"අමිතෝදන" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සීහහනු රජුගේ සහ භද්දකච්චානා දේවියගේ පුත්‍රයක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:37, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
සීහහනු රජුගේ සහ භද්දකච්චානා දේවියගේ පුත්‍රයකු වූ මෙතෙම ශුද්ධෝදන රජුගේ සොහොයුරෙකි. මහනාම ශාක්‍යරජුගේ සහ අනුරුද්ධ තෙරණුවන්ගේ පියා වූ හෙතෙම බුදුරජුන්ගේ අග්‍රෝපස්ථායක ආනන්ද හිමියන් ගේ පියා යයි ද කිසි තැනෙක සඳහන් වෙයි. අවදානකල්පලතාපල්ලව ආදී බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයන්හි මොහු හැඳින්වෙනුයේ අමෘතොදන යන නමිනි. එමෙන් ම මෙතෙම දේවදත්ත කුමරුගේ පියා යයි ද එහි දක්නට ලැබේ. මොහුට ශාක්‍යපණ්ඩු යයි තවත් පුත්‍රයකු වූ බවත් සඳහන් වන්නේ ය.
(සංස්කරණය:1963)