"අමිරාන්ට් දූපත්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මැඩගස්කර් දිවයිනට හැ.450ක් පමණ ඊශාන දිගින් පිහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:39, 5 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
මැඩගස්කර් දිවයිනට හැ.450ක් පමණ ඊශාන දිගින් පිහිටි ඉන්දියන් සාගර පත්ලෙහි ගොඩ ගැසී ගිය ජිර්ණාවශේෂ වස්තූන්ගෙන් සෑදුණු කොදිව් සමුහයෙකි. කොදිව් 27කින් යුත් මෙහි ප්‍රමාණය ව.සැ.32කි. වස්කෝ ද ගාමා විසින් සොයා ගනු ලැබූ (1502) මේ දූපත් සමූහයට අද්මිරාල්ගේ දූපත් යන නම ද ව්‍යවහාර වේ. කැස්බෑවුන් ඇල්ලීම මෙහි වැදගත් කර්මාන්තයකි. ප්‍රධාන වශයෙන් අමු පොල් සහ කොප්පරා පිටරට යවනු ලැබේ. මේ දූපත් මහා බ්‍රිතාන්‍ය සතු සේෂෙල් නම් යටත් විජිතය මගින් පාලනය වේ.
(සංස්කරණය:1963)