේ මෙහෙයීමෙන් බ්‍රහ්ම පිරිසට ධර්මදේශනා කළසේකැයි සංයුත්ත නිකායෙන් පැවසේ. බුදුරදුන් ඉදිරියෙහි ම (උන්වහන්සේගේ ශ්‍රාවක නමක්) දම් දෙසීම ද දහසක් සක්වළ කටහඞ පැතිරවීම ද විකුබ්බන ඉද්ධි ආදි ප්‍රාතිහාර්‍ය්‍ය පෑම ද බ්‍රහ්ම පිරිසගේ විස්මයට හේතු විය. අභිභු, අරුණවතී සූත්‍රයෙහි බ්‍රාහ්මණයකු හැටියට ද බුද්ධවංසට්ඨ කථාවෙහි රාජපුත්‍රයකු හැටියට ද හඳුන්වා ඇත. අධෝපුප්ඵීය තෙරුන් සිඛී බුදුන් සමයෙහි හිමාලයේ තවුසකුව විසූ බවත් එම තවුසා අභිභූ තෙරණුවන් මලින් පිදූ බවත් අපදානපාළියෙහි සඳහන් වේ.
(සංස්කරණය:1963)