"අභිමන්‍යු" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('අර්ජුන වනවාසීව සිටි කාලයේ දී රෛවතක පර්වතයේ පැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:07, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
අර්ජුන වනවාසීව සිටි කාලයේ දී රෛවතක පර්වතයේ පැවැත්වූ උත්සවයකට සහභාගිව ආපසු ද්වාරකාපුරය බලා නික්මුණ වාසුදේව රජුගේ දුවක වූ සුභද්‍රාව පැහැරගෙන ගොස් විවාහකර ගත්තේය. ඔවුන්ගේ සහවාසයෙන් ඇති වූ පුත්‍රයා නිර්භීතව චණ්ඩගතියෙන් සතුරන් මර්දනය කරන්නේය යන අර්ථයෙන් අභිමන්‍යු නම් විය. ශුරවීර ගුණයෙන් යුත් හෙතෙම යුද්ධයෙහි අතිදක්ෂයෙක් විය. විරාට දේශාධිපතියාගේ දුවක වූ උත්තරාතොමෝ ඔහුට භාර්‍ය්‍යා වූවාය. මහාභාරත යුද්ධයෙහි දී ඔහු දක්ෂ ලෙස සටන් කිරීමෙන් කෞරව සේනාව විනාශ කළ සැටි මහාභාරතයේ ද්‍රෝණපර්වයේ විස්තර වේ.
(සංස්කරණය:1963)