"අලියා බෝට්ටුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වරායක බහුල වශයෙන් නැව් පැමිණෙන විට නැව් කීපයක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

10:11, 31 ජනවාරි 2024 තෙක් සංශෝධනය

වරායක බහුල වශයෙන් නැව් පැමිණෙන විට නැව් කීපයක් වරාය තුළ ළඟ ළඟ නැවැත්වීමට සිදු වෙයි. එවිට නැව්පොළවල් කරා විශාල නැව් ඇද ගෙන යෑමට හා පිටතට ඇදගෙන යෑමට ද අලියා බෝට්ටුව භාවිත වේ. අලියා බෝට්ටුවකින් විශාල නැව් ඉදිරියට හෝ පැත්තට ඇදිය හැක. අවර රෝද එකකට හෝ දෙකකට වඩා නොමැති හෙයින් ලොකු වෙළඳ නැව්වලට ඒ මේ අත හැර වීමේදී විශාල හැරවුම් වටයක් අවශ්‍යය. එහෙත් අලියා බෝට්ටුවේ ඉදිරිකොන (ඇණිය) විශාල නැව් තල්ලු කිරීමට යෝග්‍ය පරිදි ඝන වෙළුම් යොදා සකස් කර ඇති බැවින් විශාල නැව් පටු හැරවුම් වටයක් තුළ දී නිසි අතට හසුරුවා ගැනීමට එය යෙදිය හැකි වේ.

අලියා බෝට්ටුවක දිග සාමාන්‍යයෙන් අඩි 80 සිට 250 දක්වා පමණ වේ. එක් එක් අලියා බෝට්ටුවක් යොදවන කාර්යය අනුව ඊට අශ්ව බල 500 සිට 3,500 දක්වා නිපදවිය හැකි ධූම යන්ත්‍ර හෝ ඩීසල් යන්ත්‍ර සවිකර තිබේ. (ටග් යාත්‍රාව බ.)

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය: ]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලියා_බෝට්ටුව&oldid=4684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි