"නිල් කුරුල්ලා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('Aves වංශයට අයත් පැසෙරිෆෝමීස් ගෝත්‍රයට අයත් ඉරෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:41, 26 පෙබරවාරි 2024 තෙක් සංශෝධනය
Aves වංශයට අයත් පැසෙරිෆෝමීස් ගෝත්‍රයට අයත් ඉරෙනිඩේ පක්ෂියෙකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන නිල් කුරුල්ලන්ගේ සත්ත්ව විද්‍යාත්මක නාමය Irena puella puella (ඉරෙනා පුවෙල්ලා පුවෙල්ලා) වේ. මෙම පක්ෂින් ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාව, ඇසෑමය, බන්දු චීනය හහා මලයාව යන ප්‍රදේශවලට සීමා වී ඇත.
හැඩයෙන් හා ප්‍රමාණයෙන් කහ කුරුල්ලන්ට සමානත්වයක් දක්වන මෙම පක්ෂින් වාසය කරන්නේ කඳුකර කැලෑවල තුරුලතා අතරෙහිය. මොවුහු යුගල් වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් දක්නට ලැබේ. මොවුන් සම්පූර්ණයෙන් ම පාහේ පලතුරු භක්ෂක පක්ෂීන් ය.
ගැහැනු සතුන් හා පැටවුන් දීප්තිමත් නොවූ කොළ පාටට හුරු නිල් පැහැයක් ගන්නා අතර, පරිණත පිරිමි සතුන්ගේ දේහයේ යට පැත්ත තද කළු පැහැයෙන් ද පෘෂ්ඨීය පැත්ත දීප්තිමත් නිල් පැහැයෙන් ද යුක්තය.
මෙම පක්ෂීහු ගස් මුදුන්වල කූඩු සාදති. ඔවුන්ගේ බිත්තර තිත් සහිතය. නිල් කුරුල්ලා ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ පක්ෂියෙකි.
(කර්තෘ: මංගලිකා හෙට්ටිආරච්චි)
(සංස්කරණය නොකළ)