"නුවරලද්දා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මේ නමින් හඳුන්වනු ලබන්නේ සියලු ම අංගෝපාංගයන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:40, 27 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
මේ නමින් හඳුන්වනු ලබන්නේ සියලු ම අංගෝපාංගයන්ගෙන් සමන්විත නගරයක් පාලනයට පත් කළ තැනැත්තා ය.
මෙවන් නිලධාරියකුට පහත සඳහන් අංකවලින් පෝෂණය වූ නගරයක් පාලනය සතුවිය. එනම් සංස්කෘත කතුවරුන් හඳුන්වන අයුරින් පුණ්‍ය කටයුතු කරන තැන්, බමුණු, වනික්, ක්ෂුද්‍ර යන ජනතාවගෙන් යුක්ත වූ ද නොයෙක් ශිල්පයෙහි යෙදුණා වූ සමූහයාගෙන් ද සියලු දේවියන්ගේ ක්‍රියා සම්බන්ධතා ඇත්තා වූ ද බිම් පෙදෙස නගරය යනුවෙන් ය. නගරයක් සාමාන්‍යයෙන් එසේ වුව ද නගරය අභ්‍යන්තර හා බාහිර යනුවෙන් කොටස් දෙකක් විය. ඒ අභ්‍යන්තර හා බාහිර කොටස් අතර ඒ ඒ ස්ථානවල නොයෙක් මුර සෙබළුන්, ආයුධ සන්නද්ධ බළකායයන් සිටියේ ය. මෙවන් නගර පාලනය කිරීම සඳහා පත්වූවෝ නුවරලද්දෝ වූහ.
(කර්තෘ: ජී.එච්. ආරියසේන)
(සංස්කරණය නොකළ)