"නියඳ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සන්සෙව්යෙරියා සේලනිකා (Sansevieria Seylanica) යන විද්‍යාත්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:18, 27 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
සන්සෙව්යෙරියා සේලනිකා (Sansevieria Seylanica) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නියඳ, ලිප්‍රීයාසේ (Liliaceae) කුලයට අයත් වෙයි.
මෙය ශ්‍රි ලංකාවේ ඒකදේශික (endemic) ශාකයකි. දඹුල්ල, කුරුණෑගල වැනි වියළි කලාපයේ පර්වත සහිත ප්‍රදේශවල සුළභව ඇත. නියඳ බහු වාර්ෂික, අකාෂ්ඨ, කෙටි කඳක් සහිතය, ශුෂ්කරූපී වේ. පත්‍ර කඳ මත සර්පිල ලෙස ඉතා ළං ළං ව ඇහිරී ඇත. පත්‍ර ළා කොළ පැහැයක් ගන්නා අතර හරස් අතට වැටුණු තද කොළ පැහැති පටි වැනි සළකුණු සහිතය, දිගටි කිනිසි මෙන් සෘජුව වැඩී ඇත. මාංසලය, ජලය සංචිතව ඇත. පත්‍ර අග තියුණු කණ්ඨක වලින් කෙළවර වේ. පුෂ්ප ඒකාක්ෂ පුෂ්පමංජරිවල (recemose inforecence) හටගනී. පුෂ්ප හටගන්නා වූ නටුව (inflores axis) දිගය, සිලින්ඩරාකාරය, රේඛීය, අතිත්‍රීව්‍ර (acuminate) නිපත්‍ර (bracts) සහිතය. පුෂ්ප ක්‍රමවත් (regular) ය, ද්විලිංගිකය, කෙටි වෘත්ත සහිතය, සුව`දැති පරිපුෂ්පය (perianta) කොටස් 6කින් සමන්විතය, හාවී ඇත. නාලාකාර කොටස කොළ පැහැයට හුරු සුදු පැහැයක් ගන්නා අතර, නලයේ කෙළවර බණ්ඩිකා (linear) රේඛීය සිට අණ්ඩාකාර (ovate) වන හැඩයක් ගනී, බණ්ඩිකාවල අග්‍ර දම්පාටය. පරිපුෂ්පය නීපත්‍රවල ඛණ්ඩිකා පාදයට සම්බන්ධ වී ඇත. පුමංගයෙහි රේණු 6කි. පරාගධානි මධ්‍යදෝලී (versatile) වේ. ඡායාංගයෙහි ඩිම්බකෝෂය උත්තර (superior) වේ. කෝෂ්ඨ 3කි, එක කෝෂඨයක එක බීජය බැගින් ඇත, කීලය සූත්‍රිකා වැනිය, කලංකය කුඩාය, ඵලය ගෝලාකාරය, තද තැඹිලි පැහැයක් ගනී. ශාකයේ සැන්සිව්යරීන් (sansevierine) නැමැති ඇල්කලොයිඩය ඇත. මුල් උපදංශය හා වාපිත් රෝග සඳහා යොදා ගැනේ. මාංසල පත්‍රවලින් කෙඳි ලබාගන්නා අතර, ඒවායින් ලණු, පැඳුරු ආදිය නිෂ්පාදනය කෙරේ.
(කර්තෘ: ඒ. කරුණාසිංහ)
(සංස්කරණය නොකළ)