"ඇංකරා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ආංකාරා). තුර්කි සමුහාණ්ඩුවේ අග නුවරය. සාකාර්ය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:17, 19 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
(ආංකාරා). තුර්කි සමුහාණ්ඩුවේ අග නුවරය. සාකාර්යා ගංගාවේ අත්තක් වූ ආකාරා ගඟේ වම් ඉවුරේ පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 3,400ක් උස් වූ ඇංකරා නගරයේ පවතින්නේ මහාද්වීප දේශගුණයකි. සාමාන්‍ය වාර්ෂික වර්ෂා පතනය අඟල් 20 පමණ නිසා වෘක්ෂලතාදිය දුලබය. තුර්කියේ සියලු පළාත් හා මංමාවත්වලින් සම්බන්ධ වී ඇති මෙනුවර යුරෝපීය සහ ආසියානු රටවල් සමඟ දුම්රිය සහ ගුවන් මාර්ගවලින් සම්බන්ධ වී ඇත්තේය. ප්‍රාදේශීය ගමනාගමන ක්‍රම දියුණු වීම නිසා විශේෂයෙන් නගරයට දකුණින් සහ බටහිරින් පිහිටි පළාත් දියුණු වී තිබේ. කෘෂි කර්මාන්තය මෙහි ප්‍රධාන ආර්ථික ව්‍යාපාරය වේ. ඒ ප්‍රිකොට්, ඇපල්, පෙයාර් ආදි මධ්‍යධරණී පලතුරු බෙහෙවින් වවනු ලැබේ. අවට ඇති කරනු ලබන අංගෝරා එළුවන්ගෙන් ලබා ගන්නා "මෝහෙයාර්" ලොම් සහ වෙනත් ලොම් තුර්කියේ ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යය. සම්ද පිටරට යවනු ලැබේ. වයින්, කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ, සිමෙන්ති, ගගනයාත්‍රා එන්ජිම් ආදිය ඇංකරාහි ප්‍රධාන කාර්මික නිෂ්පාදනය . ගෘහකර්මාන්ත අතර පලස් විවීම සහ සම්වැඩ වැදගත් තැනක් ගනී.
ක්‍රි.පූ. 7 වැනි ශත වර්ෂයේ දී පමණ හිටයිට් රාජ්‍යයට අයිතිව තිබුණු මේ නගරය fප්‍රිජියන්වරු "ඇංසයිරා" යනුවෙන් නම් කළහ. ක්‍රි.පූ. 25 දී එය රෝමවරුනට අයිති විය. අනතුරුව පාර්සි, අරාබි සහ සෙල්ජුක් යන ජාතීන්ට ද කුරුසයුද්ධකරුවනට ද අයිති වූ මේ නගරය 1365 දී ඔටෝමන් අධිරාජ්‍යය යටතට පත් විය. එය ස්ථිර වශයෙන් තුර්කියට හිමි වූයේ 1403 දීය. මෙසේ ජාතීන් කීපයක් ම සතුව පැවැති හෙයින් ඒ සෑම සංස්කෘතියෙක ම බිඳක් පිළිබිඹු කරන නටබුන් මේ නගරයෙහි වෙයි.
1920 දී මුස්තාfපා කෙමාල් පාෂාගේ දේශපාලන ව්‍යාපාරවල මධ්‍යස්ථානය වූ මේ නගරය නව තුර්කි සමූහාණ්ඩුවේ අගනුවර බවට පත් වූයේ 1923 දීය. ඉන් පසු නව නගරයක් ලෙස සංවිධානය කරනු ලබන කොටසක ඇංකරා විශ්ව විද්‍යාලය, ආටාටුර්ක් අනුස්මරණ මන්දිරය, නව පාර්ලිමේන්තු මන්දිරය, නව ආරෝග්‍යශාලා, නෘත්‍යාගාර ආදි ගොඩනැගිලි කීපයක්ම වෙයි. ජනගහනය (1960) 6,46,150කි.
නගරය පිහිටි පළාත ද ඇංකරා නම් වේ. විශාලත්වය අතින් තුර්කියේ තුන්වැනි පළාත වූ මෙහි වර්ග ප්‍රමාණය ව.සැ. 11,441කි. ජනගහනය (1960) 13,16,983 කි.
(සංස්කරණය:1967)