"ඇක්ටිනික් කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රසායනික විපර්යාස ඇති කරවනසුලු වූ, සූර්යයාගෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:30, 19 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

රසායනික විපර්යාස ඇති කරවනසුලු වූ, සූර්යයාගෙන් නික්මෙන විකිරණයි. සංවේදී ඡායාරූප පටලවල රසායනික විපර්යාස ඇති කරවන ආලෝක කිරණ ඉන් සුලභ විශේෂ වේ. ඒ හේතුවෙන් ඇක්ටිනික් කිරණ යන නාමය ඡායාරූප පටලවල රසායනික විපර්යාස ඇති කරන සියලු ම විද්‍යුත් චුම්බක විකිරණ සඳහා යොදනු ලැබේ. මේ විකිරණවල ඇසට පෙනෙන ආලෝකය ද අධෝරක්ත විකිරණය ද පාරජම්බූල විකිරණය ද X-කිරණ ද ගැමා කිරණ ද අඩංගු ය.

සූර්යයාගෙන් ලැබෙන ඇක්ටිනික් කිරණවල බලය ඉර මුදුන් වේලාවේ දී ඉතා වැඩිය. සැන්දෑවේ දී ඉතා අඩුය. ඇක්ටිනික් කිරණ කෙරෙහි ඍතු මාරුවීම් ද බලපාන බැව් සොයාගෙන තිබේ. (විකිරණ වාදය බ.)

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇක්ටිනික්_කිරණ&oldid=2983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි