"අරවාල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ආරවල). කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි වි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

22:33, 12 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

(ආරවල). කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි විසූ නාරජකු ද මහාවංසාදි ග්‍රන්ථවල මේ නමින් හඳුන්වා තිබේ. අශෝක රජු සමයෙහි කාශ්මීර ගන්ධාර රාජ්‍යයන්හි බුදුසසුන් පිහිටුවීම සඳහා යැවූ මජ්ඣන්තික මහතෙරුන් විසින් යථෝක්ත නාගරාජයා දමනය කරන ලදැයි පැවැසේ.

විල ද අරවාල නමින් ම ප්‍රසිද්ධ වූයේ නා රජු එයට අරක්ගෙන සිටි බැවිනැයි කියති. කාශ්මීර යෙහි ඇති වුලර් හෙවත් වොලූර් නමැති තඩාගය අරවාල විල වශයෙන් ඇතැමෙක් හඳුන්වති. වොලූර් කාශ්මීර නිම්නයේ විශාලතම තඩාලයයි.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරවාල&oldid=3073" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි