"අරන්කැලේ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය පුරාණයෙහි ආරණ්‍යක භික්ෂූන් විසූ විහාරාරා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
22:18, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
මෙය පුරාණයෙහි ආරණ්‍යක භික්ෂූන් විසූ විහාරාරාම කිහිපයක් නිසා ප්‍රසිද්ධියට පත් ස්ථානයකි. කුරුණෑගලට සැතපුම් දොළොසක් පමණ උතුරින් දොළුකන්ද අසල පිහිටි මෙම ස්ථානය දැනට අරන්කැලේ යන නමින් හැඳින්වේ. එය භික්ෂූන් විසූ ආරාමයන්ගෙන් ගැවසි වන පෙදෙසක් වූ හෙයින් අරම්කැලය යි ව්‍යවහාරයට විත් කල් යෑමේ දී අරන්කැලේ යයි ප්‍රසිද්ධ වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. ලක්දිව අවසාන රහත් භික්ෂුව ලෙස සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ මෙහි වුසූ බව ජනප්‍රවාදයි. අරන්කැලේ පුරාවස්තු අතර ගලින් නිම වූ ආරාම, ලෙන් විහාරයක්, පියගැට පේළි, පොකුණු ආදිය ප්‍රධානය.