"අම්බට්ඨිකා-3" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙය අනුරාධපුරයේ ලෝවාමහාපායට නැගෙනහිරින් පිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:18, 6 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

මෙය අනුරාධපුරයේ ලෝවාමහාපායට නැගෙනහිරින් පිහිටා තුබුණු ස්ථානයකි. වරක් දීඝභාණක තෙරවරුන් විසින් මෙතැන දී බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළ අවස්ථාවක දී පොළොව කම්පා වූ බැව් සුමංගලවිලාසිනියේ බ්‍රහ්මජාල සූත්‍ර අටුවායෙහි දැක්වෙයි. වසභ රජතුමාගේ කාලයේ දී ද දීඝභාණක භික්ෂූන්වහන්සේලා විසින් මෙතැන දී මහාසුදර්ශන සූත්‍රය දේශනා කරන ලද බැව් එම ග්‍රන්යෙහි මහා සුදස්සන සූත්‍ර අටුවායෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අම්බට්ඨිකා-3&oldid=2247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි