"ඇක්‍රිෆ්ලේවින්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Acrif1auind). ගල් අඟුරු තාරවලින් ලබා ගන්නා, රතට හුරු ස්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:45, 19 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
(Acrif1auind). ගල් අඟුරු තාරවලින් ලබා ගන්නා, රතට හුරු ස්ඵටික කුඩක් වූ මෙය ඖෂධීය ඇක්‍රිඩීන් (බ.) ව්‍යුත්පන්නයකි (cdqhuashud). පළමුවෙන් මෙය භාවිතයට ගන්නා ලද්දේ 1912 දී පෞල් ඒර්ලික් (බ.) විසිනි. එහෙත් අද ඒ වෙනුවට සල්ෆොනමයිඩ් ඖෂධ (බ.) ද ප්‍රතිජෛවක (antibiotics) ද බෙහෙවින් යොදනු ලැබේ.
පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේ දී ප්‍රතිබැක්ටීරියා කාරකයන් ලෙස මෙය ඉතා බහුල වශයෙන් භාවිත කරන ලදි. දැන් ඇක්‍රිෆ්ලේවින් නිද්‍රාබාධයට (sleeping sickness) පිළියමක් වශයෙන් යොදනු ලැබේ.
උදාසීන (neutral) ඇක්‍රිෆ්ලේවින්වලින් (C14H14 N3 Cl. H2 O) ඇක්‍රිfප්ලේවින් හයිඩ්‍රොක්ලෝරයිඩ යෙන් (C14H14 N3 Cl. HCl. H2O) ඇතිවන පමණ දැවිල්ලක් ශරීරයේ ඇති නොකෙරේ.
(සංස්කරණය:1967)