"අයින්ට්හෝවන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Eindhoven). අග්නිදිග නෙදර්ලන්තයේ අයින්ට් ගංගාව ඩොමෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:42, 7 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

(Eindhoven). අග්නිදිග නෙදර්ලන්තයේ අයින්ට් ගංගාව ඩොමෙල් ගංගාව හා එක්වන ස්ථානය සමීපයෙහි පිහිටි නගරයෙකි. පැරැණි ගම් කීපයක් ඒකාබද්ධ කිරීමෙන් ගොඩ නඟා ඇති මෙහි ලෝක ප්‍රසිද්ධ "ෆිලිප්ස්" විදුලි භාණ්ඩ නිෂ්පාදක මධ්‍ය ස්ථානය පිහිටා ඇත්තේය. දුම්කොළ, රෙදිපිළි, ගිනිකූරු, රේන්ද, ප්ලාස්ටික් ආදී කර්මාන්ත අත්නි ද මෙය දියුණුය. අයින්ට්හෝවන් ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානයක් ද වෙයි. දෙවැනි ලෝක යුද්ධය පවත්නා සමයේ දී බ්‍රිතාන්‍ය ගගනාක්‍රමණවලින් විනාශයට පත් මේ නගරය යුහුසුලුව ම ප්‍රතිසංස්කරණය කරන ලදි. 1952 දී මෙහි ජනගහනය 1,46,400ක් පමණ විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අයින්ට්හෝවන්&oldid=2314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි