"අරියාමඩු විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයෙහි නැඟෙනහ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

14:26, 25 සැප්තැම්බර් 2023 තෙක් සංශෝධනය

උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයෙහි නැඟෙනහිර මේල් පත්තුවේ අරියාමඩු නමැති ගමේ පිහිටි පැරණි විහාරයෙකි. ග්‍රාම සීමාවට සැතපුම් කාලක් පමණ දුරින් මෙහි නටබුන් දක්නට ලැබේ. කුලුනු කැබලි ද ගල්කණු ද අත් පා හා හිස නොමැති බුද්ධ ප්‍රතිමාවක් ද මේ විහාරයේ නෂ්ටාවශේෂයන් අතර වේ. ස්ථානය හැඳින ගැනීමට හෝ එය කවර කලෙක කවරකු විසින් කරවන ලද දැයි දැනගැනීමට හෝ ඉවහල් වන ශිලාලිපි ආදියක් මේ වනතුරු හමු වී නැත.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරියාමඩු_විහාරය&oldid=3549" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි