"හමුදාවාලේ මුරකාරයා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මහනුවර දළදා මන්දිරයෙහි සේවයෙහි නියුක්ත නිලධා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
20:59, 25 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය
මහනුවර දළදා මන්දිරයෙහි සේවයෙහි නියුක්ත නිලධාරියෙකි. මොහු දහවල් කාලයේ කරනුයේ දළදා මාලිගයේ මළු පෙත්මං ඇමදීමයි. රාත්‍රී කාලයෙහි අතින් ගත් පන්දමක් ඇති ව මාලිගය මුර කිරීමෙහි නියුක්ත වෙයි. මුර කිරීමේ රාජකාරිය පිණිස වග කිව යුතු ආරච්චිරාලත් සමඟ සිට ඔහුට සහාය දීම ද කරයි. තේවාව නිම වීමෙන් පසුව ආරච්චිල හෙල්ලයක් ද ගෙන මොහු සමඟ හැම තැන ම පරීක්ෂා කර බලයි. පිට වෙන දොරටුව යතුරු දමා යතුර තමා ළඟ තබා ගෙන එදිනෙදා මුරට එන නිලකරුවා සමඟ සේවයේ යෙදෙයි.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1962)
(සංස්කරණය නොකළ)