"අලාෂහීර්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බටහිර තුර්කියෙහි මානිසා නම් පළාතෙහි පිහිටි න...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:33, 26 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය
බටහිර තුර්කියෙහි මානිසා නම් පළාතෙහි පිහිටි නගරයකි (උ.අ. 38° 23′ හා නැ.දේ. 28° 30'). ක්‍රි.පූ. 150 දී අට්ටාලුස් II රජු විසින් ගොඩනඟන ලද පැරණි පිලඩෙල්පියාව පිහිටා තිබුණේ මේ භූමියෙහිය. 1390 දී තුර්කින් අතට පත් වූ අලාෂහීර් 1402 දී ටැමර්ලේන් (ටිමූර්) අධිරාජයා විසින් අල්ලා ගන්නා ලදි. 1922 දී ග්‍රීකයන් විසින් මේ නගරයට බොහෝදුරට හානි කරනු ලැබීය.
අලාෂහීර් ගංගා නිම්නයේ පිහිටා ඇති මේ නගරය, දුම්කොළ, කපු සහ පලතුරු අලෙවි කරන වෙළඳ මධ්‍යස්ථානයක් ද වේ. මීට නුදුරින් ඛනිජ ජල උල්පතක් ද ඇත. 1955 දී මෙහි ජනගහනය 11,537ක් විය.
(සංස්කරණය: 1965)