"අරිප්පු" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ වයඹ දිග වෙරළේ මන්නාරමට සැතැපුම් 13ක් දක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:12, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය
ලංකාවේ වයඹ දිග වෙරළේ මන්නාරමට සැතැපුම් 13ක් දකුණින් ද අරුචි ආරු (මල්වතු ඔය බ.) මෝයට සැතැපුම් බාගයක් පමණ දකුණින් ද පිහිටි කුඩා නගරයකි. අරිප්පු නගරය පුරාණයේ මෙන් ම දැනුදු මසුන් මැරීමේත් මුතු කිමිදීමේත් වැදගත් මධ්‍යස්ථානයකි.
ක්‍රි.ව.1660 දී උඩරට රාජ්‍යයෙහි සිරකරනු ලැබූ රොබට් නොක්ස් 1679 දී මල්වතු ඔයේ නිම්නය ඔස්සේ විත් ලන්දේසි බලකොටුවක් සහ තොටක් තුබුණු අරිප්පු නගරයේ දී ලන්දේසීනට එක්වූ බව ඔහුගේ ලංකා විස්තරයෙහි දැක්වේ.
බාල්දියස් නම් ලන්දේසි ඉතිහාසකරු කියන පරිදි අරිප්පුව රාජසිංහරජු සතුව පැවති ප්‍රදේශයක් විය. 17 වන ශත වර්ෂයේ අග කොටසේ දී ලන්දේසීන්ට අයත් වූ මෙහි පාසලක් සහිත ක්‍රිස්තියානි පල්ලියක් වූ බව ද ඔහු සඳහන් කර ඇත.