"අලව්ව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණු උඩුගහ ක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:05, 26 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණු උඩුගහ කෝරළයේ මහඔයබඩ පිහිටි කුඩා නගරයකි. කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ ප්‍රසිද්ධ නැවැතුම් පළක් ද එහි වේ. කොළඹ සිට දුර සැතැපුම් 41, 1/2කි. රාගලඔය මාඔයට එකතු වන්නේ අලව්ව සමීපයේ දීය. මහ ගංවතුරට සමහර විට නගරය යටවේ. පහත් කඳුවැටි වලින් යුත් අවට ප්‍රදේශයෙහි ප්‍රධාන වැවිල්ල පොල්ය. රබර් සහ වී ද වවනු ලැබේ. තලකොළ කර්මාන්තය මෙහි ඉතා දියුණුය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලව්ව&oldid=4586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි